SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් භාවිතය පාලනය කිරීමට නව ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිපත්ති මාලවක් (SBS සිංහල/ වාර්තා)

recycling
Source: Pixabay

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ජාතික ප්ලාස්ටික් සමුළුව පසුගිය සඳුදා (02/03) කැන්බරා නුවරදී පැවැත්විණි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිපත්ති සමාලෝචනය කර නව්‍යකරණයට ලක් කෙරුණි.

recycling
Source: AP

ප්‍රතිචක්‍රීකරණ ප්‍රතිපත්ති

මධ්‍යම රජයට සම්බන්ධ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු පරිසර හිතකාමී තිරසාර ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවට පසුගියදා පැවති ජාතික ප්ලාස්ටික් සමුළුවේදී තීරණය කෙරුණි.

එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය භාවිත කළ යුතු බවටද රජයේ ප්‍රතිසම්පාදන ප්‍රතිපත්ති සංශෝධනය කරමින් එහිදී තීරණය කෙරිණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ නිපදවන කසළ කළමනාකරණය කිරීමට දැවැන්ත සටනක් දියත් කර ඇත.

එහිදී මෙම නව ප්‍රතිපත්ති හරහා සැලකිය යුතු වෙනස්කමක් කිරීමට හැකිවෙතැයි අගමැති මොරිසන් අපේක්ෂා කරයි.

recycling
Prime Minister Scott Morrison at the National Plastics Summit at Parliament House in Canberra Source: AAP

ඔස්ට්‍රේලියාවේ කසළ අපනයනය

ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට මධ්‍යම රජය මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටියි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවෙන් බොහෝ ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයට එක්වන බවට පසුගිය වසර කිහිපය මුළුල්ලේම චෝදනා එල්ල වෙමින් පවතී.

සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණ ඔස්ට්‍රේලියාව අවට ඇති සාගර වලට මුහුවෙන බවට මේ වන විට ගණන් බලා ඇත.

එමෙන්ම වාර්ෂිකව කසළ ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු සහ ටයර් මිලියන 1.4 ක් පමණ අපනයනය කරන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවෙන් සාගරයට මුදා හැරෙන ප්ලාස්ටික් නිසාවෙන් සමස්ත පැසිෆික් කලාපයටම සිදුවන තර්ජනය පිළිබඳවද අගමැති මොරිසන් ජාතික ප්ලාස්ටික් සමුළුවේදී අවධාරණය කළේය.

recycling
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now