ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ආයතන විසින් පළ කරන ප්‍රවෘත්ති Google විසින් පළ කරනවානම් ඒ සඳහා Google සමාගම විසින් අදාළ ඔස්ට්‍රේලියානු ආයතන වෙත මුදල් ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොකඩවා Google සමාගමට පීඩනයක් එල්ල කරමින් සිටියි.
එසේවුවහොත්, තම Google සෙවුම් යන්ත්‍රය ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කරගන්නා බවට Google සමාගම තර්ජනය කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
"ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම යෝජනාව ඉදිරියට ගියහොත් Google සෙවුම ඔස්ට්‍රේලියාවේ ලබා දීම නැවැත්වීම හැර අපට වෙනත් විකල්පයක් නැත" යනුවෙන් Google Australia හි කළමණාකරන අධ්‍යක්ෂ Mel Silva පැවසීය.
නමුත් තමන් තර්ජනයන්ට ප්‍රතිචාර නොදක්වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

Highlights
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය Google වේ.
- එයට ඔස්ට්‍රේලියාවේ වෙබ් සෙවුම් වෙළඳපොළෙන් 94% ක් ඇත.
- ඔස්ට්‍රේලියාවේ දෙවැනි ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ලෙස Bing හැඳින්වේ.
Google සෙවුම ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කළහොත් කුමක් වේද?
Google සෙවුම (Google Search) ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කරගන්නා බවට Google සමාගම යෝජනා කිරීමෙන් අදහස් කරනුයේ ඔස්ට්‍රේලියාවට වෙනත් සෙවුම් යන්ත්‍ර භාවිතයෙන් අන්තර්ජාලයේ සෙවීම් (search) කළ යුතු බවය.
මෙය සැබවින්ම ක්‍රියාවට නැන්වුවහොත් ඔස්ට්‍රේලියනුවාසීන්ට google.com සහ google.com.au හරහා අන්තර්ජාලයේ කිසිවක් සෙවීමට නොහැකිවේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Google යනු web search එකක් පමණක් නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
Google හි මව් සමාගම වන Alphabet Inc විසින් YouTube වැනි ප්‍රධාන වෙබ් පොටලයන් ක්‍රියාත්මක කරන අතර Gmail, Google Calendar, Google Docs සහ Google Maps වැනි විවිධ ඵලදායී මෙවලම් ද ක්‍රියාත්මක කරයි.
Google සෙවුම (Google Search) ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කළද එම මෙවලම් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළෙන් ඉවත් නොකෙරෙන බව වාර්තා වේ.
Google ප්‍රමුඛයා වන අන්තර්ජාල වෙළඳ ප්‍රචාරණය යනු මුදල් උපයන තවත් අංශයකි.
ඔස්ට්‍රේලියාවෙන් Google වෙබ් සෙවුම ඉවත් කිරීමෙන් ව්‍යාපාරවලට තවදුරටත් Google සේවාවන් භාවිතා කරමින් දැන්වීම් පළ කළ නොහැකි බවක් අදහස් නොකරයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ Google සෙවුමක් නොමැති බැවින්, එම දැන්වීම් වෙනත් සෙවුම් ප්‍රතිඵල වලට වඩා ඉදිරියෙන් නොපවතින අතර ඔස්ට්‍රේලියානු පරිශීලකයින් විසින් එය නැරඹිය හැකිය.
Google Ads සේවාව භාවිතා කරන ඔස්ට්‍රේලියානු වෙබ් අඩවි වල දැන්වීම් පළ කිරීමට ව්‍යාපාරිකයන්ට තවමත් හැකි වේ.

Google වෙනුවට ඇති විකල්ප
ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය Google වේ.
එයට ඔස්ට්‍රේලියාවේ වෙබ් සෙවුම් වෙළඳපොළෙන් 94% ක් ඇත.
එනමුත් තවත් වෙබ් සෙවුම් යන්ත්‍ර ක්‍රියාත්මක වේ.
ඔස්ට්‍රේලියාවේ දෙවැනි ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ලෙස Bing හැඳින්වේ.
එය Microsoft ආයතනය විසින් නිෂ්පාදනය කළ එකක් වන් අතර Windows operating system සහ Office tools වැනි Microsoft නිෂ්පාදන සමග බොහෝ විට එය ඒකාබද්ධ වේ.
Yahoo යනු තවත් විකල්පයක් වන නමුත් එයට ඔස්ට්‍රේලියාව තුළ එතරම් ජනප්‍රියතාවක් හිමිවී නැත.
තමන්ගේ ම ප්‍රවෘත්ති සහ ඊමේල් සේවාවක් Yahooවෙත තිබේ.

DuckDuckGo
තවත් විකල්පයක් ලෙස DuckDuckGo සෙවුම් යන්ත්‍රය හැඳින්විය හැකිය.
එය භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම නිසා DuckDuckGo සෙවුම් යන්ත්‍රය ඔස්ට්‍රේලියානුවාසීන් අතර ජනප්‍රිය බවින් ඉහළ යමින් පවතී.
එමෙන්ම Google සහ Microsoft වෙබ් සෙවුම් සිදුකරනවා සේ DuckDuckGo විසින් පරිශීලකයින් ගේ සෙවුම් මතකයේ ගබඩා කරගැනීමක් හෝ ඔවුන්ගේ පද්ධතිය සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා නිරීක්ෂණය කිරීමක් සිදු නොකරයි.
DuckDuckGo හි සෙවුම් ප්‍රතිඵලවල ගුණාත්මකභාවය කාලයත් සමඟ වැඩිදියුණු වී ඇති අතර එය දැන් වඩාත් ජනප්‍රිය සෙවුම් යන්ත්‍ර සමඟ සැසඳිය හැකිය.
දිනකට මිලියන 90 කට වැඩි අන්තර්ජාල සෙවුම් DuckDuckGo හට සිදුකළ හැකි බව ඔවුන් පවසයි.
පසුගිය වසරේ මේ කාලය වන විට එම ප්‍රමාණය පැවතියේ මිලියන 51 ක් ලෙසිනි.

Ecosia
තවත් වැදගත් සහ විකල්ප වෙබ් සෙවුම් යන්ත්‍රයක් ලෙස Ecosia හැඳින්වේ.
තිරසාරභාවය සහ ධනාත්මක දේශගුණික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරන බැවින් මෙය අද්විතීය වේ.
සෙවුම් දැන්වීම් මගින් ලැබෙන ආදායම ලොව පුරා ප්‍රධාන ප්‍රදේශවල ගස් සිටුවීම සඳහා නැවත ආයෝජනය කිරීම එහි මූලික අරමුණ වේ.
තමන් හට මිලියන 15 ක් භාවිතා කරන්නන් සිටින බවත් ඔවුන් විසින් ගස් මිලියන 100 කට වඩා සිටුවීමට දායක වී ඇති බවත් එය සෑම තත්පරයකටම 1.3 ක් පමණ වන බවත් Ecosia පවසයි.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

