SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය මැඩලීමට ඔස්ට්‍රේලියාවේ දැන් ක්‍රියාත්මක Stage 3 restrictions කියන්නේ කුමක්ද?

Coronavirus
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය මැඩලීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව 3 වන මට්ටමේ නීති පැනවීමකට (Stage 3 restrictions) පැමිණ තිබේ.

මේ අනුව අත්‍යවශ්‍ය කටයුත්තකට හැරුනුකොට ඕස්ට්‍රේලියානුවාසීන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම් දී තිබේ.

එම අත්‍යවශ්‍ය කටයුතු වලට පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඇතුළත් වේ.

01. ආහාර පාන ද්‍රව්‍ය මිලට ගැනීමට පිටතට යාම

02. රැකියා/ රාජකාරී සඳහා පිටතට යාම

03. අධ්‍යාපන කටයුතු සඳහා පිටතට යාම

04. ඖෂධ ලබා ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට පිටතට යාම

05. ව්‍යායාම කිරීම සඳහා පිටතට යාම

කෙසේවුවත් මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ පුද්ගලයින් දෙදෙනෙකුට වඩා එක් රැස්විය නොහැකි බවට නීති පනවා තිබේ.

එම නීති උල්ලංඝනය කළහොත් ලැබෙන දඩ මුදල් සම්බන්ධව පූර්ණ විස්තරයක් පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Coronavirus
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now