ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් නොමිලේ ලබාගත හැකි වීසා ඛාණ්ඩ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට ද ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ කොරෝනා එන්නත ලබා දෙන බව මධ්‍යම රජය පවසයි.

Vaccine messaging

Vaccine messaging Source: SBS News/Nick Mooney

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීම මේ මාසයේ මැද භාගයේ පටන් ආරම්භ කෙරේ.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් ට සහ ස්ථිර පදිංචිකරුවන් ට හැර කුමන වීසා බලපත්‍ර ලාභීන්ට මෙම එන්නත් නොමිලේ ලබාගත හැකිද සහ ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාව අතර මේ පිළිබඳ පැතිරී යන දුර්මත මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


නොමිලේ කොරෝනා එන්නතක් ලබා ගැනීමට සුදුසුකම් ලබන වීසා බලපත්‍රලාභීන්

ඔස්ට්‍රේලියානු පුරවැසියන් ට සහ ස්ථිර පදිංචිකරුවන් ට මෙන්ම බොහෝ තාවකාලික වීසා බලපත්‍ර ලාභීන්ට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත නොමිලයේ ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඒ අනුව පහත සඳහන් වීසා ඛාණ්ඩ වල සිටින ඕනෑම පුද්ගලයෙකු හට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත නොමිලයේ ලබාගත හැකිය.

  • ශිෂ්‍ය වීසා
  • රැකියා වීසා (Work visa)
  • Skilled visa
  • Family visa
  • Partner visa
  • Refugee visa
  • Humanitarian visa
  • Regional visa
  • Bridging visa

නමුත් පහත වීසා ඛාණ්ඩ වල සිටින පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත නොමිලයේ ලබාගත නොහැකි බව සඳහන්.

  • Subclass 600 - tourist
  • Subclass 771 - transit
  • Subclass 651 - eVisitor
  • Subclass 601 - electronic travel authority

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව ඉහත වීසා ඛාණ්ඩ වල සිටින පුද්ගලයින් 69,000 ක් පමණ මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ සිටින බව වාර්තා වේ.

එම වීසා බලපත්‍ර පැය 72 සිට මාස 12 ක කාලයක් දක්වා ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබාදුන් වීසා වන අතර ඒවා කිසිවක් residency වීසා නොවේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහනට ඉහත වීසා ඛාණ්ඩ වල පුද්ගලයින් සුදුසු කොතැනට දැයි සලකා බලමින් සිටින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.


Highlights

  • ජාත්‍යන්තර ශිෂ්‍යයින්ට ද ඔස්ට්‍රේලියාව තුළ නොමිලයේ කොරෝනා එන්නත ලබා දෙයි
  • කොරෝනා එන්නත නොමිලේ ලබා ගැනීමට සංචාරක සහ transit වීසා ලාභීන් සුදුසුකම් ලබන්නේ නැති බව දැනට වාර්තා වේ
  • කොරෝනා එන්නත් පිළිබඳ දැනුවත් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග එක්ව SBS මාධ්‍ය ජාලය භාෂා 63 කින් වීඩියෝ 63 ක් නිෂ්පාදනය කරමින් සිටියි

කොරෝනා එන්නත් පිළිබඳ දුර්මත පැතිරීම

අරාබි භාෂාවෙන් කොරෝනා එන්නත් පිළිබඳ නියම තොරතුරු ලබාගැනීමට යෝග්‍ය ස්ථානයක් සොයාගැනීමට නොහැකිවීමෙන් තමන්ගේ ම ප්‍රජාවෙන් ඒ පිළිබඳ තොරතුරු සෙවීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන අරාබි ප්‍රජාව කටයුතු කරමින් සිටින බවත් එම තොරතුරු සෑම විටම සත්‍ය නොවන බවත් ඔස්ට්‍රේලියානු අරාබි සභාවේ සභාපති  Roland Jabbour පැවසීය.

"ඔස්ට්‍රේලියාවේ වෙසෙන අරාබි ප්‍රජාවේ සාමාජිකයන් මේ පිළිබඳ එකිනෙකා සමඟ කතා කරන අතර ඔවුන් නිරවද්‍ය නොවන තොරතුරු සන්නිවේදනය කරයි. එම කතාබස් වල දුර්මත රාශියක් හුවමාරු වෙයි." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

මෙය වළක්වා ගැනීම සඳහා කොරෝනා වසංගතය පුරාම ඔස්ට්‍රේලියාවේ ප්‍රජා නායකයින් සම්බන්ධ කර ගැනීම බලධාරීන්ට වැදගත් වන බව ඔහු සඳහන් කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ අතර ඔස්ට්‍රේලියාවේ තරුණ අප්‍රිකානුවන් අතර කොරෝනා එන්නත් සම්බන්ධව වැරදි තොරතුරු විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිරී ඇති බව සිඩ්නි නුවර සමාජ සේවකයකු සහ අප්‍රිකානු තරුණ නායකයකු වන Murray-Jo Kamara පැවසීය.

ඔවුන් විශ්වාස කරන සංවිධාන හෝ ප්‍රජා කණ්ඩායම් වෙතින් කොරෝනා එන්නත් සම්බන්ධව තොරතුරු ලැබෙන්නේ නම්, මිනිසුන්ට එය බැරෑරුම් ලෙස සැලකිය හැකි බව ඔහු පැවසීය.

A doctor fills an injection syringe with COVID-19 vaccine
A doctor fills an injection syringe with COVID-19 vaccine Source: Getty

කොරෝනා එන්නත් පිළිබඳ නිවැරදි තොරතුරු සෑම කෙනෙකුටම ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය කරන්නේ කුමක්ද?

ඩොලර් මිලියන 24 ක පිරිවැයකින් යුත් කොරෝනා එන්නත් පිළිබඳ තොරතුරු ගෙනෙන නව ප්‍රචාරණ ව්‍යාපාරය සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන් ඇතුළුව සියලුම ඔස්ට්‍රේලියානුවන්ට සහාය වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පරිවර්ථනය කරන ලද ලිපි හා පත්‍රිකා ඇතුළුව ඔවුන්ට තේරුම් ගත හැකි තොරතුරු ලැබීම වැදගත් වන අතර, එම කටයුතු සිදු වෙමින් පවතින බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු SBS පුවත් වෙත පැවසීය.

"බහු සංස්කෘතික ප්‍රජාවන් සඳහා වෙළඳ දැන්වීම් නොවන දේවල් රාශියක් නිෂ්පාදනය වෙමින් පවතී. කොරෝනා එන්නත පිළිබඳ දැනුවත් විය හැකි ආකාර පිළිබඳ දැනුවත් කිරීමට ගුවන් විදුලි, මුද්‍රිත හා වීඩියෝ නිෂ්පාදන, තමන්ගේම වීඩියෝ රූ ගත කිරීම සඳහා ප්‍රජා නායකයින්ට වීඩියෝ සංවර්ධන මාර්ගෝපදේශයක්, විවිධ භාෂා වලින් වෙබ් අඩවි වල තොරතුරු සැපයීම, සමාජ මාධ්‍ය ජාල හරහා තොරතුරු සැපයීම, පෝස්ටර් සහ පුවත් දැන්වීම් වැනි දෑ ඊට ඇතුළත්." බවද ඔහු පැහැදිලි කළේය.

කොරෝනා එන්නත් ඔස්ට්‍රේලියාවේ ලබා දීමේදී එම එන්නත් වල ආරක්‍ෂිතභාවය, ඵලදායීතාවය, ඒවා අනුමත කරන්නේ කෙසේද, ලබාගත හැකි ස්ථාන, ලබාගත හැකි වයස් ඛාණ්ඩ හා පුද්ගල ඛාණ්ඩ යන තොරතුරු ඇතුළත් වීඩියෝවක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග එක්ව SBS මාධ්‍ය ජාලය සකස් කරමින් සිටී.

එම වීඩියෝව භාෂා 63 කින් නිෂ්පාදනය කෙරෙන අතර පෙබරවාරි 22 වන දින සිට ඒවා ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වෙත මුදා හැරේ.


4 min read

Published

Updated

By Claudia Farhart, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now