ජනවාරි 29 දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති සහ මුව ආවරණ පැළඳීමේ නීති ලිහිල් කෙරේ (SBS සිංහල/ වාර්තා)

ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 10 වන දිනය පසු කරයි.

NSW Premier Gladys Berejiklian.

NSW Premier Gladys Berejiklian. Source: AAP

ගෘහස්ථව හා එළිමහනේ ජනයා ඒක රාශිවීම් පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමටත් මුව ආවරණ පැළඳීමේ නීති ඉවත් කිරීමටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 10 වන දිනය පසු කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.


 

Highlights

  • ජනවාරි 29 දා සිකුරාදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කෙරේ
  • නිවසට ගෙන්විය හැකි උපරිම අමුත්තන් පිරිස 30 කි
  • සාප්පු වෙත යාමේදී අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීමේ නීති ඉවත් කර තිබේ

ජනවාරි 29 දා සිකුරාදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා නීති ලිහිල් කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථව හා එළිමහනේ ජනයා ඒක රාශිවීම් පිළිබඳ සහ උත්සව සඳහා පනවා ඇති කොරෝනා නීති ජනවාරි 29 දා සිකුරාදා සිට ලිහිල් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එම ලිහිල් කිරීම් පහත පරිදි වේ.

  • නිවසට ගෙන්විය හැකි උපරිම අමුත්තන් පිරිස 30 කි
  • ගෙමිදුලේ ඇතුළු එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 50 කි
  • විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 300 කි
  • ආයතනික උත්සව, ආගමික උත්සව සහ hospitality ස්ථාන සඳහා රැස්විය හැකි උපරිම සීමාව ඉවත් කෙරෙන අතර වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය, තවත් සති දෙකකින් වර්ග මීටර් 2 ට එක් පුද්ගලයෙකු බැගින්ලෙස සංශෝධනය කිරීමට අදහස් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Greater Sydney කලාපය

Greater Sydney කලාපයට පනවා ඇති මුව ආවරණ පැළඳීමේ නීති ද සංශෝධනය කෙරේ.

ඒ අනුව සාප්පු වෙත යාමේදී අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීමේ නීති ඉවත් කර තිබේ.

නමුත් පොදු ප්‍රවාහන සේවා වලදී, ආගමික ස්ථාන වලදී, gaming rooms වලදී සහ hospitality ස්ථාන වල සේවය කිරීමේදී මුව ආවරණ පැළඳිය යුතු බවට දැනුම් දී තිබේ.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: AAP




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now