SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන විශ්ව විද්‍යාල කිහිපයක් මේ සතිය තුල වසා දැමේ

University New Task Force
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුල හදිසි තත්වයක් (state emergency) ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ප්‍රාන්තයේ ප්‍රධාන විශ්ව විද්‍යාල කිහිපයක් විසින් සිසුන් සඳහා වන දේශන අන්තර්ජාලය හරහා සිදුකිරීමට කටයුතු කරයි.

La Trobe, Monash සහ Swinburne යන විශ්ව විද්‍යාල විසින් මේ සතිය අවසානය දක්වා සියලුම පන්ති අත්හිටුවන බව අද දිනයේදී (17 March) නිවේදනය කොට ඇති අතර එමඟින් විශ්ව විද්‍යාල දේශකවරුනට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සිසුනට පන්ති පැවැත්වීම සඳහා සුදානම් වීමට අවශ්‍ය කාලය ලබාදී ඇත.

Swinburne විශ්ව විද්‍යාලය ලබන සතිය දක්වා දේශන පැවැත්වීම නවත්වා ඇති අතර La Trobe සහ Monash යන විශ්ව විද්යාල වල සිසුනට පටිගත කල දේශන, අන්තර්ජාලය හරහා ලබා දෙනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now