කොරෝනා වයිරසය ලෝකය පුරා ශීග්‍රයෙන් පැතිරී යාම නිසා ඔස්ට්‍රේලියානුවාසීන් ට ඇතැම් රටවලට සංචාරය කිරීම මේ වන විට තහනම් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කෙසේනමුත් පනවා ඇති එම සංචාරක තහනම නිසා තම සංචාරයන් අවලංගු කරන ඔස්ට්‍රේලියානුවාසීන්ට ඒ සඳහා ගෙවූ මුදල් රක්ෂණ ආවරණ හරහා ලබා ගැනීමට නොහැකි වන බව වාර්තා වේ.

සංචාරය අවලංගු කළහොත් මුදල් නොලැබෙයි
මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ට චීනයට, දකුණු කොරියාවට සහ ඉරානයට සංචාරය කිරීම තහනම් කර තිබේ.
ජනවාරි 23 වන දිනට පෙරාතුව සංචාරක රක්ෂණයක් ගෙන ඇති සංචාරකයින් ඉහත රටවලට ගියහොත් ඔවුන් දැනුවත්වම ඔවුන්ගේ සංචාරක රක්ෂණය අවලංගු කරගැනීමක් සිදු කරන බව රක්ෂණ විශේෂඥයෝ පවසති.
එමෙන්ම ඊට පසුව අදාළ තහනම් කර රටවලට තම ගුවන් ටිකට් පත් වෙන් කරවාගත් පුද්ගලයින්ට ඒවා අවලංගු කරගැනීමේදී රක්ෂණය යටතේ මුදල් ආපසු නොලැබෙනු ඇතැයිද ඔවුහු පවසති.
කෙසේවෙතත්, එක් එක් සංචාරක රක්ෂණයන් එකිනෙකට වෙනස් බවත් තම තමන්ගේ රක්ෂණ ප්‍රතිපත්ති සියුම්ව පරීක්ෂා කරගත යුතු බවත් ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාවේ Lisa Kable චැනල් 9 පුවත් සේවයට පැවසුවාය.
සංචාරක තහනම් පනවා ඇති රටවලට ලබාගත් ගුවන් ටිකට් පත් අවලංගු කිරීමේදී බොහෝ රක්ෂණ යටතේ අදාළ සංචාරකයින්ට මුදල් ආපසු නොලැබෙනු ඇතැයි ඇය පෙන්වා දෙයි.
නමුත් යම් සංචාරක රක්ෂණයක "cancel for any reason" යන වගන්තිය ඇත්නම් එම පුද්ගලයාට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හැකියාව පවතින බවද ඇය පෙන්වා දුන්නාය.

ඔස්ට්‍රේලියානුවාසීන්ට පනවා ඇති සංචාරක තහනම්
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන්ට චීනයට, දකුණු කොරියාවට සහ ඉරානයට සංචාරය කිරීම තහනම් කර තිබේ.
එමෙන්ම ජපානය, ඉතාලිය සහ මොන්ගෝලියාවද සංචාරය ඉහළ අවදානමක් සහිත රටවල් ලෙස smartraveller වෙබ් අඩවිය නම් කර තිබේ.
මේ අතර චීනය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට සෘජුව ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කර තිබේ.
එම රටවල විදෙස් සංචාරකයෙකු හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය නම් දින 14 ක කාලයක් අදාළ රටෙන් පිටවී අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.


