කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ පාසල් වසා දැමීමට දැන්මම කල් වැඩියි: ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය (SBS සිංහල/ වාර්තා)

Coronavirus

Source: Getty Images

කොරෝනා වයිරසය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාසල් වසා දැමීමට දැන්මම කල් වැඩි බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy පවසයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ඊයේ දිනයේ අගමැති මොරිසන් සහ ප්‍රාන්ත බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවේය.
Estudiantes de la escuela secundaria, Australia.
Source: (SBS)

පාසල් වසා දැමීමට දැන්මම කල් වැඩියි

කොරෝනා වයිරසය ළමුන්ට බරපතල ලෙස බලපා ඇති අයුරු මේ වන තෙක් දක්නට ලැබී නැති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy ඊයේ (15/03) ABC රූපවාහිනියේ විකාශය වූ Insiders වැඩසටහනේදී පැවසුවේය.

ළමුන්ට මෙම කොරෝනා වයිරසය ආසාදනය වන නමුත් එහි රෝග ලක්ෂණ බාහිරට පෙන්වන්නේ නැති ආකාරයක් තිබෙනවද කියා තමන් නොදන්නා බවත් ඔහු එහිදී පැවසුවේය.
කෙසේවෙතත් පාසල් කිහිපයක් හැරුණුකොට ඔස්ට්‍රේලියාවේ සියලුම පාසල් තවමත් සුපුරුදු අයුරින් පවත්වාගෙන යයි.

පාසල් වැසීමට මේ වේලාව කල් වැඩි බවට හේතු කිහිපයක්ම ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt  පැවසීය.

පාසල් වැසීම නිසා රැකියා කරන දෙමාපියන්ට ළමුන්ව බලා ගැනීමට නිවෙස් වල රැදීමට අපහසු වීම නිසා ළමුන් සිය මුත්තණු - මිත්තණියන් සමග සිටීම ප්‍රධාන කරුණක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කොරෝනා වයිරසය ආසාදනය වීමේ ඉහළම අවදානමක් ඇත්තේ වියපත් පුද්ගලයින්ට බැවින් ළමුන්ව එම පාර්ශව සමග තැබීමෙන් වයිරසය පැතිරී යාම තවත් ශීග්‍ර වීමට ඉඩ ඇති බව ඔහු පවසයි.

අනෙක් කරුණ නම්, පාසල් හා ළමා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමුවත් ළමුන්ව සාප්පු සංකීර්ණ (shopping centres), ක්‍රීඩා පිට්ටනි හෝ සිනමා ශාලා වෙත රැගෙන යාම වැඩි වශයෙන් සිදුවන නිසා ද මෙම අවදානම ඉහළ බව රජය පෙන්වා දෙයි.
coronavirus
Greg Hunt and Brendan Murphy Source: AAP

කොරෝනා මැඩීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් නව නීති

කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ.

විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු දින 14 ක කාලයක් අනිවාර්යයෙන් ස්වයං නිරෝධායනයක නිරත විය යුතු බව මොරිසන් රජය ඊයේ ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම මගී ප්‍රවාහන cruise  නෞකාවන් ඔස්ට්‍රේලියාවේ ඕනෑම වරායකට පැමිණීම දින 30 ක් යනතුරු තහනම් කර තිබේ.
මේ අතර පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් එක් රැස්වන අවස්ථාවන් අද සිට නැවත දැනුම් දෙන තුරු ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම තහනම් කර ඇත.

කෙසේනමුත්, පාසල් වල කටයුතු සුපුරුදු පරිදි සිදුකරන බව රජය පවසයි.
If the majority is expected to recover, why is coronavirus considered dangerous?
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසී 77 වියෙහි පසුවූ කාන්තාවක් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසී 90 වන වියෙහි පසුවූ කාන්තාවක් මෙලෙස කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සති අන්තයේදී ජීවිතක්ෂයට පත්වී ඇත.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසී කාන්තාව බ්‍රිස්බේන් නුවර සිට සිඩ්නි නුවර දක්වා ගුවන් මගින් ගමන් කරමින් සිටියදී ගුවන් යානය තුළදීම ඇයට රෝග ලක්ෂණ පහළ වී ඇති බව සඳහන්.

ඇයව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහලක් වෙත රැගෙන ගියද අයගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවී තිබේ.

ජීවිතක්ෂයට පත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසී 90 වන වියෙහි පසුවූ කාන්තාව සිඩ්නි නුවර Macquarie Park හි Dorothy Henderson සාත්තු නිවාසයේ සිටි අයෙකු බව සඳහන්.
ඊයේ (15/03) පස්වරුව වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 249 ක් දක්වා ඉහළ නැග තිබුණි.

එයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 111 කි.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 46 දෙනෙකු වාර්තා වේ.
Coronavirus
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service