ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා එන්නත් ලබාගන්නා පළමු කණ්ඩායමට ඒවා ලබාගැනීම සඳහා රජයේ රෝහල් වල එන්නත්කරණ මධ්‍යස්ථාන 9 ක් පිහිටුවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා එන්නත් ලබාගන්නා පළමු කණ්ඩායමට ඒවා ලබාගැනීම සඳහා රජයේ රෝහල් වල එන්නත්කරණ මධ්‍යස්ථාන 9 ක්
- වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු කණ්ඩායමට කොරෝනා එන්නත ලබාදෙන දින වකවානු පිළිබඳ තවම අනාවරණය කර නොමැත
- ඔස්ට්‍රේලියාවේ මුලින්ම ලබාදීමට නියමිතව ඇත්තේ Pfizer කොරෝනා එන්නත වේ
එම එන්නත්කරණ මධ්‍යස්ථාන මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ සහ ප්‍රාදේශීය වික්ටෝරියා කලාපයේ විහිදෙන ලෙස ස්ථාපනය කර ඇත.
එයින් ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් හට කොරෝනා එන්නත් ලබා දීම මෙල්බර්න් කලාපයේ Western, Monash සහ Austin රෝහල් වලත් ප්‍රාදේශීය කලාපයේ Bendigo, Ballarat සහ Albury රෝහල් වලත් සිදුකෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley ABC පුවත් වෙත පැවසීය.
කෙසේනමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු කණ්ඩායමට කොරෝනා එන්නත ලබාදෙන දින වකවානු පිළිබඳ තවම අනාවරණය කර නොමැත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු කණ්ඩායමට කොරෝනා එන්නත ලබාදෙන මධ්‍යස්ථාන 9
- Western Health
- Austin Health
- Monash Health
- Barwon Health
- Goulburn Valley Health
- Latrobe Health
- Bendigo Health
- Ballarat Health
- Albury-Wodonga Health

කොරෝනා එන්නත ලබාදෙන පළමු කණ්ඩායම
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාදෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ පළමු කණ්ඩායම ලෙස පහත සඳහන් පිරිස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දක්වා තිබේ.
- ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්
- කොරෝනා පරීක්ෂණ මධ්‍යස්ථාන වල සේවකයින්
- aged care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින් සහ ඒවායේ සේවකයින්
- disability care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින් සහ ඒවායේ සේවකයින්
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ඉහත සඳහන් කළ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදුන් සැනින් පළමු කණ්ඩායමට එන්නත ලබා දෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
පෙබරවාරි අග වන විට එය සිදුවේ යයි තමන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
ඔස්ට්‍රේලියාවේ මුලින්ම ලබාදීමට නියමිතව ඇත්තේ Pfizer කොරෝනා එන්නත වේ.
එය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සිදුකළ යුත්තේ සෙල්සියස් අංශක ඍණ 70 උෂ්ණත්වයක බැවින් ඒ සඳහා විශේෂිත උපකරණ සහ විශේෂිත බෙදාහැරීමේ ක්‍රම අවශ්‍ය බවත් ඒවා මධ්‍යම රජය විසින් සපයන බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
එම එන්නත් තොග වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ මධ්‍යස්ථාන 9 ට ලැබුණු පසු ඒවා ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ වගකීම ඇත්තේ ප්‍රාන්ත රජයට බවද ඔහු පැහැදිලි කළේය.

