SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Parent වීසා සඳහා මධ්‍යම රජයෙන් තාවකාලික සහනයක් (SBS සිංහල/ වාර්තා)

විදේශයන්හි සිට Parent වීසා සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තාවකාලික සහන යටතේ ඒවා ලබා ගැනීම සඳහා තවදුරටත් ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට සිදු නොවේ.

Parent Visa
Source: Getty Images/ Pixabay/ Home Affairs/ SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ Parent වීසා හෙවත් දෙමාපිය වීසා සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තාවකාලික සහනයක් ලබාදී ඇත.

ඒ අනුව කොරෝනා වසංගතය පවතින කාලයේදී තමන්ගේ Parent වීසා අනුමත වීම සඳහා අදාළ අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට දැන් අවශ්‍ය නොවේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට බලකෙරෙන වීසා බලපත්‍ර අයදුම්කරුවන්ගේ අවශ්‍යතා ලිහිල් කිරීමේ තවත් තාවකාලික පියවරක් මෙම තීරණය සඳහන් වේ.

ඔස්ට්‍රේලියාවේ Parent වීසා අනුමත වීමට ඉතා දීර්ග කාලයක් ගතවන බැවින් අදාළ දෙමාපියන් සංචාරක වීසා යටතේ තම දරු මුණුබුරන් හා එක්වීමට ඔස්ට්‍රේලියාවට පැමිණීම ඉතා ප්‍රසිද්ධ සිදුවීමකි.


Highlights

  • Parent වීසා අනුමත වීම සඳහා අදාළ අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට දැන් අවශ්‍ය නොවේ
  • මෙම සහනය බලාත්මක වන Parent වීසා ඛාණ්ඩ වර්ග 3 කි
  • වීසා බලපත්‍රලාභීන්ට COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොකඩවා අවධානය යොමු කරන බව ආගමන කටයුතු පිළිබඳ ඇමති පවසයි

මෙම සහනය බලාත්මක වන වීසා ඛාණ්ඩ වර්ග

පහත සඳහන් වීසා ඛාණ්ඩ සඳහා තම අයදුම්පත්‍රය විදේශයන්හි සිට යොමු කළ අයදුම්කරුවන්ට මෙම සහනය ලැබෙන බව සඳහන්.

  • Parent (subclass 103) වීසා
  • Contributory parent (subclass 173) වීසා
  • Contributory parent (subclass 143) වීසා

COVID-19 වසංගතයට සම්බන්ධ දේශසීමා වැසීම සහ නිරෝධායන අවශ්‍යතා නිසා බොහෝ දෙනෙකුට තවදුරටත් නිදහසේ විදේශ ගත විය නොහැකි බවට අදාළ අයදුම්කරුවන් කණස්සල්ල පළ කර තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රලාභීන්ට COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොකඩවා අවධානය යොමු කරන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now