SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයට පෙබරවාරි 04 සිට යළි කොරෝනා නීති පැනවෙයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් ගෘහාශ්‍රිතව ඒකරාශිවීම් 15 දෙනෙකු දක්වා සීමා කිරීම සහ පොදු ගෘහස්ත ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම යන නීති බලාත්මකයි.

Federation Square
Victoria has received 4,000 places for its skilled nomination visa program. Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධයනයේ යෙදී සිටි සේවකයෙකු හට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට සනාථ වීම හේතුවෙන් ප්‍රාන්තය තුල අත්හිටුවා තිබු ඇතැම් කොරෝනා නීති යලි බලාත්මක කිරීමට ප්‍රාන්ත රජය තීරණය කරයි.

Australian Open ටෙනිස් තරඟාවලියේ හෝටල් නිරෝධයන රාජකාරී වල යෙදී සිටි 26 හැවිරිදි සේවකයෙකු හට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (03Feb) රාත්‍රියේදී සනාථ වුනු බව වික්ටෝරියානු සෞඛ්‍ය අංශය විසින් විසින් දැනුම් දී සිටී.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම පුද්ගලයා Noble Park ප්‍රදේශයේ වාසය කරන පුද්ගලයෙකු වන හෙයින් කොරෝනා වෛරසය නිරාවරණය වී ඇති, Noble Park, කිස්බෝරෝ, ස්ප්‍රින්වෙල් , බ්‍රයිටන්, බ්‍රෙන්ඩන් පාර්ක් සහ හෙදර්ටන් යන ප්‍රදේශ සඳහා කොරෝනා අනතුරු ඇඟවීම් නිකුත්කොට තිබේ.

ඒ අනුව යමින් ඊයේ (03 Feb) මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් ගෘහාශ්‍රිතව ඒකරාශිවීම් 15 දෙනෙකු දක්වා සීමා කිරීම සහ පොදු ගෘහස්ත ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම යන නීති බලාත්මකයි.


 SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


එසේම ලබන සඳුදා සිට (8 Feb) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ 75% ක සේවක පිරිසක් නැවත සේවා ස්ථාන වලට කැඳවීම සඳහා වන සැලැස්ම තාවකාලිකව අත්හිටුවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කොට තිබේ.

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක 50% ක සේවක පිරිසක් නැවත සේවා ස්ථාන වලට කැඳවීමේ නීතිය පවත්වාගෙන යාමට තීරණය වී තිබේ.

සංසුන්ව සිටින ලෙසත්, සුළු රෝග ලක්ෂණ පහල වුවද ක්ෂණිකව පරික්ෂා කිරීම් වලට බඳුන්වන ලෙසටත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති මහජනතාවගෙන් ඉල්ලා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now