මෙල්බර්න් උප නගර වල සිට මෙල්බර්න් නගරයට "පා පැදි සඳහාවූ සුපිරි අධිවේගී මාර්ග" පද්ධතියක් ඉදි කිරීමට යෝජනා (SBS සිංහල/ වාර්තා)

cycling

Source: AAP

මෙල්බර්න් කලාපයේ ශීග්‍රයෙන් සංවර්ධනය වන උප නගර වල (suburbs) සිට මෙල්බර්න් නගරයට "cycling superhighways" හෙවත් "පා පැදි සඳහාවූ සුපිරි අධිවේගී මාර්ග" ඉදි කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම යෝජනාවට ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතම ආයතනයක් වන Infrastructure Australia ආයතනය සිය සහයෝගය පළ කර ඇත.
cycling
Source: Pixabay

මෙල්බර්න් නගරයට පා පැදි සඳහා වූ සුපිරි අධිවේගී මාර්ග පද්ධතියක්

ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් වැඩදායී ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනය කරමින් Infrastructure Australia ආයතනය විසින් වාර්ෂිකව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකසනු ලබයි.

ඒ අනුව මෙල්බර්න් කලාපයේ උප නගර වල (suburbs) සිට මෙල්බර්න් නගරයට පා පැදි සඳහා වූ සුපිරි අධිවේගී මාර්ග පද්ධතියක් වසර 5 ක් තුළ ඉදිකළ යුතු බවට එම ආයතනය අවධාරණය කර තිබේ.

මේ හරහා බොහෝ පිරිස් පා පැදි මගින් ගමන් යාමට උනන්දු කරවිය හැකි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහා මාර්ග වල රථ වාහන තදබදය අවම කරගත හැකි බවත් Infrastructure Australia ආයතනය විශ්වාස කරයි.

මෙම අදහස ප්‍රථමයෙන්ම යෝජනා කරනු ලැබුවේ පසුගිය වසරේදී RACV ආයතනය විසිනි.

මෙල්බර්න් නගරය ආශ්‍රිත ප්‍රධාන ක්‍රියාකාරී ස්ථාන 17 ක් යා කරමින් පා පැදි ධාවනය කිරීමට මාර්ග 17 ක් ඉදිකළ යුතු බවට එහිදී යෝජනා කෙරුණි.
cycling
Source: Pixabay

වික්ටෝරියානුවාසීන් සතුව වැඩිපුර පා පැදි සතුයි

වික්ටෝරියානුවාසීන් සතුව වැඩිපුර පා පැදි සතු බව Infrastructure Australia ආයතන වාර්තාව පවසයි.

නමුත් මේ වන විට ඔවුන් එම පා පැදි ගමනාගමනය සඳහා යොදා නොගන්නා බව වාර්තා වේ.

දෛනික ගමනාගමනය සඳහා  අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව මෙන්ම ස්ථාන අතර මනාව යා කෙරුණු පා පැදි සඳහාවූ මාර්ග පද්ධතියක් නොමැතිවීම ඊට හේතුව ලෙස දැක්වෙයි.

පා පැදි සඳහා මෙම මාර්ග ඉදිකිරීමේදී මෙල්බර්න් නගරය ආශ්‍රිතව පිහිටි Chapel Street, St Kilda Road සහ Napier Street සිට St Georges Road දක්වා කලාපය උදෙසා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව RACV පර්යේෂණය හඳුනාගෙන තිබේ.

එහිදී මෝටර් රථ ධාවනය වන මං තීරු වලින් පා පැදි මං තීරු වෙන්ව පිහිටන ලෙස ඉදිකළ යුතු බව RACV ආයතනයේ සැලසුම වී තිබේ.

නමුත් මෙල්බර්න් CBD හිදී ඒවා නැවත එක්වන අයුරු එම සැලසුමේ දැක්වෙයි.
cycling
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service