ලබන වසරේ ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයේ දළ ව්‍යුහයක් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් පසුගිය සතියේදී එලි දැක්විය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සුබ සාධන දීමනා කැපී පෙනෙන ලෙස කප්පාදු කිරීමක් සිදුවන බව සඳහන්.
මෙම කප්පාදුව හේතුවෙන් ඉදිරි වසර 4 ඇතුළත ඩොලර් බිලියන 1.2 ක සුබ සාධන දීමනා අඩු කිරීමක් සිදු වීමට නියමිතය.
සංක්‍රමණික ප්‍රජාවටද මෙය සැලකිලිමත් ලෙස බලපාන බව වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ ජූලි මාසයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීම සඳහා වසර 3 ක පමණ කාලයක් බලා සිටිය යුතු වේ.
එම කාලය මේ වන විට වසර දෙකකි.
මෙම බලා සිටීමේ කාලය Paid Parental Leave හෙවත් ගෙවීම් සහිත මව් පිය නිවාඩු, රැක බලාගන්නන් ගේ දීමනා හෙවත් Carers Allowance සහ Family Tax Benefit සඳහා ද අදාළ වන බව වාර්තා වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන යම් කෙනෙකු තම පවුලේ හිතවතුන් family visa යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වීමට අදහස් කරනවානම් වසර 3 ක් සඳහා ඔවුන්ගේ ආර්ථික ස්වාධීනතාව පෙන්විය යුතු වේ.
නමුත් ඇතැම් අවදානම් කණ්ඩායම් වලට සහ තමන්ගේ භාරයේ දරුවන් සිටිනා ඇතැම් නවසීලන්ත පුරවැසියන්ට මෙම නීතිය අදාළ නොවෙන බවද සඳහන්.
මෙම සුබ සාධන දීමනා කප්පාදුව අත්‍යවශ්‍ය පියවරක් බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පෙන්වා දෙයි.
ඉදිරි සැලසුම් වලට අනුව සමාජ සේවා ක්ෂේත්‍රයේ සුබ සාධන ගෙවීම් 2% ක අඩු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් රැකියා කිරීමට පෙළඹවීම මෙහි මූලික අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2021 වසරේ මැද බාගය වන විට ඕස්ට්‍රේලියානු අයවැයේ අතිරික්තයක් ඇති කරන බවට රජය ලබා දුන් පොරොන්දුව සඳහා මේ වන විටත් ගමන් කරමින් සිටින බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
ඔස්ට්‍රේලියානු අයවැය සාධනීය ලෙස ඉදිරියට ගෙන ඒමට සමාගම් වල බදු එකතුකිරීම සිතුවාටත් වඩා හොඳින් සිදු කිරීම සහ ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වර්ධනීය මෙහෙවර හේතුවූ බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරි වසර 4 ඇතුලත ඕස්ට්‍රේලියානු රජයේ ණය බර ඩොලර් බිලියන 23 ක පමණ ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි ද ඔහු පවසයි.
කෙසේවෙතත්, වැටුප් ඉහළ ගිය නමුත් ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරයේ 2017/2018 ආර්ථික වර්ධන පුරෝකථනය 2.5% ක් දක්වා අඩුවී ඇතැයිද සඳහන්.
රජයේ අපේක්ෂාව අනුව රැකියා වර්ධනය දිගින් දිගටම සිදු වනු ඇති බවත් අයවැය පරතරය සමතුලිත කරගැනීමට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් හට සහය සැලසීමත් රජය නොකඩවා සිදු කරන බව අමාත්‍ය Scott Morrison පවසයි.
මෙම කරුණු වල පුදුමසහගත දේවල් කිහිපයක් තිබෙන බව ආර්ථික විද්‍යාඥ Chris Richardson, SBS පුවත් වෙත පැවසීය.
සෙනට් සභාව සහ විපක්ෂය හරහා රජයකට අයවැය ප්‍රතිසංස්කරණයක් ගෙන ඒම ඉතා දුෂ්කර කටයුත්තක් බව Richardson පවසයි.
එමෙන්ම, අයවැයේ සඳහන් ඇතැම් දේවල් පාර්ලිමේන්තුව හරහා ගෙන ඒමට අවශ්‍ය නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් රජයට ප්‍රතිලාභ ගෙන එනවා මෙන්ම වියදමක්ද නිර්මාණය කරන බවත් එයින් ප්‍රධාන වියදම සුබ සාධන වියදම බවත් ඔහු පවසයි.
මීට අමතරව මෙම අයවැය යෝජනා සම්මත වුවහොත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත ශිෂ්‍යයෙකු හට තමන්ගේ අධ්‍යාපන සඳහා ලබාදෙන ණය මුදලේද වෙනස්කම් සිදුවනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව HECS ණය මුදලේ උපරිම ණය සීමාව බොහෝ ශිෂ්‍යයින් හට $104,440 බවත් දන්ත විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හෝ පශු වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යයින් හට එය $150,000 පමණ වනු ඇතැයි සඳහන්.
මෙම වෙනස්කම් සැලකිලිමත් ඉතිරියක් සිදු කරගැනීමට ක්‍රියාත්මක කරන වෙනස්කම් බව මුල්‍ය අමාත්‍ය Mathias Cormann පවසයි.
අඩු ආදායම් ලාභී පසුබිමක් සහිත පවුල් වල දරුවන් හට මෙම නව කප්පාදු කිරීම් යටතේ උසස් අධ්‍යාපනය ලැබීමට ඇති වරම් අහිමි වී යන බව විපක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජිත Chris Bowen පවසයි.
සහන ලබා දෙන නව ඖෂධ සඳහා ඩොලර් බිලියන 2 ක් පමණ වෙන් කිරීම, Pharmaceutical Benefits ක්‍රමය යටතේ ආවරණය වන ඇතැම් ඖෂධ වල වියදම අඩු කිරීම ද නව අයවැය ප්‍රතිසංස්කරණ යෝජනා අතර වෙනවා.
************************************************************************************************
!!...SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන...!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

