මේ දිනවල ලොව පුරා වසංගතයක් ලෙස පැතිරෙන කොරෝනා වයිරසය මැඩීමට හැකි එන්නතක් නිපදවීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව රටවල් කිහිපයක්ම කටයුතු කරමින් පසුවෙයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ වන විට එවැනි ආකාරයේ එන්නත් 20 ක් දියණු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන නමුත් ඉන් එකක් හෝ මිනිසුන්ගේ භාවිතය සඳහා තවමත් සූදානම් නැති බවද වාර්තා වේ.

කොරෝනා එන්නත් නිපදවන්නේ කුමන රටවල්ද?
කොරෝනා වයිරසය මැඩීමට එන්නතක් නිපදවීම සඳහා චීනයේ සහ ඇමෙරිකාවේ සාමූහික පර්යේෂණ සිදු කරමින් පවතින අතර යුරෝපයේ රටවල් 18 ක් ද ඔස්ට්‍රේලියාවද කොරෝනා එන්නතක් නිපදවීමට පර්යේෂණ කරමින් සිටියි.
සිංගප්පූරුවෙන්ද කොරෝනා එන්නතක් නිෂ්පාදනය කිරීම සම්බන්ධව වාර්තා වන අතර එය පරීක්ෂා කිරීමේ අදියරේ පසුවන බවද සඳහන්.
කොරෝනා එන්නත නියම අයුරින් ක්‍රියා කරනවාද නැතිද යන්න දැනගැනීමට මාස 6 ක කාලයක් බලා සිටිනවා වෙනුවට තම එන්නතින් එය දින දින 3ත් 5 ත් අතර කාලයක් තුළ පරීක්ෂා කරගත හැකි බව සිංගප්පූරුවේ නව බෝවෙන රෝග පිළිබඳ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Ooi Eng Eong පැවසීය.

ඔස්ට්‍රේලියාවේ භූමිකාව
කොරෝනා වයිරසය මැඩීම සඳහා එන්නතක් නිපදවීමේ තරගයේදී ඔස්ට්‍රේලියාවද ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කරයි.
ලොව පුරා ඇති විශ්වවිද්‍යාල 50 කට ආසන්න සංඛාවක් මෙන්ම ජෛව තාක්ෂණික ආයතන සහ ඖෂධ සමාගම් සමග එක්ව මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන පර්යේෂකයින් අතර ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝද සිටිති.
ඒ අතරේ කොරෝනා වයිරසයට ප්‍රතිකාර කිරීම සඳහා දැනට පවතින ඖෂධ ද්විත්වයක් භාවිතා කරමින් අත්හදාබැලීමක් සිදු කිරීමට ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ සූදානම් වෙති.
එමෙන්ම කොරෝනා වයිරසය මැඩීම සඳහා හැකියාවක් ඇති එන්නතක් සහ චිකිත්සක ක්‍රමවේදයක් පිළිබඳව CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation) ආයතනයද පරීක්ෂා කරමින් සිටියි.
මේ අතර මෙලෙස පර්යේෂණ මට්ටමේ පවතින සියලුම එන්නත් වැඩි දියුණු කිරීම සඳහා එකම පද්ධතියකට සම්බන්ධ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් තහවුරු නොකරගත් නමුත් වයිරසය මැඩීමට හැකියාවක් ඇතැයි සිතන එන්නත් වැඩි දියුණු කරමින් ඒවා පරීක්ෂා කිරීමට මේ හරහා ඉතා ඉක්මණින් හැකියාව ලැබෙනු ඇත.
මෙම පද්ධතියට ලබන මාසය වන විට එන්නත් නිෂ්පාදකයින්ට පිවිසීමට හැකියාව ලැබෙන බවද වාර්තා වේ.
තමන් වැඩි දියුණු කරන එන්නත ප්‍රථම වරට මිනිසෙකුට ලබා දීමට පෙරාතුව සත්ත්ව ආරක්ෂක අධ්‍යනයක් සිදු කිරීමට යන බව මෙම පර්යේෂණයේ ප්‍රධානී මහාචාර්ය Paul Young පැවසුවේය.
එය 2021 ජුනි මාසයේදී පමණ සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?
කොරෝනා වයිරසය සඳහා එන්නත් නිපදවීම ආකාර කිහිපයකින් සිදුකළ හැකිය.
වයිරසය වර්ධනය වන්නට ඉඩහැර විනාශ කිරීම එක් ආකාරයකි.
වයිරසයෙන් purified ප්‍රෝටීනයක් නිෂ්පාදනය කර එය උපකාරක සංයෝගයක් සමග මිශ්‍ර කර එන්නතක් නිපදවීම දෙවැනි ආකාරය වේ.
ඔබට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිශ්චිත වයිරස් ප්‍රෝටීන වල ජාන ගෙන ඒවා විවිධ හානිකර නොවූ වයිරස වාහකයෙකු තුළට දමා එය එන්නතක් ලෙස භාවිතා කිරීම තුන්වන ක්‍රමය වේ.
නමුත් මේ වන විටත් කිසිවෙකුත් කොරෝනා වයිරසය මැඩලීම සඳහා හැකි එන්නතක් නිපදවීමට සමත් වී නොමැත.


