ප්‍රවීණ සංගීත ශිල්පියකු වන සෝමපාල රත්නායක මහතා අද (18.7.2017) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම් කාලයේදී අභාවප්‍රාප්ත විය. හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
වික්ටර් රත්නායකයන් ගේ වැඩිමහල් සොයුරා....
සෝමපාල රත්නායක මහතා ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහළු සොයුරායි. සහෝදර සහෝදරියන් 11 දෙනකුගෙන් යුතු පවුලේ ඔහු සිව්වැන්නා විය. ඩී. ජේමිස් රත්නායක හා අබේකෝන් මායාදුන්නේ සුමනාවතී යන මාපියන්ට දාව මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ උපත ලැබූ සෝමපාල රත්නායකයන් කඩුගන්නාව මහා විද්‍යාලයේ දී කේ.එම්.සුගතපාල මහතා යටතේ සංගීතය හැදෑරිය.
සංගීත දිවියේ ඇරඹුම...
1960 දශකයේ දී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙසින් තම වෘතීය ජීවිතය ආරම්භ කලද පසුව සංගීතය කෙරෙහි ඇති නැඹුරුව හේතුවෙන්ම 1968 දී රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධවන සෝමපාල රත්නායකයන් ආර්.ඒ.චන්ද්‍රසේන මහතා යටතේ වැඩිදුර සංගීතය හැදෑරිය.
පසු කලෙක චෙලෝ වාදනයට රුචිකත්වය දැක්වූ සෝමපාල රත්නායකයන් 70 සිට 90 දශක දක්වා මෙරට සියලු සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ චෙලෝ වාදකයා වීමට භාග්‍යය ලැබුවේය. චෙලෝ වාද්‍ය භාණ්ඩය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කරවීමට ඔහු විශාල දායකත්වයක් දරා ඇත.
චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය...
හන්තානේ කතාව සිනමාපටය ඔස්සේ චිත්‍රපට සංගීතයට යොමුවන ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ සිනමා පටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය. මිට අමතරව සාගරයක් මැද, කොටි වළිගය, නොමියෙන මිනිස්සු, අන්තිම රැය, උතුමාණනී, ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වූ චිත්‍රපට අතර විය.
බිළිඳුනේ දරුවනේ (ග්‍රේෂන් ආනන්ද), මලක් නැති ගසක් වී (නිරංජලා සරෝජිනී), අරුන්දතී තාරකාව (වික්ටර් රත්නායක) වැනි ගීත රැසකට තනු නිර්මාණයෙන් ද ඔහු දායක වී ඇත.
චිත්‍රපට 80කට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ සෝමපාල රත්නායකයන් මිය යන විට 69 වැනි වියේ පසුවිය.
අවසන් කටයුතු.....
ඔහුගේ දේහය වත්තල, උස්වැටකෙයියාව පිහිටි නිවසේ තැන්පත් කර ඇත. අවමංගල්‍ය කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
අභාවප්‍රාප්ත සංගීතවේදී සෝමපාල රත්නායක මහතාගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය ඇතුලත් වුනු "හන්තානේ කතාව" චිත්‍රපටයේ ගීතයක් පහත විඩියෝවෙන්
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

