මෙල්බර්න් ඇතැම් උප නගර වලට වඩා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස මිල අධික බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

House Prices

Source: AAP

මෙල්බර්න් කලාපයේ ඇතැම් උප නගර වලට (suburbs) වඩා වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතැම් ප්‍රාදේශීය කලාප වල පිහිටි නිවාස වල මිල ඉහළ බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

සාමාන්‍යයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල පිහිටි නිවාස වල මිල මෙල්බර්න් කලාපයේ උප නගර වල පිහිටි නිවාස මිලට වඩා සෑම විටම අඩු අගයක් ගනී.
house prices
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඇතැම් ප්‍රාදේශීය කලාප වල පිහිටි නිවාස වල මිල ඉහළට

මෙල්බර්න් කලාපයේ අඩුම නිවාස මිල සටහන් වන උප නගර 20 කට වඩා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප 47 ක පිහිටි නිවාස වල මිල අධික බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් සම්බන්ධව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය මෙය අනාවරණය කරයි.

ඒවාට අමතරව Mornington Peninsula කලාපයේ උප නගර වල නිවාස මෙල්බර්න් කලාපයේ අඩුම නිවාස මිල සටහන් වන උප නගර වල නිවාස මිලට වඩා ඉහළ අගයක් ගන්නා බව ඔවුහු සඳහන් කරති.

උදාහරණයක් ලෙස මෙල්බර්න් නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 8 ක් පමණ දුරකින් පිහිටි Footscray උප නගරයේ නිවසක මධ්‍යන මිල $788,750 ක් වන නමුත් මෙල්බර්න් නගරයේ සිට කිලෝ මීටර් 80 ක පමණ දුරකින් පිහිටි ඇතුළත Geelong කලාපයේ Newtown උප නගරයේ නිවසක මධ්‍යන මිල $803,500 ක් ලෙස දැක්විය හැකිය.

එමෙන්ම මෙල්බර්න් නගරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරකින් පිහිටි Pascoe Vale උප නගරයේ නිවසක මධ්‍යන මිල $730,000 ක් වන නමුත් මෙල්බර්න් නගරයේ සිට කිලෝ මීටර් 117 ක පමණ දුරකින් පිහිටි ඇතුළත Ballarat කලාපයේ Lake Wendouree උප නගරයේ නිවසක මධ්‍යන මිල $760,000 ක් ලෙස සටහන් වේ.
house prices
Source: AAP

මෙල්බර්න් කලාපයෙන් සංක්‍රමණික ප්‍රජාව බැහැර වෙමින් පවතී

2019 දෙසැම්බර් මාසය අවසන් වන විට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස මිල සමස්තයක් ලෙස 8% කින් ඉහළ ගොස් ඇතැයි Domain ආර්ථික විද්‍යාඥ Trent Wiltshire පවසයි.

පසුගිය වසර ද්විත්වය තුළ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල සැලකිය යුතු ලෙස ජනගහන වර්ධනයක් සිදුවීම ඊට ප්‍රධානතම හේතුව බව ඔහු පැහැදිලි කරයි.

විශේෂයෙන්ම මෙල්බර්න් නගරයේ සිට පැයකින් දෙකකින් පැමිණිය හැකි වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පිහිටි විශාල නගර වල නිවාස මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව Trent Wiltshire පවසයි.

වත්මන් ලිබරල් සන්ධාන රජයේ නව සංක්‍රමණික ප්‍රතිපත්ති වලට අනුව සංක්‍රමණික ප්‍රජාව මෙල්බර්න් සහ සිඩ්නි යන ප්‍රධාන නගර වලින් බැහැර කිරීමට පසුගිය වසරේ සිට පියවර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙල්බර්න්වාසී බොහෝ සංක්‍රමණිකයෝ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත යොමු වෙමින් පවතී.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වලද නිවාස සඳහා ඉල්ලුම ඉහළ යමින් පැවතීම මෙලෙස මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වී තිබේ.
House Prices
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න් ඇතැම් උප නගර වලට වඩා වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස මිල අධික බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala