කොරෝනා වසංගතය නිසා තම විදෙස් සංචාර පිළිබඳ නැවත වරක් සිතා බලන ලෙස ඔස්ට්‍රේලියානුවාසී සියලු ජනතාවගෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම මේ වන විට විදෙස් රටවල සිටින, ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස්ද හැකි ඉක්මණින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස මධ්‍යම රජය දන්වා සිටියි.

ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් හැකි ඉක්මණින් පැමිණෙන්න
ඔබේ වයස, සෞඛ්‍ය තත්ත්වය සහ ගමනාන්තය කුමක් වුවත් මෙවේලෙහි තම විදෙස් සංචාර පිළිබඳ නැවත වරක් සිතා බලන ලෙස ඔස්ට්‍රේලියානුවාසී සියලු ජනතාවගෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලයි.
විදෙස් සංචාර හරහා කොරෝනා වයිරසය පැතිර යාමේ බරපතල අවදානමක් ඇති බැවින් රජය මෙම ඉල්ලීම සිදුකර තිබේ.
එමෙන්ම මෙවේලෙහි විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිසද වැඩි කල් නොයවා හැකි ඉක්මණින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙසද රජය දන්වා සිටියි.
මේ වන විට ඇතැම් රටවල් තම දේශ සීමා වසා දමා ඇති බවත් තවත් බොහෝ රටවල තම දේශ සීමා වසා දමමින් පැවතීමත් ඊට හේතුව ලෙස රජය දක්වයි.
එනිසා ඔබ පෙර සැලසුම් කළ ආකාරයට ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීම මේ තත්ත්වය යටතේ අපහසු වනු ඇත.
ඔබට මෙවේලෙහි ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකි හෝ අපහසු තත්ත්වයක් පවතී නම් අදාළ රටෙහි නීති සහ උපදෙස් අනුව වැඩකටයුතු සිදුකරන මෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ smartraveller වෙබ් අඩවිය දන්වා සිටියි.
එම පිරිස් වේ නම් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි සියලුම සෞඛ්‍ය පිළිවෙත් මනාව අනුගමනය කරන මෙන්ද එම වෙබ් අඩවිය දන්වා සිටියි.
ඇතැම් රටවල සහ ප්‍රදේශ වල ඇති ඔස්ට්‍රේලියානු තානාපති හා කොන්සල් සේවාවන් දැනට පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සීමාසහිතව ක්‍රියා කරන බවද සඳහන්.

ඔබ විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙනවානම් දින 14 ක් ස්වයං නිරෝධායනයක නිරත විය යුතුයි
විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14 ක කාලයක් අනිවාර්යයෙන් ස්වයං නිරෝධායනයක නිරත විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මාර්තු 15 වන දින ප්‍රකාශයට පත් කළේය.
එම නීතිය මාර්තු 16 වන දින සිට ක්‍රියාත්මක වේ.
මෙම නීතිය ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් ඇතුළු සියලු දෙනාට බලාත්මක වේ.
මෙම නීති උල්ලංඝනය කරන පිරිසට ඉහළ දඩ මුදල් මෙන්ම සිර දඬුවම්ද පැනවීමට නීතිමය හැකියාවක් පවතී.
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම නතර කරයි
සියලුම රටවල සිට මගී ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට (18/03) අත්හිටුවා ඇත.
භාණ්ඩ ප්‍රවාහන කටයුතු, පිටත්වීම් සහ අතරමැදි ගුවන් මගී හුවමාරු සාමාන්‍ය පරිදි සිදු කරන බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංවේ.


