ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ Accountants සහ IT වෘත්තීන් වල EOI ලකුණු මට්ටම තවමත් 90 - 95 මට්ටමේ (SBS සිංහල/ වාර්තා)

Australia Skilled Independent visa Invitations February 2020 round

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ පෙබරවාරි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ 8 වන ආරාධනා පත්‍ර වටය ලෙසද මෙය වාර්තා වේ.
Australia Skilled Independent visa Invitations February 2020 round
Source: Flickr

පෙබරවාරි 11 ආරාධනා පත්‍ර වටය

2020 පෙබරවාරි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 1000 ක් පමණක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවරද  එම ප්‍රමාණය 1500 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව ඇත.

මෙය එතරම් සුබදායී තත්ත්වයක් නොවන බවද බොහෝ සංක්‍රමණික ඒජන්තවරුන් පවසයි.
Coronavirus impact: Important update for visa holders in and outside Australia
Coronavirus impact: Important update for visa holders in and outside Australia Source: SBS

EOI ලකුණු මට්ටම විශාල ලෙස ඉහළට

පසුගිය මාස අටක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI (expression of interest) ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතුණු අතර තවමත් එම තත්ත්වය එසේම පවතියි.

Accountants සඳහා වන  EOI ලකුණු මට්ටම මෙවර ලකුණු 95 ක් ලෙස දැක්වෙන අතර  IT වෘත්තීන් සඳහා වන EOI ලකුණු මට්ටම මෙවර ලකුණු 90 දක්වා ඉහළ නැග තිබේ.

මෙලෙස EOI ලකුණු මට්ටම ඉහළ යාමට ආරාධනා පත්‍ර ප්‍රමාණය දැවැන්ත ලෙස කප්පාදු කිරීම මෙන්ම පසුගිය නොවැම්බර් 16 සිට ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රාජ්‍ය විසින් හඳුන්වා දුන් නව ලකුණු ක්‍රමය බලපා ඇත.

මෙම නව ලකුණු ක්‍රමයට අනුව නිපුණතාවන් සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් සහිත සහකරුවන්/සහකාරියන් සිටින සහ තනිකඩයන් හට වැඩි ලකුණු පිරි නැමේ.
Australia Skilled Independent visa Invitations February 2020 round
Source: Getty Images

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.

Accountants (Occupation ID - 2211) සඳහා 17/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 01/12/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 95 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 07/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 16/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 16/11/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය මාර්තු 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතවූ නමුත් පවතින තත්ත්වය හමුවේ තවමත් ඒ පිළිබඳ කිසිදු විස්තරයක් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා නොමැත.
Australia Skilled Independent visa Invitations February 2020 round
Source: SBS Sinhala



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service