SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ දැන් පුද්ගලයින් දෙදෙනෙකුට වඩා රංචු ගැසුණහොත් ලැබෙන දඩ සහ දඬුවම් මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

How each Australian state will be enforcing the coronavirus two-person rule on gatherings?
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මාර්තු 30 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ නව නීතිය අනුව ගෘහස්ත හා බාහිර පරිසරයේ එකට රැස්ව සිටිය හැකි පිරිස පුද්ගලයින් දෙදෙනෙකුට සීමා කර තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනාගේ සීමාව ඔබේ නිවැසියන් සමග නිවස තුළ සිටීමට බාධාවක් නොමැති නමුත් තමන්ගේ යහළුවන් සමග හෝ පවුලේ වෙනත් අය සමග හෝ ගෘහස්තව හෝ බාහිර සමාජයේ පුද්ගලයින් දෙදෙනෙකුට වඩා එක්ව සිටීම තහනම් වේ.

නමුත් විවාහ මංගල්‍ය උත්සවයක විවාහ වන යුවල ඇතුළුව 5 දෙනෙකු දක්වාත් අවමංගල්‍ය උත්සවයකට උපරිමය 10 දෙනෙකු දක්වාත් සහභාගී වීමට විශේෂ අවසරයක් ලැබේ.

මෙම නීතිය උල්ලංඝනය කළහොත් ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරන දඬුවම් සහ දඩ මුදල් පහත වීඩියෝවෙන් නරඹන්න.

Coronavirus
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now