වික්ටෝරියානු ප්‍රාන්ත රජය සිය වසංගත පනත් කෙටුම්පතට (pandemic bill) ඊයේ (15/11) රාත්‍රියේ සංශෝධන මාලාවක් එක් කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත නීති සම්පාදනයට එරෙහිව විරෝධය පෑමට විරෝධතාකරුවන් සිය ගණනක් වික්ටෝරියානු පාර්ලිමේන්තුව ඉදිරිපස රැස්වී තිබියදී දිනය අවසාන වීමට පැයකට පමණ පෙර මෙම සංශෝධන එක් කර තිබේ.
Highlights
- ඊයේ රාත්‍රියේදී (15/11) වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත පනතට පහත සඳහන් සංශෝධන 7 ප්‍රාන්ත රජය විසින් එකතු කරන ලදී.
- මෙම පනත් කෙටුම්පත අද දිනයේ (16/11) වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ විවාදයට ගැනීමට නියමිතව තිබියදී මෙම වෙනස්කම් සිදුකර ඇත.
- මහජන සෞඛ්‍ය, මානව හිමිකම් සහ නීති විශේෂඥයින්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම සංශෝධන සිදු කළ බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත පනත
වික්ටෝරියා ප්‍රාන්තයේ 2021 සංශෝධිත මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ප්‍රාන්ත රජය සංශෝධන හතක් සිදු කළේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවලින් අනතුරුව එම සංශෝධන එක් කිරීමට ප්‍රාන්ත රජය කටයුතු කළේය.
මෙම පනත් කෙටුම්පත අද දිනයේ (16/11) වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේ විවාදයට ගැනීමට නියමිතව තිබියදී මෙම වෙනස්කම් සිදුකර ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට වසංගතයක් ප්‍රකාශ කිරීමට සහ මහජන සෞඛ්‍ය නියෝග නිකුත් කිරීමට බලය ලබා දෙන වසංගත පනත් කෙටුම්පත ඉතා පුළුල් සහ පාර්ලිමේන්තු අධීක්‍ෂණයක් නොමැති බවට විවේචනයට ලක්ව තිබුණි.
වයස, ස්ථානය, එන්නත් තත්ත්වය සහ රැකියාව වැනි පුද්ගලයෙකුගේ ලක්ෂණ හෝ තත්ත්වයන් මත පදනම්ව නියෝග නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව ලබා දුන් එහි ඇති මතභේදාත්මක වගන්තියක් ද දැඩි විරෝධයට හේතු විය.

එක් කළ සංශෝධන 7
- ඊයේ රාත්‍රියේදී වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත පනතට පහත සඳහන් සංශෝධන 7 ප්‍රාන්ත රජය විසින් එකතු කරන ලදී.
- වසංගතයක් ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත අගමැතිවරයාට සාධාරණ හේතු අවශ්‍ය වන අතර විවිධ ස්වභාවයන් මත පදනම්ව නියෝග ලබාදීම මහජනයාගේ සෞඛ්‍ය අවදානමට අදාළ විය යුතුය.
- මහජන සෞඛ්‍ය නියෝග කඩ කරන පුද්ගලයින් සඳහා අය කෙරෙන උපරිම දඩ මුදල අඩකින් අඩු කිරීම.
- ඕනෑම තීරණයක දී මානව හිමිකම් සහ වගකීම් පිළිබඳ ප්‍රාන්ත රජයේ ප්‍රඥප්තියේ කාර්යභාරය සැලකිල්ලට ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත යුතුය.
- නිකුත් කරන ඕනෑම නියෝගයක් සමග ඇති උපදෙස් දෙසතියකින් නොව සතියක් ඇතුළත ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
- පාර්ලිමේන්තුවේ පනත් සහ රෙගුලාසි පිළිබඳ විමර්ශන කමිටුවට ඕනෑම නියෝගයක් සභාගත කිරීමෙන් පසුව සලකා බැලීම වෙනුවට එය සාදන විට සලකා බැලීමට බලය දීම.
- විරෝධතා දැක්වීමේ අයිතිය රෙගුලාසිවලට ඇතුළත් කළ යුතුය.

පනත සම්මත කරගැනීමට වෙනත් පක්ෂවල සහය
මහජන සෞඛ්‍ය, මානව හිමිකම් සහ නීති විශේෂඥයින්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම සංශෝධන සිදු කළ බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේය.
නව වසංගත නීති මගින් COVID-19 වැනි වසංගත කළමනාකරණය සඳහා පැහැදිලි ආකෘතියක් සපයනු ඇති අතර සියලු වික්ටෝරියානුවන්ගේ ආරක්ෂාවට මුල් තැන ලබාදෙන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
ව්‍යවස්ථාදායක සභාවේදී මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ප්‍රාන්ත රජය Animal Justice පක්‍ෂයේ මන්ත්‍රී Andy Meddick, Reason පක්ෂයේ මන්ත්‍රී Fiona Patten සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රීන්ස් පක්ෂයේ නායිකා Samantha Ratnam යන අයගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරයි.
ඔවුන්ගේ ඉල්ලීම් මෙම පනත් කෙටුම්පතේ වැඩි විනිවිදභාවයකින් සහ වගවීමකින් තහවුරු කර ඇති බවට ඔවුහු ඊයේ (15/11) රාත්‍රියේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ.
මෙම පනත සම්මත කරගැනීමේ විවාදය බ්‍රහස්පතින්දා (18/11) රාත්‍රිය දක්වා නොකඩවා පැවතිය හැකි අතර, පනත සම්මත කිරීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවට අමතර දිනයක් රැස්විය හැකි බව මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂය ද මෙම පනත් කෙටුම්පතට සංශෝධන 18 ක් ඉදිරිපත් කරන බව නිවේදනය කළේය.

