SKIP TO MAIN CONTENT

කොරෝනා එන්නත ලබා දීම පිළිබඳව ඔස්ට්‍රේලියානුවාසීන්ට ඇති ගැටළු විසඳීම සඳහා නව ජාතික වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් (SBS සිංහල/ වාර්තා)

කොරෝනා එන්නත ලබා දීම සම්බන්ධව ඔස්ට්‍රේලියානුවන්ට ඇති ගැටළු විසඳීම සඳහා නව ජාතික වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කෙරේ.

A woman receives her first dose of the COVID-19 vaccine.
A woman receives her first dose of the COVID-19 vaccine. Source: AAP

2 min read

Published

Updated

By SBS News, Madhura Seneviratne

Source: SBS



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත ලබා දීම සම්බන්ධව ඔස්ට්‍රේලියානුවාසීන්ට ඇති ගැටළු විසඳීම සඳහා නව ජාතික වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්, සංක්‍රමණික ප්‍රජාව සහ ආබාධිත පුද්ගලයින් මෙහිදී මූලික ඉලක්කගත කණ්ඩායම් වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පසුගිය සඳුදා (25/01) දිනයේදී ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් Pfizer කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට තාවකාලිකව අනුමැතිය ලබා දුන්නේය.

ඒ අනුව කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාව තුළ ලබා දීම එළඹෙන පෙබරවාරි මස අග භාගයේ පටන් ආරම්භ වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සඳහන් කළේය.


Highlights

  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්, සංක්‍රමණික ප්‍රජාව සහ ආබාධිත පුද්ගලයින් මෙහි මූලික ඉලක්කගත කණ්ඩායම් වේ
  • කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාව තුළ ලබා දීම එළඹෙන පෙබරවාරි මස අග භාගයේ පටන් ආරම්භ වේ
  • කොරෝනා එන්නත් පිළිබඳ තොරතුරු ආදිවාසී ප්‍රජාවන්ට, සංක්‍රමණික ප්‍රජාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට ලබා ගත හැකි බව සහතික කිරීමට විශේෂ කමිටු පිහිටුවා ඇත

නව ජාතික වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය

වැඩිහිටියන්, ආබාධිත තත්ත්වයේ සිටින ඔස්ට්‍රේලියානුවන් සහ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ඇතුළු ප්‍රමුඛ පෙළේ පිරිස් වෙත කොරෝනා එන්නත ලබාදෙන්නේ කෙදිනද, කෙලෙසද සහ කිනම් ස්ථාන වලද යන තොරතුරු මෙම නව ජාතික වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ඉදිරිපත් කෙරේ.

කොරෝනා එන්නත් පිළිබඳ තොරතුරු ආදිවාසී ප්‍රජාවන්ට, සංක්‍රමණික ප්‍රජාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා විශේෂ කමිටු ද පිහිටුවා ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔස්ට්‍රේලියාව දැනට ලෝකයේ වැඩිම එන්නත් ලබා ගැනීමේ රටක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

"ඔස්ට්‍රේලියාවේ ඉහළ එන්නත් ආවරණ අනුපාතයන්ට අනුව, ඔස්ට්‍රේලියානුවන් ඒ හා සමානව ඉහළ හා ආරක්ෂිත COVID-19 එන්නත ලබා ගනු ඇතැයි මට විශ්වාසයි." යනුවෙන් ඔහු පැවසීය.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරය හරහා සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම කොරෝනා එන්නත ක්‍රියාත්මක වන ආකාරය සහ එය ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ අය ආරක්ෂාකාරීව තබා ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාරී වන බවද ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් ලබා දීමේ ප්‍රමාදයන් පිළිබඳ වාර්තා වන පුවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රතික්ෂේප කර තිබේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now