Exclusive

සංක්‍රමණිකයන්ට සහ ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය සඳහා ලියාපදිංචිය පහසු කෙරේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි විය හැකි ක්‍රම පුළුල් කරමින් සිටී. ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ට සහ අලුතින් පැමිණි සංක්‍රමණිකයන්ට උපකාර කිරීම මෙම වෙනසෙහි අරමුණයි.

Nine people's backs as they face in towards individual polling booths lined up next to one another.

Labor has expanded the way Australians can register to vote. Source: Getty / Saeed Khan

KEY POINTS
  • ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි විය හැකි ක්‍රම රජය විසින් පුළුල් කරයි.
  • මේ අනුව Medicare කාඩ්පතක් හෝ පුරවැසි සහතිකයක් භාවිතයෙන් ඡන්දදායකයින්ට ඉක්මනින් ලියාපදිංචි වීමට හැකි වනු ඇත.
  • ලේබර් පක්ෂයට අවශ්‍ය වන්නේ එළඹෙන අතුරු මැතිවරණයට පෙර එම වෙනස සිදු කිරීමට ය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි විය හැකි ක්‍රම පුළුල් කරමින් සිටින අතර, එය විශේෂයෙන් නව සංක්‍රමණිකයන්ට සහ ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට උපකාර කරනු ඇතැයි විශ්වාස කෙරේ.


මීට පෙර ඡන්දය සඳහා ලියාපදිංචි වීමට රියදුරු බලපත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් අවශ්‍යව තිබිණ. ඒ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති මිලියන භාගයකට අධික ජනතාවක් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැත.

නමුත් පසුගිය සිකුරාදා සවස රජය ගත් මෙම තීරණයත් සමග ඔවුන්ට දැන් Medicare කාඩ්පතක් හෝ පුරවැසි සහතිකයක් භාවිතයෙන් ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමට හෝ යාවත්කාලීන කිරීමට හැකි වේ.

සුදුසුකම් ලත් නව පුරවැසියන්ගෙන් පහෙන් පංගුවකට වඩා ඡන්ද හිමි නාමලේඛනයේ නොමැති අතර, ඇස්තමේන්තු කර ඇති පරිදි සුදුසුකම් ලත් ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 15.5 ක් පසුගිය වසර අවසන් වන විට ලියාපදිංචි වී නොමැත.

පෙර ක්‍රමය අවාසි සහගත බව පෙන්වා දුන් ලේබර් පක්ෂය කියා සිටියේ තරුණයින්, ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ නව සංක්‍රමණිකයන් සතුව රියදුරු බලපත්‍ර හෝ ගමන් බලපත්‍ර නොමැති වීමට ඉඩ ඇත.
A man in glasses and a suit sits at a lectern and looks into the camera.
Special Minister of State Don Farrell says the change will make voting more equitable.
මෙම පියවර ගැනීමත් සමග ලේබර් පක්ෂය සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කළ බවත් මෙය සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් ඇති බව සහතික කිරීම සඳහා ලේබර් පක්ෂය ගන්නා උත්සාහයක කොටසක් වන බවත් මධ්‍යම රජයේ විශේෂ රාජ්‍ය අමාත්‍ය ඩොන් ෆැරල් පැවසුවේය.

ඔස්ට්‍රේලියාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ගැන ආඩම්බර වන ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන බවත් ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරමින් ලියාපදිංචිය පහසු කිරීමට ඔවුන්ට අවශ්‍ය වූ බවත් ඔහු SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිලයේ සම්මේලනයේ සභාපති කාලෝ කාර්ලි මෙම තීරණය පිළිගත්තේය. ඔස්ට්‍රේලියාව සෑම විටම ආන්තික ප්‍රජාවන්ගේ ඡන්දය වැඩි කිරීමට “අතිශයින්ම වෙහෙස මහන්සි වී” කටයුතු කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම වැඩිහිටි සංක්‍රමණිකයන් සඳහා විදේශ ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් අවශ්‍ය කිරීම ඔවුන්ගේ ලියාපදිංචිය සීමා කර ඇති බව කාර්ලි මහතා SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාවට සිය ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාඩම්බර වාර්තාවක් තිබේ .එය පහසු කරන ඕනෑම දෙයක් හොඳ දෙයක් ලෙස තමා දකින බවත් එමගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ දුරට ප්‍රවර්ධනය කරන බවත් ඔහු පැවසුවේය.

පසුගිය සිකුරාදා සෙනෙට් සභික ෆැරල් විසින් අත්සන් කරන ලද රෙගුලාසි හරහා ක්‍රියාත්මක වන පරිදි මෙම වෙනස් කිරීම සිදු කොට ඇති අතර එය පාර්ලිමේන්තුව හරහා නීතිගත කිරීමට අවශ්‍ය නොවීය.

අතුරු මැතිවරණය ගැන හිතේ තියාගෙන ගත් තීරණයක්

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇස්ටන් ඡන්ද බල ප්‍රදේශයේ එළඹෙන අප්‍රේල් මාසයේදී අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එහිදී ශතවර්ෂයකට වැඩි කාලයකට පසුව ආණ්ඩු පක්ෂයේ අසුනක් හිමි කර ගත් පළමු ආණ්ඩුව වීමට කම්කරු පක්ෂය දරන උත්සාහය මෙම තීරණය ගැනීමට හේතුවක් වී තිබේ.

හිටපු අධ්‍යාපන ඇමති ඇලන් ටජ්ගේ ඉල්ලා අස්වීමත් සමඟ මෙම අතුරු මැතිවරණය පැමිණෙන අතර පසුගිය මැයි මාසයේදී ඔහු සියයට 11.6 ක වෙනසක් තිබියදීත් සිය ආසනය රඳවා ගත්තේය.

ලිබරල් පක්ෂය එම ආසනයේ ප්‍රියතම පක්ෂය ලෙස පවතින නමුත්, එම ආසනයට තරඟ කිරීමට ලේබර් පක්ෂය තෝරා ගෙන ඇති Medicare සහ කම්කරු අයිතිවාසිකම් සඳහා කැපවී සිටින පියයුරු පිළිකාවෙන් දිවි ගලවා ගත් මේරි ඩොයිල්, විශේෂිත අපේක්ෂකයෙකු වන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි අවධාරණය කර තිබේ.
Man in a suit and glasses takes a selfie with a women giving a thumbs up sign.
Anthony Albanese insists Labor is the underdog in the race for Aston. Source: AAP / Joel Carrett
මේරි යනු තමා වෙනුවෙන් පමණක් නොව, ඇය වටා සිටින අය වෙනුවෙන් පමණක් නොව, ඇස්ටන් ආසනය ජයග්‍රහණය කළ හොත් එහි පාර්ලිමේන්තු නියෝජිතවරිය ලෙස ඇගේ මුළු ශක්තියම යොදා ඇස්ටන් වෙනුවෙන් වැඩ කරනු ඇති බව ඇල්බනීසි මහතා පසුගිය සිකුරාදා පැවසීය.

2022 මැයි ෆෙඩරල් මැතිවරණය ක්‍රියාත්මක වූ ආකාරය ගවේෂණය කිරීමට ,පාර්ලිමේන්තු පරීක්ෂණයක් පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම වඩාත් සාධාරණ කිරීම සඳහා ක්‍රියාත්මක වන එකම පියවර මෙම වෙනස් කිරීම පමණක් නොවන බව ද සෙනෙට් සභික ෆැරල් අවධාරනය කළේය.

දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ඩොලර්, 1000 ට වැඩි ඕනෑම පරිත්‍යාගයක් හෙළි කළ යුතු අතර, එය වර්තමාන සීමාව වන ඩොලර් 15,000 ට වඩා සැලකිය යුතු ලෙස අඩු බව ඔහු පැවසීය.

2021 දෙසැම්බර් මාසයේ, හිටපු ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථානවල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කිරීමේ මතභේදාත්මක උත්සාහය අත්හැර දැමීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනමත විචාරණය සඳහා ලියාපදිංචිය පහසු වේ.

Nothern Territory හි මනින්ග්‍රිඩා වැනි ආදිවාසී දුරස්ථ නගරවල නායකයින් විසින් ආදිවාසී ඔස්ට්‍රේලියානුවන් ඡන්ද හිමි නාමලේඛනයට එකතු කිරීම පහසු කිරීම සඳහා මෙම වෙනස්කම් ඉල්ලා තිබේ.

Nothern Territory හි West Arnhem කවුන්සිලයේ නගරාධිපති Matthew Ryan SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේ මෙම වසරේ දෙවන භාගයේදී බලාපොරොත්තු වන පාර්ලිමේන්තුවට ස්වදේශික හඬ යන ජනමත විචාරණය සඳහා මෙය තීරණාත්මක වනු ඇති බවයි.

සෞඛ්‍ය පද්ධතිය තුළ සහ Centrelink පද්ධතිය තුළ ද ලබා ගත හැකි දත්ත මගින් ස්වයංක්‍රීය ලියාපදිංචියක් සිදු කිරීම මීට විසඳුමක් වනු ඇති බවද ඔහු පැවසීය.

ඡන්දදායකයින් සඳහා ජාතික ලියාපදිංචි වීමේ අනුපාතය සියයට 97.1 ට වඩා වැඩි අගයකි.

නමුත් පළමු ජාතීන්ගේ පුද්ගලයින් සඳහා එය ජාතික වශයෙන් සියයට 84.5 ක් පමණ වන අතර Nothern Territory හි එය සියයට 76.7 ක් පමණකි.

අතිරේක වාර්තාකරණය Biwa Kwan විසිනි.

Share

Published

By Finn McHugh, Athini Amarasiri
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
සංක්‍රමණිකයන්ට සහ ආදිවාසී ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය සඳහා ලියාපදිංචිය පහසු කෙරේ. | SBS Sinhala