ඔස්ට්‍රේලියාවේ නිවාස ණය සඳහා නොවැම්බර් 01 සිට සිදුකළ වෙනස්කම ඔබට බලපාන අයුරු (SBS සිංහල/ විමර්ශන)

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය සඳහා පොලී අනුපාත buffer එක වැඩි කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයක් මත සිදුවූ දෙයක් බව වාර්තා වේ.

Australians face higher mortgage costs with another rate hike all but certain

Australians face higher mortgage costs with another rate hike all but certain Source: Getty Images

නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අයදුම්පත් සඳහා වන අවම පොලී අනුපාත buffer එක 2.5 සිට 3.0 දක්වා 0.5 කින් වැඩි කර තිබේ.

මේ තත්ත්වය නිවාස ණය සඳහා සහ නිවාස ණය අයදුම්කරුවන් සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.


Highlights

  • නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අයදුම්පත් සඳහා වන අවම පොලී අනුපාත buffer එක 2.5% සිට 3.0% දක්වා 0.5% කින් වැඩි කෙරුණි.
  • මෙම වැඩි කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයක් මත සිදුවූ දෙයක් බව වාර්තා වේ.
  • මෙහිදී ලබාගත හැකි ණය ප්‍රමාණය අඩුවීමක් සිදුවන බව සඳහන්.

නිවාස ණය සඳහා පොලී අනුපාත buffer එක යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය 0.1% ක් වැනි ඓතිහාසිකව ඉතාම අඩුම අගයක මේ වන විට පවතී.

පොලී අනුපාතය ක්‍රමිකව අඩුවෙත්ම පුද්ගලයෙකුගේ ණය ගැනීමේ ශක්තිය වැඩිවේ.

පොලී අනුපාතය අඩුවූ ප්‍රමාණයටම එම පොලී අනුපාතයටම බැංකුව ණයක් ලබා නොදෙන බව මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

අනාගතයේදී පොලී අනුපාතය ඉහළ ගියහොත් අදාළ ණය ලබාගන්නා තැනැත්තාට එම ණය ගෙවා ගැනීමට හැකිවේදැයි යන්නට බැංකුව වගකීමක් ගනී.

"එනිසා වර්තමානයේ ඇති පොලී අනුපාතයට මදක් වැඩි buffer එකක් යොදා වැඩි පොලී අනුපාතයක් සකසා තමයි බැංකුව ණය ලබාදෙන්නේ. එම buffer එක තමයි නිවාස ණය සඳහා වන අවම පොලී අනුපාත buffer එක ලෙස හඳුන්වන්නේ." යනුවෙන් ද ප්‍රනාන්දු මහතා පැවසීය.

Choosing right home loan
Source: Getty Images/krisanapong detraphiphat

මෙම buffer එක 2.5 සිට 3.0 දක්වා ඉහළ දැමීමට හේතුව

මෙම වැඩි කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයක් මත සිදුවූ දෙයක් බව වාර්තා වේ.

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගැනුම්කරුවන් සඳහා යම් සහනයක් ලබාදීමට මධ්‍යම රජය ක්‍රියා කළේය.

එහිදී පොලී අනුපාතය පහළ මට්ටමකට ගෙන ඒමට මධ්‍යම රජය පියවර ගත්තේය.

කොවිඩ් වසංගතය තිබුණද මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය පහළ මට්ටමක පැවතීම නිසා නොසිතූ අයුරින් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ ගොස් ඇති බව මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

මේ තත්ත්වය මත මෙල්බර්න් නුවර නිවසක් මිලදී ගැනීමේ සාමාන්‍ය පිරිවැය ඩොලර් මිලියනයක් පමණ වන බව වාර්තා වේ.

මේ නිසා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ යම් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරමින් පවතින බවක් පෙනී ගොස් තිබේ.

විශේෂයෙන්ම First Home Buyer හෙවත් පළමු නිවාසය මිලට ගන්නන්ට මෙහිදී දැඩි අසාධාරණයක් සිදුවන බව පෙනී ගොස් ඇත.

එනිසා එම අර්බුදයෙන් මිදීමට මෙලෙස නිවාස ණය සඳහා පොලී අනුපාත buffer එක වැඩි කර තිබෙන බව සමීර ප්‍රනාන්දු මහතා පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙය නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?

නිවාස ණය ලබාගන්නා දෙපිරිසක් ඔස්ට්‍රේලියාවේ සිටින බව මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එයින් එක් පාර්ශවයක් First Home Buyer හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් වන අතර අනෙක් පාර්ශවය ආයෝජනය සඳහා නිවසක් මිලට ගන්නන් වේ.

සෑමවිටම  ආයෝජනය සඳහා නිවසක් මිලට ගන්නන්ගේ නිවාස ණයෙහි පොලී අනුපාතය පළමු නිවාසය මිලට ගන්නන්ගේ පොලී අනුපාතයට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.

buffer එක වැඩි කිරීම නිසා ඉහත කී දෙපාර්ශවයටම ණය ලබාගැනීමේ ධාරිතාව අඩුවේ.

මේ වන විට 2.5 සිට 3.0 දක්වා වැඩි වූ buffer එක ලබන වසරේ තවත් වැඩිවීමට හැකි බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙහිදී ලබාගත හැකි ණය ප්‍රමාණය අඩුවීමක් සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now