වික්ටෝරියා ප්‍රාන්තය කොරෝනා නොමැතිව දින 28ක ඉලක්කයට ලං වෙද්දී, ක්වීන්ස්ලන්තයත් ටස්මෙනියාවත් සිය දේශ සීමා විවෘත කිරීමට සැරසේ (SBS සිංහල /වාර්තා)

Victoria is one day away from eliminating coronavirus.

Victoria is one day away from eliminating coronavirus. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය මේ වන විට කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවී ක්‍රමයෙන් දින 28ක කාලයකට ලඟා වෙමින් සිටී. මේ වනවිට කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවී ප්‍රාන්තය දින 27ක කාලයක් ගත කොට ඇති අතර පසුගිය පැය 24 ක කාලය තුල සිදු කල පරීක්ෂණ සංක්‍යාව 12,862ක් ලෙස වාර්තා වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


දින 28 ක කාල සීමාව තුල කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවීම එම ප්‍රජාව තුල වෛරසය නොමැති බවට වන සාක්ෂියක් ලෙස සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි. මෙය දින 14ක් වූ කාල සීමාවන් දෙකක් වශයෙන් ගණනය කෙරේ.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද පසුගිය පැය 24ක කාලය තුල කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැති අතර මෙය ප්‍රාන්තය තුල මාස දෙකකට පමණ පසු කිසිදු ආසාදිතයකු වාර්තා නොවූ ප්‍රථම අවස්ථාව ලෙස සැලකේ.

වික්ටෝරියා ප්‍රාන්තය සිය හෝටල් නිරෝධායන කටයුතු නැවතත් දෙසැම්බර් මස 7 වනදා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews විසින් Home quarantine හෙවත් නිවාස නිරෝධායනය සඳහා වන විකල්පය බැහැර කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ වික්ටෝරියා ප්‍රාන්තය, හෝටල් පදනම් කරගත් නිරෝධායන වැඩසටහනක් ක්‍රියාත්මක කරන නමුත් එය මීට පෙර පැවති තත්වයට වඩා වෙනස් වන බවයි. එමෙන්ම හෝටල් නිරෝධායනය පවත්වාගෙන යන අයුරු පිළිබඳව ජාතික කැබිනට් මණ්ඩලයේ සම්මුතියක් නොමැති අතර දේශසීමා වසාදැමීම තවදුරටත් සිදු කිරීමට තමා අකමැති බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

මේ වන විටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශසීමා වික්ටෝරියා ප්‍රාන්තයට විවෘතව පවතින අතර ක්වීන්ස්ලන්තය සහ ටස්මෙනියාවද ඉදිරි දින වලදී වික්ටෝරියා ප්‍රාන්තයට සිය දේශසීමා විවෘත කරන බව සඳහන් කොට තිබේ. මේ අනුව ටස්මේනියා ප්‍රාන්තය නොවැම්බර් 27 වනදා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දෙසැම්බර් 01 වනදා, වික්ටෝරියා ප්‍රාන්තයට සිය දේශසීමා විවෘත කිරීමට නියමිතයි.

තම දේශසීමා දෙසැම්බර් මස 01 වැනිදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට විවෘත කරන බවට සඳහන් කිරීමෙන් දිනකට පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සඳහන් කලේ වික්ටෝරියා ප්‍රන්තයටද සිය දේශසීමා විවෘත කරන බවයි. ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ABC පුවත් සේවය වෙත පවසා ඇත්තේ පාසල් නිවාඩු සහ නත්තල් සමයේදී මෙම ප්‍රාන්ත දෙකෙහිම වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Gold Coast, Cairns සහ Whitsundays වැනි ප්‍රදේශ වලට සංචාරය කල හැකිවන අතර එය තම ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා රුකුලක් වන බවයි.

මේ අතර වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවර ගිම්හාන සෘතුව වික්ටෝරියා ප්‍රාන්තය තුලම ගත කරමින් ප්‍රාන්ත ව්‍යාපාර සඳහා සහායක් වන ලෙසයි. එමෙන්ම මෙම වාතාවරණය ගොඩනැගීම සඳහා වික්ටෝරියානු වැසියන් විශාල කැපකිරීමක් සිදු කොට ඇති බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.


දකුණු ඔස්ට්‍රේලියාවේ ඇති වූ කොරෝනා පොකුර සම්බන්ධයෙන් තම ප්‍රාන්ත බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන අතර එම දේශසීමා පිළිබඳවද ඉක්මනින්ම ක්‍රියාමාර්ගයකට පැමිණෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Jeannette Young සඳහන් කර සිටී.

 

දකුණු ඕස්ට්‍රේලියාවේ Parafield කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින්
මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ Parafield කොරෝනා පොකුරට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතන් දෙදෙනකු අද (26) වාර්තා වී තිබේ. මොවුන්ගෙන් එක් ආසාදිතයකු Woodville උසස් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක බව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි Nicola Spurrier සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ මෙම ශිෂ්‍යාව පසුගිය 14 වැනිදා Woodville Pizza Bar වෙත ගොස් ඇති අතර එහිදී වෛරසයට නිරාවරණය වී ඇති බවයි.
A file photo of South Australian Chief Public Health Officer Dr Nicola Spurrier.
A file photo of South Australian Chief Public Health Officer Dr Nicola Spurrier. Source: AAP
එමෙන්ම මෙම ශිෂ්‍යාව පසුගිය සඳුදා Woodville උසස් පාසැල වෙත ගොස් ඇති අතර මේ හේතුවෙන් එම පාසලේ ශිෂ්‍යයින්, ගුරුවරුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ද හුදකලා කාලසීමාවකට යටත් කොට තිබේ. මේ වන විට පිරිසිදු කිරීම් කටයුතු සඳහා පාසැල වසා දමා තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


සෙසු අසාදිත පුද්ගලයා වයස අවුරුදු 40ක පමණ වන මීට පෙර හමුවූ කොරෝනා ආසාදිතයකුගේ සමීපතමයකු වන අතර ඔහු හඳුනාගන්නා අවස්ථාවේ හුදකලා කාලසීමාවක සිට තිබේ. මේ අනුව මේ වන විට Parafield කොරෝනා පොකුර ආසාදිතයින් 31ක් දක්වා වර්ධනය වී ඇති අතර ප්‍රාන්තය තුල පුද්ගලයින් 4,800ක් පමණ නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.

 


ලිහිල් වන ටස්මේනියානු දේශසීමා නීති
ටස්මේනියානු දේශසීමා, වික්ටෝරියානු ප්‍රාන්තයට විවෘත වන්නේ මාස 8කට පමණ පසුවයි. කොරෝනා වෛරසය ප්‍රාන්තය තුල මැඩලීමේ කාර්යය පැසසුමට ලක් කරමින් ටස්මේනියානු අග්‍රාමාත්‍ය Peter Gutwein සඳහන් කරන්නේ වික්ටෝරියානුවන් පිළිගැනීමට තම ප්‍රාන්තය සුදානමින් සිටින බවයි.

මේ අනුව සංචාරකයින් සඳහා අනිවාර්ය වන සෞක්‍ය පරීක්ෂණයකට මුහුණ දෙමෙන් අනතුරුව වික්ටෝරියානු වැසියන් ටස්මෙනියාවට ඇතුල්වීමට 27 වැනිදා සිට අවකාශය හිමි වේ.


Share

Published

Updated

By SBS News, Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service