තමන් ජයග්‍රහණයට කිට්ටු බවට Joe Biden කියන විට තමන් ජයගෙන අවසන් බවට Donald Trump කියයි. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අවුල් ජාලයක (SBS සිංහල/ වාර්තා)

The contest between Joe Biden and Donald Trump is coming down to the wire.

كيف ستحسم المعركة بين ترامب وبايدن؟ Source: SBS News

පසුගිය නොවැම්බර් 03 වන දින පැවති ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර තියුණු සටනක් ඇතිවී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එමෙන්ම Joe Biden සහ Donald Trump යන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම මේ වන විට තමන් ජයග්‍රහණය කරන බව පවසා සිටීමත් සමග මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතිහාසයේ ආන්දෝලනාත්මක සහ තියුණුතම ජනාධිපතිවරණය බවට පත්වී ඇත.
Across The U.S. Voters Flock To The Polls On Election Day
Source: Getty Images North America

2020 නොවැම්බර් 05 ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 10 වන විට

2020 නොවැම්බර් 05 ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 10 වන විට නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව Democratic පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Joe Biden ආසන 264 ක් දිනා ඇති අතර Republican පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Donald Trump ආසන 214 ක් දිනා තිබේ.

Joe Biden ඡන්ද 71,147,885 ක් ලබා 50.3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර Donald Trump ඡන්ද 68,068,770 ක් ලබා 48.1% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.

ආසන 270 ක් ලබාගන්නා ජනාධිපති අපේක්ෂකයා ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව සඳහන්.
US president Donald Trump (right) and Democrat candidate Joe Biden
US president Donald Trump (right) and Democrat candidate Joe Biden Source: Julio Cortez/AP

අපේක්ෂකයින් දෙදෙනා පරස්පර අයුරින් ජයග්‍රහණය ගැන කතා කරයි

මේ වන විට තමන් ජයග්‍රහණයේ මාවතට පැහැදිලිව පිවිස ඇති බවට Democratic පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Joe Biden නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඒ සමග ඇතැම් ප්‍රාන්ත වල ඡන්ද අක්‍රමිකතා සිදුකරමින් Joe Biden ජයගැනීමට උත්සහ කරන බවට Donald Trump ඇතුළු Republican පක්ෂය චෝදනා කරයි.

මේ අතර මීට පැය කිහිපයකට පෙර ධවල මන්දිරයේ දී විශේෂ කතාවක් කරමින් තමන් නිලව වශයෙන් ජනාධිපතිවරණය ජයගත් බවට Donald Trump පැවසීය.

එමෙන්ම මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වල අවසන් තීරණය ගැනීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය ට යොමු කරන බවටද Donald Trump ප්‍රකාශ කර තිබේ.

 


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service