කොරෝනා වසංගතය නිසා අසරණ වන ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ටත් සුබ සාධන දීමනා ගෙවන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉල්ලීම් (SBS සිංහල/ වාර්තා)

Coronavirus

Source: Flickr

කොරෝනා වසංගතය හේතුවෙන් වඩාත් අවදානමට ලක්වන පිරිස් අතරට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ද සිටින බව වාර්තා වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ඔවුන් දැඩි ආර්ථික පීඩනයකට ලක්වී ඇති බවත් එනිසාම ඔවුන්ටද සුබ සාධන දීමනාවක් ලබා දිය යුතු බවත් විවිධ පාර්ශව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.
Coronavirus
Source: AAP

ජාත්‍යන්තර සිසුන්ටත් සුබ සාධන දීමනාවක් ලබා දිය යුතුයි

ජාත්‍යන්තර සිසුන් ලක්ෂ ගණනක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ  අධ්‍යාපනය ලබන අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ද දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පවතින තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාවේ  අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් දැඩි ආර්ථික පීඩාවන්ට පත්ව ඇති අතරම සුබ සාධනය අතින්ද ඔවුන් අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම ජාත්‍යන්තර සිසුන් හට තම මාසික බිල්පත්, කාමර හෝ නිවාස කුලිය ගෙවීමට පවා ඉතා අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දී ඇති නව නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ පුද්ගලයින්ට රැකියා අහිමිවී ගොස් තිබේ.

මෙම රැකියා අහිමිවී ඇති පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ජාත්‍යන්තර සිසුන් ලෙස සඳහන්.

මේ හේතුවෙන් රජය විසින් ලබා දීමට තීරණය කර ඇති සුබ සාධන දීමනා මෙම පවතින අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් හටද ලබාදෙන ලෙස ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Mehreen Faruqi ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලිඛිතව ඉල්ලා සිටියාය.

ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මධ්‍යම රජය ඔස්ට්‍රේලියනුවන්ට ලබා දීමට තීරණය කර ඇති සහන පැකේජය යටතේ සති දෙකකට වරක් ලබා දෙන $550 ක මුදල ජාත්‍යන්තර සිසුන් හටද ලබාදෙන ලෙස ඇය ඉල්ලා තිබේ.

බහුතරයක් ජාත්‍යන්තර සිසුන් පවතින තත්ත්වය හමුවේ තම මාසික බිල්පත්, කාමර හෝ නිවාස කුලිය ගෙවීමට අපහසු තත්ත්වයෙන් අසරණ වී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභික Mehreen Faruqi, SBS පුවත් සේවයට පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ටත් සුබ සාධන දීමනා ගෙවන ලෙස විවිධ ශිෂ්‍ය වෘත්තීය සමිති සහ අනෙකුත් සමාජ සංවිධාන රජයෙන් ඉල්ලීම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළ දෙවැනි කොරෝනා සහන පැකේජය යටතේ 230,000 ට අධික ඔස්ට්‍රේලියානු පූර්ණ කාලීන සිසුන් හට සති දෙකකට වරක් $550 ක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්

ඉංග්‍රීසි කතා කරන රටවල් අතරින් තෙවැනියට වැඩිම ජාත්‍යන්තර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රේලියාවේ බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවට හා එක්සත් රාජධානියට පමණි.
ජාත්‍යන්තර සිසුන් නිසා ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 32 ක පමණ වාර්ෂික ආදායමක් ලැබෙන බව වාර්තා වේ.

එමෙන්ම එය ඔස්ට්‍රේලියාවට වැඩිම ආදායම සපයන ප්‍රමුඛතම ආදායම් මාර්ග පහෙන් එකකි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ අර්ධ කාලීන සහ අනියම් රැකියා වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ජාත්‍යන්තර සිසුන් ගෙන් ආවරණය වන බවද සඳහන්.

විශේෂයෙන්ම වැඩිහිටි සුරැකුම්, සුපිරි වෙළෙඳ සැල්, සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය, hospitality, භාණ්ඩ බෙදා හැරීමේ සේවා, පිරිසිදු කරන ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර වල බහුතරයක් අර්ධ කාලීන සහ අනියම් රැකියා වල නියුතු වන්නේ ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් බව පැවසේ.
Coronavirus
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service