ඔස්ට්‍රේලියාවේ ශීත කාලයත් සමග හටගන්නා ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා වාර්ෂිකව 2500 ක් පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් වල දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් මේ වන විට ඇතිවී ඇති කොරෝනා වසංගතය හමුවේ එම තත්ත්වය වර්ධනය විය හැකි බවට අනුමාන කෙරේ.

කොරෝනා වසංගතය ඉහළ ගියහොත් ඔස්ට්‍රේලියාවේ ICU ඇඳන් මදි වෙයිද?
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීම 20% මට්ටමට පැමිණි විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා වාර්ෂිකව දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කරන පිරිස මෙන් 100 ගුණයක පිරිසක් ඔස්ට්‍රේලියාව පුරා දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කිරීමට සිදුවන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ලෝකයේ නව දත්ත අනුව කොරෝනා ආසාදිතයින්ගෙන් 5% ක් පමණ "critical" හෙවත් අවදානම් තත්ත්වයේ පසුවන අතර 14% ක් පමණ පිරිසක් "severe" හෙවත් බරපතල තත්ත්වයේ පසුවෙයි.
එයට අනුව කොරෝනා ආසාදිතයින්ගෙන් 20% ක පමණ පිරිසකට රෝහල්ගතව ප්‍රතිකාර කිරීම අවශ්‍යම වන අතර 5% කට පමණ පිරිසකට දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර අවශ්‍ය වේ.
එළඹෙන ශීත කාලය වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොරෝනා ආසාදනය වන ප්‍රතිශතය 20% ක් ලෙසද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 25% ක් ලෙසද වනු ඇතැයි සිතා එම තත්ත්වයට ඔවුන් දැන් සිටම සූදානම් වන බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ICU ඇඳන් කොපමණ තිබේද?
මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේම ICU ඇඳන් 2,229 ක තිබෙන බව anzics වෙබ් අඩවිය පවසයි.
ඉන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවද සඳහන්.
එම දත්ත වලට අනුව මිනිසුන් ලක්ෂයකට ඔස්ට්‍රේලියාවේ ඇති ICU ඇඳන් ප්‍රමාණය 8.9 කි.
නවසීලන්තයේ එම ප්‍රමාණය මිනිසුන් ලක්ෂයකට 5.1 කි.
නමුත් ඉතාලියේ මිනිසුන් ලක්ෂයකට ඇති ICU ඇඳන් ප්‍රමාණය 12.5 කි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වශයෙන් ඇති ICU ඇඳන් ප්‍රමාණය පහත පරිදි වේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 874
- වික්ටෝරියා ප්‍රාන්තය - 476
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 413
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 188
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 162
- ටස්මේනියා ප්‍රාන්තය - 50
- Australian Capital Territory - 44
- Northern Territory- 22

ඔස්ට්‍රේලියාවේ දැනට ඇති ICU ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත්ද?
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20% ක් වුවහොත් 320,000 ක් පමණ පිරිසක් රෝහල් ගත වන බව පුරෝකතනය කර ඇත.
එයින් ශීත සෘතුවේදී 80,000 කට පමණ දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර අවශ්‍ය වනු ඇත.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25% ක් වුවහොත් 255,000 ක් පමණ පිරිසක් රෝහල් ගත වන බව පුරෝකතනය කර ඇත.
එයින් ඉදිරි මාස කිහිපය පුරාවට 64,000 කට පමණ දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර අවශ්‍ය වනු ඇත.
මීට අමතරව වර්තාමානයේ පවතින වේගයෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදනය වන පිරිස ඉහළ ගියහොත් අප්‍රේල් මාසයේ මුල බාගය වන විට ඔස්ට්‍රේලියාවේ තිබෙන ICU ඇඳන් ප්‍රමාණයට වඩා ICU ඇඳන් අවශ්‍ය කොරෝනා රෝගීන් ප්‍රමාණය බරපතල ලෙස වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.

මෙම හිඟය සඳහා පිළියම් යෙදීම
ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඔස්ට්‍රේලියාවේ සියලුම රෝහල් ඇඳන්, වෛද්‍ය උපකරණ, ඖෂධ ඇතුළු සියලු පහසුකම් වල ධාරිතාව වැඩි කරමින් පවතී.
ඔස්ට්‍රේලියාවේ එක් රෝගියෙකු එක් දිනක් පමණක් දැඩි සත්කාර ඒකකයක තබා ප්‍රතිකාර කිරීමට $4000 - $5000 අතර මුදලක් වැය වන බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
එයින් වැඩිම පිරිවැයක් ගතවන්නේ රෝහල් කාර්යය මණ්ඩලය වෙනුවෙනි.
දැඩි සත්කාර ඒකකයේ ඇති සෑම ඇඳකම සිටින රෝගියෙකු දෙස පැය 24 පුරාම විමර්ශනය කිරීමට වෙනමම හෙදියක් අනියුක්ත කර ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ඇත්තේ ICU ඇඳන් 2,229 ක් වුවද portable ventilators සහ ශල්‍යාගාර ඇඳන් එක් කරමින් එම ප්‍රමාණය 5,000 ක් දක්වා වැඩි කරගත හැකිය.
මෙවනිවූ වසංගතයක් හමුවේ වැඩිපුර ventilators ලබා ගැනීම එතරම් පහසු නොවේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විද්‍යාඥ Alan Finkel, ඔස්ට්‍රේලියාවට තවත් ventilators 5,000 ක් ලබා ගැනීමට අදාළ සමාගම් සමග සාකච්ඡා පවත්වයි.
අමතර ventilators ඇනවුම් කරමින් තම ප්‍රාන්තයේ ICU ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පියවර ගනිමින් සිටියි.
මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද අමතර ventilators 110 ක් ඇනවුම් කර තම ප්‍රාන්තයේ ICU ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සූදානම් වේ.
වික්ටෝරියා ප්‍රාන්තය ද අමතර ventilators ඇනවුම් කරමින් තම ප්‍රාන්තයේ ICU ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට පිඹුරුපත් සකස් කර අවසන්.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද අමතර ventilators 101 ක් ඇනවුම් කර තිබේ.


