SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ ගිනි අවි පාලනය කිරීමට Donald Trump අත ගහයි.

US President backs tougher background checks for gun owners
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධ නීති පිළිබඳ නැවත විමසුමක් කර ඒවා නිසි පරිදි පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙල තවත් දියුණු කිරීමට ඇමෙරිකානු ජනාධිපති Donald Trump, සෙනට් සභික John Cornyn සමග සාකච්ඡා පැවැත්වූ බව ධවල මන්දිරය පවසයි.

පසුගිය පෙබරවාරි 14 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ Florida  හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඇමෙරිකාවේ ගිනි අවි භාවිතය පිළිබඳ මතුවූ අර්බුදය හමුවේ මෙම සාකච්ඡා පැවැත්විණි.

අදාළ සිදුවීමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

Florida  හි පාර්ක්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි Marjory Stoneman Douglas උසස් පාසලේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වේදී තැබීම සිදු කර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලැබූ 19 හැවිරිදි Nikolas Cruz නැමති තරුණයෙකු විසින් බව මේ වන විට හඳුනා ගෙන තිබේ.

විනය කඩ කිරීමක් හේතුවෙන් ඔහුව පාසලෙන් නෙරපා තිබු බවද වාර්තා වේ.

මේ පිළිබඳ සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන බවත් අදාළ තීන්දු කඩිනමින් ගැනීමට අදහස් කරන බවත් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා Sarah Huckerbee Sanders පවසයි.

Florida පාසලේ වෙඩි තැබීමේ සිදුවීමෙන් අනතුරුව පසුගිය සති අන්තයේ පාසල් සිසුන් විශාල පිරිසක් ඇමෙරිකාවේ ගිනි අවි පාලනය කරන මෙන් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක ද නිරත විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now