පර්ත් මෙට්‍රොපොලිටන් කලාපයට සහ ඊට ආසන්න Peel හා නිරිතදිග කලාපයට ඊයේ (31/01) පස්වරු 6 සිට දින 5 ක් දක්වා lockdown නීති පනවා තිබේ.
මාස 10 කට පමණ පසුව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු හමුවීම ඊට හේතුව වී ඇත.
පර්ත් නුවර Sheraton Four Points හෝටලයේ ක්‍රියාත්මක නිරෝධායන වැඩසටහනේ ආරක්ෂක සේවයේ නියුතු සේවකයකු කොරෝනා වයිරසයට ධනාත්මක වී ඇති බවට තහවුරු වීමත් සමග මෙම තීරණය ගැනුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
20 වන වියෙහි පසුවන මෙම පුද්ගලයා ආ ගිය ස්ථාන කිහිපයක්ම මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
අදාළ සේවකයාට ආසාදනය වී ඇත්තේ වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති එක්සත් රාජධානි නව කොරෝනා වයිරස් ප්‍රභේදය බවට බලධාරීන් සැකකරන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ජනගහනයෙන් 80% ක්ම වාසය කරනුයේ පර්ත් මෙට්‍රොපොලිටන් කලාපයේ, Peel හා නිරිතදිග කලාපයේ බවද සඳහන්.

Highlights
- පර්ත් මෙට්‍රොපොලිටන් කලාපයට සහ ඊට ආසන්න Peel හා නිරිතදිග කලාපයට ඊයේ (31/01) පස්වරු 6 සිට දින 5 ක් දක්වා lockdown නීති පනවයි.
- ප්‍රාන්ත රජය වහාම ආශ්‍රිතයින් ලුහුබැඳ යාම ආරම්භ කර ඇත.
- පර්ත් මෙට්‍රොපොලිටන් කලාපය, Peel සහ නිරිතදිග කලාප කොරෝනා මර්මස්ථාන ලෙස Northern Territory, A-C-T, ක්වීන්ස්ලන්ත හා වික්ටෝරියා ප්‍රාන්ත විසින් නම් කර තිබේ.
ආශ්‍රිතයින් ලුහුබැඳ යාම වේගයෙන් සිදු කරයි
ප්‍රාන්ත රජය වහාම ආශ්‍රිතයින් ලුහුබැඳ යාම ආරම්භ කර ඇති අතර කොරෝනා පරීක්ෂණ ද සිදුකිරීම වේගවත් කරන බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
අදාළ සේවකයාගේ සමීප ආශ්‍රිතයින් අතර කොරෝනා ආසාදිතයින් සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
අදාළ සේවකයා හට කොරෝනා රෝග ලක්ෂණ මතුව ඇත්තේ ජනවාරි 28 වන දින වන අතර ජනවාරි 26 හා 27 දිනවල ඔහු පැය 12 සේවා මුර දෙකක් සම්පූර්ණ කළ බව වාර්තා වේ.
ඔහු අසනීපයෙන් දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එතැන් සිට නිරෝධායන මධ්‍යස්ථානයේ වැඩට ගොස් නැති බවද සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
අදාළ ආරක්ෂක සේවකයා දෙවැනි රැකියාවක් ලෙස rideshare මාදිලියේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරන නමුත් නිරෝධායන මධ්‍යස්ථානයේ ඔහුගේ අවසන් සේවා මුරයෙන් අනතුරුව ඔහු කුලී රථය පදවා නොමැති බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
එම පුද්ගලයා ආ ගිය ස්ථාන කිහිපයක්ම මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ පිළිබඳ පූර්ණ තොරතුරු මෙතනින් ලබාගත හැකිය.
කිසියම් පුද්ගලෙයකු එම ස්ථාන වෙත අදාළ දිනවලදී ගොස් ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර තම ප්‍රතිඵල පැමිණෙන තෙක් නිවසේ ස්වයං නිරෝධායනය විය යුතු බව ප්‍රාන්ත රජය දන්වා සිටියි.

පනවා ඇති lockdown නීති
lockdown නීති පනවා ඇති කලාප වල වැසියන්ට ඉදිරි දින 5 තුළ පහත සඳහන් ප්‍රධාන හේතු 4 ට හැර නිවසින් බැහැරව යා නොහැකිය.
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම
- සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් ලබාගැනීම
- තම අසල්වැසි ප්‍රදේශයේ පමණක් ව්‍යායාම කිරීම (එක් දිනකට එක් පුද්ගලයකු සමග පමණක් පැයක කාලයක් අවසර ලැබේ)
- නිවසේ සිට රාජකාරී කිරීමට නොහැකි නම් රැකියා සඳහා යාම
අද (01/02) සිට ආරම්භ වීමට නියමිතව තිබූ පාසල් වසා දමා තිබේ.
කායවර්ධන මධ්‍යස්ථාන, Hospitality ස්ථාන, ක්‍රීඩා ස්ථාන, ක්‍රීඩා පිටි සහ ආගමික ස්ථාන වසා දමා තිබේ.
Takeaway සේවාවන් සඳහා පමණක් අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
පුද්ගලයින් 10 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
ඉදිරි දින 5 තුළ විවාහ මංගල උත්සව පැවැත්වීම අවලංගු කළ යුතුය.
අවසරලත් හේතුවක් නොමැතිව රෝහල් සහ aged care මධ්‍යස්ථාන වලට අමුත්තන්ට පිවිසීම තහනම්ය.
නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ වෙනත් කලාපයකින් පැමිණ මේ වන විට පර්ත් කලාපයේ යමෙකු සිටී නම් lockdown කාලය නිමවන තෙක් පිටවිය නොහැකිය.
පර්ත් වැසියන් මේ වන විටත් සුපිරි වෙළඳසල් වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ උමතුවෙන් මෙන් මිලදී ගන්නා බව වාර්තා වන අතර එසේ සිදු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් මෙට්‍රොපොලිටන් කලාපය, Peel සහ නිරිතදිග කලාප කොරෝනා මර්මස්ථාන ලෙස Northern Territory, A-C-T, ක්වීන්ස්ලන්ත හා වික්ටෝරියා ප්‍රාන්ත විසින් නම් කර තිබේ.

