කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා බොහෝ රටවල බරපතල ලෙස ව්‍යාපත් වෙමින් පවතී.
මේ හේතුවෙන්ම පසුගිය සතියේදී මෙය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම වයිරසය ආසාදනය වූ විට දැනගන්නේ කෙසේද? එම රෝග ලක්ෂණ ඇත්නම් තමන් කළ යුත්තේ කුමක්ද? වයිරසය ආසාදනය වී දැයි පෙරාතුව පරීක්ෂා කරගත හැකිද? යන ප්‍රශ්න රාශියක් මේ වන විට බොහෝ දෙනාගේ සිත් තුළ කැකෑරෙමින් පවතී.
එම ගැටළු වලට පිළිතුරු මෙම ලිපිය හරහා ඉදිරිපත් කෙරේ.

වයිරසය ආසාදනය වී ඇතිදැයි පරීක්ෂා කරගත යුතුද?
ඔබට උණ, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ නැතිනම් හෝ ඔබ චීනය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය වැනි කොරෝනා අවදානම් රටවලට සංචාරය කර නැතිනම් හෝ ඔබට කොරෝනා වයිරස පරීක්ෂාව සිදුකරගැනීමේ අවශ්‍යතාවක් නැති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔබට කොරෝනා පරීක්ෂාවක් සිදු කරගැනීමට අවශ්‍ය නම් ඔබ පළමුව ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ තම ප්‍රදේශයේ ඇති රෝහලේ හදිසි සෞඛ්‍ය සේවා අංශය වෙත හෝ යා යුතුය.
අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණෙන තුරු ඔබ ස්වයං නිරෝධායනයකට යටත් වී අන් අයගෙන් ඈත්වී සිටිය යුතුය.
ඔබට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් තම රැකියා ස්ථානයට, පාසලට, විශ්ව විද්‍යාලයට, ළමා සුරැකුම් මධ්‍යස්ථානයට, කායවර්ධන මධ්‍යස්ථානයට හෝ පොදු ස්ථාන වලට යාමෙන් වැළකිය යුතු අතර පොදු ප්‍රවාහන සේවා මෙන්ම කුලී රථ ද භාවිතා නොකිරීමට වග බලාගත යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔබට සෞඛ්‍ය ආරක්‍ෂිත වීමට අවශ්‍යනම් surgical mask ආකාරයේ මුව වැසුම් පැළඳීමට හැකි බව ද ඔවුහු පවසති.

ප්‍රති වයිරස ඖෂධ මේ සඳහා උදව් වෙයිද?
කොරෝනා වයිරසය ආසාදනය සුව කිරීමට නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති නමුත් කලින් හඳුනාගනීම සහ අවශ්‍ය ආකාරයට සෞඛ්‍යානුකූල පිළිවෙත් පිළිපැදීම මගින් මෙය විසඳා ගත හැකි බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, HIV සහ remdesivir යන ඒවා සඳහා වන ඖෂධ යොදාගෙන මෙම වයිරසය මැඩීමට හැකිදැයි තවමත් පර්යේෂණ කරන බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Paul Kelly පවසයි.
ස්වයං නිරෝධායනය, පුද්ගලයන්ගෙන් දුරස්ව හැසිරීම, දෑත් පිරිසිදුව තබා ගැනීම වැනි සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් ලැබී ඇත්තේ ඒ නිසාවෙන් බව ඔහු පැහැදිලි කරයි.
Image
අද (16/03) වන විට ඔස්ට්‍රේලියාවේ තත්ත්වය
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව අද (16/03) වන විට 5 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද (16/03) පස්වරු 1 වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 298 ක් දක්වා ඉහළ නැග තිබුණි.
එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 134 කි.
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 62 දෙනෙකු වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අනුව කොරෝනා වයිරසය ආසාදිත පිරිස පහත පරිදි වේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 134
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 62
- වික්ටෝරියානු ප්‍රාන්තය - 57
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 20
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 18
- ටස්මේනියා ප්‍රාන්තය - 6
- Australian Capital Territory - 1


