ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මෙන්ම Australian Capital Territory තම ප්‍රාන්ත වල අත්‍යවශ්‍ය නොවන සේවා මාර්තු 24 වන දින (අඟහරුවාදා) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට (අක්‍රිය කිරීමට) තීරණය කරයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වයිරසය ශීග්‍රයෙන් පැතිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අත්‍යවශ්‍ය නොවන සේවා වසා දැමීම
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මෙන්ම Australian Capital Territory තම ප්‍රාන්ත වල අත්‍යවශ්‍ය නොවන සේවා මාර්තු 24 වන දින (අඟහරුවාදා) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට මේ වන විට තීරණය කර ඇත.
මේ වන විට කැන්බරා නුවර පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව සෙසු ප්‍රාන්තද බොහෝ දුරට එම තීරණය ගනු ඇති බව Australian Capital Territory හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසීය.
කොරෝනා වයිරසය ශීග්‍රයෙන් පැතිරීම වැළක්වීමේ අරමුණින් ප්‍රාන්ත අගමැතිවරු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය අද (22/03) පස්වරු 6 වන විට 1286 ක් ලෙස වාර්තා වූ අතර නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත වලින් ඉහළම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ.
අද (22/03) පස්වරු 6 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 533 ක් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ 296 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වූ 67 දෙනෙකු වාර්තා වූ අතර එක් දිනකදී ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එය ලෙස සටහන් වේ.
මෙනිසාම වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා (24/03) සිට වසා දැමීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව Daniel Andrews පැවසුවේය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද කොරෝනා වයිරසය ආසාදිතවූවන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බැවින් ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන සේවාවන් නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා (24/03) සිට වසා දැමීමට තීරණය කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ඒ අනුව මෙම අඟහරුවාදා එනම්, මාර්තු මස 24 දා සිට වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මෙන්ම Australian Capital Territory හි අවන්හල්, pubs, සමාජ ශාලා, කායවර්ධන මධ්‍යස්ථාන, විනෝදාස්වාදය සපයන ස්ථාන වැනි සේවා සහ ස්ථාන මේ අනුව වසා දැමෙනු ඇත.
වසා නොදමන සේවාවන්
පහත සඳහන් අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වේ.
- Supermarkets
- ඉන්ධන පිරවුම්හල්
- ඖෂධාගාර (pharmacies)
- බැංකු
- Convenience stores
- Freight and logistics සේවාවන්
- Home delivery සේවාවන්
- මස්, මාළු වෙළෙඳ සැල්
- එළවළු සහ පලතුරු වෙළෙඳ සැල්
- බේකරි

මේ වන විට කැන්බරා නුවර පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව සෙසු ප්‍රාන්තද බොහෝ දුරට මෙම තීරණය ගනු ඇති බවත් වාර්තා වේ.
එම විශේෂ කැබිනට් රැස්වීමේ නවතම තීරණ පිළිබඳ වැඩි විස්තර ලද සැණින් ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සූදානමින් සිටියි.


