Highlights
- මෙල්බර්න් හි පවතින lockdown තත්වය සාධාරණ අතරකොරෝනා සීමා ලිහිල් කිරීම සුළු කොට තැකිය නොහැකිබව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්යBrett Sutton සඳහන් කිරීම
- වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති හැකිඉක්මනින් ලිහිල් කරන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාසඳහන් කිරීම
- බටහිර ඕස්ට්‍රේලියාවේ කොරෝනා තත්වය
- ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වයස් නිර්දේශයන්ට අනුවපවතින AstraZeneca එන්නත වෙනුවට Pfizer එන්නතලබාගැනීම සම්බන්ධයෙන් මතු වූ මතබේදාත්මක තත්වය
මෙල්බර්න් හි පවතින lockdown තත්වය සාධාරණ අතර කොරෝනා සීමා ලිහිල් කිරීම සුළු කොට තැකිය නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Brett Sutton සඳහන් කිරීම
වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති හැකි ඉක්මනින් ලිහිල් කරන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කලද මේ වනවිට පවතින lockdown කිරීම අත්‍යවශ්‍ය බව වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පවසයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙල්බර්න් හි පවතින lockdown තත්වය සාධාරණ අතර කොරෝනා සීමා ලිහිල් කිරීම සුළු කොට තැකිය නොහැකි බවයි
ඊයේ (7) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමග ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා මේ බව පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රාන්තය තුල කිසිසේත්ම පාලනය කල නොහැකි තත්වයක් මතුවිය හැකි අතර එම තත්වයට පත්වීමට තමන් අකමැති බවයි. එමෙන්ම Lockdown තත්වය පවතින අතරතුර මෙවැනි ආකාරයෙන් රෝගීන් වාර්තා වන්නේ නම්, Lockdown තත්වයක් නොතිබුනානම් තත්වය වඩාත් දරුණු වන බවද ඔහු පෙන්වා දෙයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති හැකි ඉක්මනින් ලිහිල් කරන ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා නීති හැකි ඉක්මනින් ලිහිල් කරන ලෙස පැවසීමෙන් අනතුරුව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරවරයා මේ බව පවසා තිබේ.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ පවතින තත්වය වික්ටෝරියා ප්‍රාන්තයට අභියෝගයක් වන නමුත් ජයගත හැකි එකක් වන බවයි. එමෙන්ම දරුවන් පාසල් වලින් ඈත්ව කාලය ගතවන අතර දරුවන් පාසල් වෙත යොමු කිරීම ඉතා වැදගත් වනවා මෙන්ම සීමා ලිහිල් කිරීම හරහා එය ඉක්මනින් සිදු වනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා අසාදිත පුද්ගලයින් 92 දනෙකු සිටින අතර පුද්ගලයින් 3 දෙනෙකු රෝහල් ගතකොට තිබේ.
පවතින තත්වය හමුවේ රැකියා නොමැති පුද්ගලයින් අහාර සහන ලබාගැනීම සඳහාද යොමුව තිබෙන බව වාර්තා වේ.
සුභසාදනය සඳහා වන මෙම ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 30ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කොට ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන 4.5ක අහාර සහන ඇතුලත් වේ.
ආබාධිත, වයස්ගත හා රැකබලා ගැනීමේ අමාත්‍ය Luke Donnellan සඳහන් කොට සිටින්නේ මෙම පැකේජයට සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජා සංවිධානද ඇතුලත් වන බවයි.
මෙලෙස සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජා සංවිධාන සඳහා ඩොලර් මිලියන 12ක පැකේජයක් පවතින අතර එය අවශ්‍ය අහාර ලබාගැනීම සඳහා , අත්‍යවශ්‍ය පුද්ගලයින් හට සේවා සැපයීම සඳහා වැනි කරුණු සඳහා වෙන් කොට ඇති බවද ඔහු පවසයි.
සැලකිය යුතු කොරෝනා ආශ්‍රිත සිදුවීම් වාර්තා වන මෙල්බර්න් උතුරු ප්‍රදේශය සඳහා මේ වනවිට පුළුල් ප්‍රජා සත්කාරයක් සිදු කෙරෙන බව මහාචාර්ය Sutton පවසයි.
බටහිර ඕස්ට්‍රේලියාවේ කොරෝනා තත්වය
බටහිර ඕස්ට්‍රේලියාවේ පුද්ගලයකු සිය නිරෝධායන කලසීමාවෙන් අනතුරව නැවතත් කොරෝනා වෛරසයට ධනාත්මක වීමෙන් අනතුරුව Pearth හි නිරෝධායන හෝටලයක් වෙත් යොමු කොට තිබේ.
කෙසේ නමුත් මෙම පුද්ගලයා හට සිදු කල පරීක්ෂණ ඔස්සේ ලැබුණු ප්‍රතිපල වලට අනුව මෙම පුද්ගලයා මගින් ප්‍රජා සම්ප්‍රේෂණයක් සිදු නොවී ඇති බවට විශ්වාස කල හැකි බව එම ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan සඳහන් කරයි.
ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා සමග සමීප සම්බන්ධතා සිදු කල පුද්ගලයින් 33 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම සම්බන්ධ කරගැනීමට මේ වනවිට හැකිවූ බවයි.
එමෙන්ම ප්‍රජාව අතර යාමේදී මෙම පුද්ගලයා මුහුණු ආවරණද පැළඳ සිට ඇති අතර ඒ අනුව මොහුගෙන් අවම අවදානමක් සිදුව ඇති බවට විශ්වාස කරන බවද Mark McGowan පවසයි.
ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වයස් නිර්දේශයන්ට අනුව පවතින AstraZeneca එන්නත වෙනුවට Pfizer එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මතු වූ මතබේදාත්මක තත්වය
ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk වයස් නිර්දේශයන්ට අනුව පවතින AstraZeneca එන්නත වෙනුවට Pfizer එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් උද්ගත වී තිබේ.
51 හැවිරිදි වියේ පසුවන ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk, Pfizer එන්නත ඊයේ ලබාගත් අතර වයස අවුරුදු 50ට වැඩි පිරිස AstraZeneca එන්නත ලබාගතයුතු බවට රජයේ වන උදදෙස් ඇය නොතකා හැර ඇති බවට චෝදනා එල්ල වේ.
කෙසේ නමුත් ලබන මස පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා ජපානයට යාමට පෙර සම්පුර්ණ එන්නත ලබසිටීමට අවශ්‍ය බැවින් තමන් Pfizer එන්නත ලබාගත් බවයි ඇය පවසයි.
කෙසේ වෙතත් තමන් හට යාමට නොහැකි වුවහොත් ප්‍රාන්ත ක්‍රීඩා අමාත්‍යවරයා හට ඔලිම්පික් උළෙල සඳහා යාමට සිදු වන අතර ඒ සඳහා සුදානමක් ලෙස ඔහුද Pfizer එන්නත ලබාගත් බව Annastacia Palaszczuk පවසයි.
Pfizer එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා දින 21ක පරතරයක් පමණක් අවශ්‍ය වන අතර AstraZeneca එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සති 12ක කාලයක් අවශ්‍ය වේ.
** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 8 වන අඟහරුවාදා වැඩසටහනේ කාලීන විශේෂාංගයට සවන් දිය හැකියි

