ඔස්ට්‍රේලියාවේ Aged care හෙවත් වැඩිහිටි සුරැකුම් සේවා ක්ෂේත්‍රයේ සේවය කරනු ලබන ජාත්‍යන්තර සිසුන් හට සීමා කර ඇති පැය ගණනට වඩා වැඩිපුර සේවා පැය ගණනක් ලබා දීමට වැඩිහිටි සුරැකුම් සේවා සපයන්නන් හට දැන් අවසර දී ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වයිරසය පැතිරී යාම නිසා වැඩිහිටි සුරැකුම් සේවා ලබන ඔස්ට්‍රේලියාවේ වියපත් පුද්ගලයින්ව ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර තාවකාලිකව ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Aged care වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ට පැය 20 ට වඩා සේවය කළ හැකියි
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ වැඩිම අවදානමකට ලක්ව ඇති පිරිස ලෙස වැඩිහිටි සුරැකුම් සේවා ලබන වියපත් පිරිස් හඳුනාගෙන තිබේ.
මේ මොහොතේදී වැඩිහිටි සුරැකුම් සේවා ක්ෂේත්‍රයේ සේවකයින්ගේ සැලකිය යුතු පුරප්පාඩු ඇතිවී ඇති ඇත හෙයින් ජාත්‍යන්තර සිසුන් හරහා එම පුරප්පාඩු පිරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge විසින් ඒ පිළිබඳ නිල නිවේදනය මාර්තු 18 වන දින නිකුත් කළේය.
වැඩිහිටි සුරැකුම් සේවා ක්ෂේත්‍රයේ සේවය කරන බොහෝ පිරිසක් කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධායනයට ලක්වීමට සිදුව ඇති නිසා එම ක්ෂේත්‍රයේ රැකියා වල බරපතල පුරප්පාඩු ඇතිවී තිබෙන බව වාර්තා වේ.
එනිසාම මෙම වසංගත තත්ත්වය හමුවේ වියපත් ඔස්ට්‍රේලියානුවන් රැකබලා ගැනීමට අවශ්‍ය තරමේ සේවක පිරිසක් අවශ්‍ය නිසා මෙලෙස ජාත්‍යන්තර සිසුන් හට සීමා කර ඇති පැය ගණනට වඩා වැඩිපුර සේවා පැය ගණනක් ලබා දීමට රජය තීරණය කළ බව එම නිවේදනයේ සඳහන්.
ඔස්ට්‍රේලියාවේ බොහෝ ජාත්‍යන්තර සිසුන් වැඩිහිටි සුරැකුම් සේවා ක්ෂේත්‍රයේ සේවය කරන අතර ඔවුන්ගේ සේවා පැය ගණන සති දෙකකට පැය 40 දක්වා සීමා කර තිබේ.
නමුත් මෙම තීන්දුව නිසා තාවකාලිකව එම සීමාව ඉවත් කර වැඩිහිටි සුරැකුම් සේවා සපයන ආයතන හට අදාළ සිසුන්ට වැඩිපුර සේවා පැය ගණනක් ලබා දීමට නීත්‍යානුකූල අවසරය ලැබේ.

ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ටත් පැය 20 සීමාව ඉවත් කෙරේ
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ටත් සතියකට පනවා ඇති පැය 20 සීමාව තාවකාලිකව ඉවත් කර තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සතියේ පටන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් වල භාණ්ඩ පාරිභෝගිකයින් විසින් උමතුවෙන් මෙන් මිලට ගැනීම නිසා රාක්ක වල භාන්ඩ හිස්වී ඇති අයුරු දක්නට ලැබේ.
දැනට ක්‍රියාත්මක වන සේවා මුර වල සිටින සේවකයින් හට එම රාක්ක වල භාණ්ඩ පිරවීමේ කටයුතු ඉල්ලුමට අනුව සිදුකළ නොහැකි නිසාවෙන් එම සුපිරි වෙළෙඳ සැල් වල දැනට සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 කට වඩා සේවය කිරීමට අවසරය ලබා දී තිබේ.
Coles සහ Woolworths වැනි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාල හට මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා තම පාරිභෝගිකයින් හට ලබා දීමට අවස්ථාව උදාවන බව රජය විශ්වාස කරයි.


