SKIP TO MAIN CONTENT

මීට පස්සේ එක්කෙනෙකුට දෙකකට වඩා බැහැ : Woolworths සහ Coles වෙතින් නව නීතියක්

Coles and Woolworths
Coles and Woolworths Source: SBS

1 min read

Published


Skip to article content

අත්‍යවශ්‍ය නිෂ්පාදන සඳහා ඇති පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සැපයුම සිදුකිරීමට නොහැකි වීමෙන් සුපිරි වෙළඳසැල් වලට අරගලයක නිරත වීමට සිදුව ඇතැයි වාර්තා වේ.

Woolworths ප්‍රධාන විධායක Bradford Banducci පවසා සිටිනුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම ගැටලුවක් නොවන බවයි. එහෙත් ඔහු පවසන්නේ සුපිරි වෙළඳසැල්වල ඉල්ලුමේ වැඩිවීමට සරිලන පරිදි සැපයීම සඳහා සූදානම් වීමට කාලය නොමැති බවයි. එබැවින් මිලදී ගැනීම් ගැන කලබල නොවන්නැයි ඔහු ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.

Woolworths සහ Coles යන සුපිරි වෙළඳසැල් මේ වන විට ඇසුරුම් කරන ලද භාණ්ඩ සඳහා සීමාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව එක් පුද්ගලයෙකුට ඇසුරුම් කරන ලද පාරිභෝගික භාණ්ඩ දෙකකට වඩා මිලදී ගැනීමට අවසර නොලැබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now