ඔස්ට්‍රේලියාවේ first-home buyers ලා හෙවත් පළමු නිවාසය මිලට ගන්නන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේදී ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පාහේ මෙම වර්ධනය දක්නට ලැබෙන බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තය පළමු තැනට
සමස්ත ඔස්ට්‍රේලියවේම පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රමාණය පසුගිය වසරේදී වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.
පළමු නිවාසය මිලට ගන්නන් සඳහාවූ නිවාස ණය ලබාගැනීම් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී 10,073 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය 14.1% ක වර්ධනයක් බව සඳහන්.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ තමන්ම නිවසේ පදිංචිවීම හෙවත් owner-occupier වෙළෙඳ පොළේ පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රතිශතය 40% ක් වූ බවද වාර්තා වේ.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ පළමු නිවාසය මිලට ගන්නන් ගනු ලැබූ නිවාස ණය මුදලෙහි මධ්‍යන අගය $426,309 ක් ලෙස සටහන් වී ඇතැයි ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සම්බන්ධ ප්‍රමුඛ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම පසුගිය වසරේදී මෙල්බර්න් නුවර නිවාස වල මධ්‍යන මිල 5% කින් $901,951 දක්වා වැඩිවුණු බවද වාර්තා වේ.

ක්වීන්ස්ලන්තය දෙවැනි තැනට
වික්ටෝරියානු ප්‍රාන්තයට පසුව පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ ක්වීන්ස්ලන්තය සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වලය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රමාණය 5701 ක් දක්වා 8.1% කින් වර්ධනය වී තිබේ.
ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ owner-occupier වෙළෙඳ පොළේ පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රතිශතය 32.1% ක් වූ බවද වාර්තා වේ.
එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළමු නිවාසය මිලට ගන්නන් ගනු ලැබූ නිවාස ණය මුදලෙහි මධ්‍යන අගය $361,884 ක් ලෙස සටහන් වී ඇතැයි Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම පසුගිය වසරේදී බ්‍රිස්බේන් නුවර නිවාස වල මධ්‍යන මිල 1.3% කින් $577,664 දක්වා වැඩිවුණු බවද වාර්තා වේ.

දකුණු ඔස්ට්‍රේලියාව තෙවැනි තැනට
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පළමු නිවාසය මිලට ගන්නන්ගේ ප්‍රමාණය 1600 ක් දක්වා 7.9% කින් වර්ධනය වී තිබේ.
එමෙන්ම පසුගිය වසරේදී දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිවාස වල මධ්‍යන මිල 3.6% කින් $$329,621 දක්වා වැඩිවුණු බවද වාර්තා වේ.


