මෙල්බන් නුවරට නවතම නගරයක්: වික්ටෝරියානු ප්‍රාන්ත රජය සැලැස්ම එළි දක්වයි. (SBS සිංහල /වාර්තා)

මීළඟ දශක 3 ඇතුළත අවසන් වීමට අපේක්ෂිත මෙම නව නගරය හෙක්ටයාර 56ක භූමි ප්‍රමාණයක පැතිරුණු Arden ප්‍රදේශයේ ගොඩ නැගීමට සූදානම් වේ. මෙමගින් පුද්ගලයන් 15,000කට පමණ නිවාස පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන අතර රැකියා 34,000ක් පමණ බිහි කිරීමටද අපේක්ෂිතය.

An artist's impression of Arden central

An artist's impression of Arden central Source: Victorian Planning Authority

වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙල්බන් නුවර ඉදිකිරීමට සූදානම් වන නවතම නගරයේ දළ සැලැස්ම හෙළිදරව් කර තිබෙන බව වාර්තා වේ. මෙම නගරය මෙල්බන් නුවර උතුරු ප්‍රදේශයට ඇතුළට වන්නට සැලසුම් කර තිබෙන අතර එය මෙල්බන් නගරයේ භූගත දුම්රිය මාර්ග ව්‍යාපෘතියට සමගාමීව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මීළඟ දශක 3 ඇතුළත අවසන් වීමට අපේක්ෂිත මෙම නව නගරය හෙක්ටයාර 56ක භූමි ප්‍රමාණයක පැතිරුණු  Arden ප්‍රදේශයේ ගොඩ නැගීමට සූදානම් වේ. මෙමගින් පුද්ගලයන් 15,000කට පමණ නිවාස පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වන අතර රැකියා 34,000ක් පමණ බිහි කිරීමටද අපේක්ෂිතය.

අදාළ නව නගරය Arden දුම්රිය ස්ථානය ආසන්න කරගනිමින් ඉදි කෙරෙන බවද එම නගරයට අදාළව නව භූගත දුම්රිය ස්ථානයක් ඉදි කිරීමටද අපේක්ෂා කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සැලසුම් පිළිබඳ අමාත්‍ය Richard Wynne පවසයි.

ඔහුගේ අදහසට අනුව Metro Rail ව්‍යාපෘතිය නගර ප්‍රති සංවර්ධනය උදෙසා අද්විතීය මෙහෙවරක් ඉටු කරයි. “වෙන කිසිම ප්‍රාන්ත රජයකට මෙලෙස නගරයට ඉතා ආසන්නව පිහිටි විශාල ඉඩම්වල පොදු අයිතියක් නැහැ. ඒ නිසා භූගත ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීම මෙමගින් ඉතාමත් පහසු වෙනවා.” වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සැලසුම් පිළිබඳ අමාත්‍ය Richard Wynne වැඩි දුරටත් පැවසුවේය.

An artist's impression of new suburb Arden
An artist's impression of new suburb Arden Source: Victorian Planning Authority

අහස උසට දිව ගිය ගොඩනැගිලි නව නගරයේ තහනම්.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සැලසුම් පිළිබඳ අමාත්‍ය Richard Wynne වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ ඉදිකිරීමට අපේක්ෂිත නව නගරයේ නිවාස විවිධත්වයක් ගන්නා නමුත් කිසි විටෙකත් අහස උසට දිව යන ගොඩනැගිලි ඉදි කිරීමට ඉඩ නොදෙන බවයි.  

කරුණු එසේ වුවද ගොඩනැගිලි වල උස සීමාව තවමත් තීරණය කර නැති බවත් එය බොහෝ විට මහල් 12 කට හෝ 15කට සීමාවිය හැකි බව අමාත්‍යවරයා පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රවාහන අමාත්‍යවරිය වන Jacinta Allan පැවසුවේ මෙම නව නගරයේ ඉදි කිරීම් මෙට්‍රෝ භූගත දුම්රිය ව්‍යාපෘතියට සමගාමීව සිදු වන බවයි. ඒ අනුව නගරයේ ඉදි කිරීම් හා සමගාමීව නගරයට අදාළ භූගත දුම්රිය ස්ථානයේ ඉදි කිරීම්ද සිදුවනු ඇති බවයි ඇය පවසන්නේ.

නව නගරයේ දළ සැලැස්ම එළි දැක්වීම ඉතා හොඳ කටයුත්තක් බවත් ඒ හේතුවෙන් පසුගිය කාලයේ නගර සංවර්ධන ව්‍යාපෘති වල සිදුවූ අතපසුවීම් වළක්වා ගැනීමට මෙවර ප්‍රාන්ත රජයට සහ නගර සභාවට හැකි බවත් මෙල්බන් නුවර පුරපති Robert Doyle පවසයි.

මෙල්බන් නුවර නව නගරයේ දළ සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට විවෘත අවස්ථාවක් ඇති බවද වාර්තා වේ. 

 --------------------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now