කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ ලෝකයේ හොඳම රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවත් (SBS සිංහල/ වාර්තා)

කොරෝනා වසංගතය ලොව හොඳින්ම පාලනය කළ රට ලෙස නවසීලන්තය පත්වන විට ඔස්ට්‍රේලියාව 8 වන තැනටත් ශ්‍රී ලංකාව 10 වන තැනටත් පත්වී තිබේ.

Sri Lankans become the 10th largest ethnic group in Australia

Source: Pixabay/ David_Peterson

කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ ලෝකයේ අංක එකේ රට බවට නවසීලන්තය පත්වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලයක් වන Lowy Institute විසින් සිදුකරන ලද මත සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවේ 8 වන ස්ථානයටත් ශ්‍රී ලංකාව 10 වන ස්ථානයටත් පත්වී තිබීම විශේෂත්වයකි.


Highlights

  • කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ ලෝකයේ අංක එකේ රට බවට නවසීලන්තය පත්වෙයි
  • ඔස්ට්‍රේලියාවට 8 වන තැනත්, ශ්‍රී ලංකාවට 10 වන තැනත් හිමිවේ
  • කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ලොව අසාර්ථකම රටවල් ලෙස ඇමෙරිකාව, බ්‍රසීලය, ඉරානය සහ මෙක්සිකෝව නම් කෙරේ

කොරෝනා වසංගතය ලොව සාර්ථකව පාලනය කළ රටවල් 10

  1. නවසීලන්තය
  2. වියට්නාමය
  3. තායිවානය
  4. තායිලන්තය
  5. සයිප්‍රසය
  6. රුවන්ඩාව
  7. අයිස්ලන්තය
  8. ඔස්ට්‍රේලියාව
  9. ලැටීවියාව
  10. ශ්‍රී ලංකාව

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

කල් ඇතිව තම දේශ සීමා වසා දැමීම සහ තත්ත්වයෙන් උසස් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබීම කොරෝනා වසංගතය ලොව හොඳින්ම පාලනය කළ රටවල පොදු ලක්ෂණ බව Lowy ආයතනයේ පර්යේෂක Herve Lemahieu පැවසුවේය.

සමීක්ෂණයේ පසුබිම

ඔස්ට්‍රේලියාවේ Lowy ආයතනය මෙම සමීක්ෂණය සඳහා ලොව රටවල් 98 ක් යොදාගෙන තිබුණි.

ඒ ඒ රටවල 100 වන කොරෝනා ආසාදිතයා වාර්තා වූ පසු සති 36 තුළ ඔවුන් කොරෝනා වසංගතය පාලනය කළ ආකාරය මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ අඩු රටවල් මෙන්ම කොරෝනා පරීක්ෂණ අනුපාත ඉහළ මට්ටමක පවතින රටවල් ද එහිදී විනිශ්චයට ලක්විය.

කොරෝනා පරීක්ෂණ පිළිබඳ ප්‍රසිද්ධ දත්ත නොමැති වීම හේතුවෙන් චීනය මෙම ශ්‍රේණිගත කිරීම්වලින් බැහැර කරන ලදී.

ඒ අනුව කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් විශාල වශයෙන් ආසියා - පැසිෆික් කලාපයේ රටවල් බව මේ හරහා පෙනී ගොස් ඇත.

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ලොව අසාර්ථකම රටවල්

කොරෝනා වසංගතය පාලනය කිරීමේදී ලොව අසාර්ථකම රටවල් ලෙස ඇමෙරිකාව, බ්‍රසීලය, ඉරානය සහ මෙක්සිකෝව හඳුනාගෙන තිබේ.

අනෙකුත් රාජ්‍ය විධි සමග සැසඳීමේ දී එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වසංගතය පාලනය කිරීමේදී සුළු වශයෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත්හ.

යුක්රේනය සහ බොලිවියාව වැනි දෙමුහුන් රාජ්‍ය ආකෘතියක් ඇති රටවල අවම වශයෙන් කොරෝනා වයිරසය පැතිරී ගිය ආකාරයක් වාර්තා වේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


2 min read

Published

Updated

By Rashida Yosufzai, Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now