බටහිර ඔස්ට්‍රේලියාවත් ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වීමට තීරණය කරයි, සියලු කොන්දේසි මෙන්න (SBS සිංහල/ වාර්තා)

2022 වසරේ පළමු අධ්‍යන වාරයට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Western Australia decides to bring back international students

Western Australia decides to bring back international students Source: Getty Images/SolStock

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයත් ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2022 වසරේ පළමු අධ්‍යන වාරයේ (Semester) සිට ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට පියවර ගනු ඇත.


Highlights

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමට අවසර ඇත්තේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට පමණි.
  • එලෙස ලබාගෙන ඇති කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක අධිකාරියේ අනුමැතිය ලද හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත් විය යුතුය.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද ජාත්‍යන්තර සිසුන්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නොමැත.

ජාත්‍යන්තර සිසුන්ට යළි බටහිර ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ

2022 වසරේ පළමු අධ්‍යන වාරයට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ පිළිබඳ වන සැලසුම පසුගිය දා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ අධ්‍යාපන ඇමතිනී Sue Ellery විසින් එළි දැක්වූවාය.

එහිදී ජාත්‍යන්තර සිසුන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීමේ කොන්දේසි තහවුරු කිරීම සඳහා ප්‍රාන්තයේ අධ්‍යාපන නායකයින්ගේ රැස්වීමක් ද කැඳවීය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 80% මට්ටමට ළඟා වූ පසු එහි ප්‍රාන්ත සීමා යළි සම්පුර්ණයෙන්ම විවෘත කිරීමේ නිශ්චිත දිනය නිල වශයෙන් නිවේදනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම්ව සිටී.

දෙසැම්බර් මාසය වන විට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 80% මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව 2022 වසරේ ජනවාරි අග හෝ පෙබරවාරි මුල ජාත්‍යන්තර සිසුන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීමට ප්‍රාන්ත රජය අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමතිනී Sue Ellery පැවසුවාය.

International students
Source: Getty Images/Kiyoshi Hijiki

ප්‍රධාන කොන්දේසි

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමට අවසර ඇත්තේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට පමණි.
  • එලෙස ලබාගෙන ඇති කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක අධිකාරියේ අනුමැතිය ලද හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත් විය යුතුය.
  • තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ කළ යුතුය.
  • එසේ ඍණාත්මක PCR ප්‍රතිඵල සනාථ කළ ජාත්‍යන්තර සිසුන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණීමේදී නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය මගින් නිකුත් කරන G2G බලපත්‍රය සම්පුර්ණ කළ යුතුය.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද ජාත්‍යන්තර සිසුන්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නොමැත.

සැලැස්මට අනුව බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2022 පළමු අධ්‍යන වාරයේදී ජාත්‍යන්තර සිසුන් සුළු ප්‍රමාණයක් පමණක් ගෙන්වා ගැනීමට හැකිවෙතැයි StudyPerth ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Philip Payne පැවසීය.

නමුත් 2022 වසරේ දෙවැනි අධ්‍යන වාරයේ සිට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

Vaccinated international students to return to the ACT from next year
Source: Getty Images/martin-dm

ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමට පියවරගෙන ඇති අනෙක් ප්‍රාන්ත

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට පෙර වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ද ACT ද ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමට වැඩසටහන් ඉදිරිපත් කර ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම කටයුත්ත දෙසැම්බර් 6 සිට ආරම්භ කිරීමට සූදානම් වේ.

එදිනට ජාත්‍යන්තර සිසුන් රැගත් පළමු විශේෂ ගුවන් යානය සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර සිසුන් 250 ක් එයින් පැමිණීමට නියමිතය.

ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය සහ කැනඩාව වැනි රටවල පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන් එම ගුවන් යානයෙන් පැමිණෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වයි.

ජාත්‍යන්තර සිසුන් රැගෙන සිඩ්නි නුවරට පැමිණෙන දෙවැනි විශේෂ ගුවන් යානය දෙසැම්බර් 24 පමණ වන විට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එය දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර සිසුන් රැගෙන පැමිණීමට නියමිත බව සඳහන්.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පහත කොවිඩ් එන්නත් සඳහා අනුමැතිය ලබා දී ඇත.

01. Pfizer

02. AstraZeneca

03. Moderna

04. Johnson and Johnson

ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති පහත කොවිඩ් එන්නත් වර්ග 4 ද මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.

01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield

02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin

03. චීනයේ නිෂ්පාදිත Sinovac

04. චීනයේ නිෂ්පාදිත Sinopharm


Share

4 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now