ඔස්ට්‍රේලියාව තුළ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව ඊයේ තහවුරු විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එම සිදුවීම් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව
මේ වන තෙක් ඔස්ට්‍රේලියාවේ වාර්තාවූ සියලුම කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස් හට එම වයිරසය ආසාදනය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් පිටතදීය.
නමුත් ඊයේ දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගත් අතර ඉන් දෙදෙනෙකුටම පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොරෝනා වයිරසය ආසාදනය වී ඉරානයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයෙකු ගේ සොයුරියකට කොරෝනා ආසාදනය වී තිබීම ඉන් එක් සිදුවීමක් විය.
53 වියෙහි පසුවන පිරිමි වෛද්‍යවරයෙකු අනෙක් ගොදුර වී තිබේ.
පසුගිය මාස තුන ඇතුළත ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටතට නොගිය බවද වාර්තා වේ.
අදාළ වෛද්‍යවරයා සායනික වෛද්‍ය කටයුතු වල යෙදී ඇති අතර රෝගීන් සමග සෘජු සබඳකම් පවත්වමින් තම වෛද්‍ය කටයුතු කරගෙන ගිය බව පැවසේ.

අතට අත දීම නොකළ යුතුයි
මෙම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු බවත් මහජනතාව තම පිරිසිදුකම සහ සෞඛ්‍ය පිළිබඳ මනා අවධානයක් යොමු කළ යුතු බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.
එනිසාම කෙනෙකු හමුවූ විට අතට අත දීම නොකරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අතට අත දීම යනු ඔස්ට්‍රේලියාවේ අමුත්තෙකු හෝ හිතවතෙකු හමුවූ විට පිළිගන්නා සුපුරුදු ක්‍රමය වුවද මේ තත්ත්වය හමුවේ එයින් වැළකී සිටීම වඩා යෝග්‍ය බව ඔහුගේ අදහසය.
ඒ වෙනුවට පිටට සෙමින් තට්ටු කිරීම වැනි ක්‍රමයක් අනුගමනය කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදනය
ඊයේ (02/03) පස්වරුව වන විට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 33 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වේ.
78 වියෙහි පසුවූ එම පුද්ගලයා පර්ත් වාසියෙකු වූ අතර ජපානයේ Diamond Princess cruise නෞකාවේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඔහුව රෝහල් ගත කෙරුණි.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස (02/03) 6:30pm AEDT වෙලාවට අනුව වාර්තා වන්නේ පහත අයුරිනි.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 9
- වික්ටෝරියානු ප්‍රාන්තය - 9
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 9
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 3
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 2
- ටස්මේනියා ප්‍රාන්තය - 1

ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රථම කොරෝනා ආසදිතයා හමුවෙයි
ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රථම කොරෝනා ආසදිතයා ඊයේ (02/03) පස්වරුවේ හමුවූ බව වාර්තා වේ.
එම පුද්ගලයා 40 වියෙහි පසුවන පිරිමි අයෙකු බව සඳහන්.
ඔහු ඉරානයේ සිට ටස්මේනියාවට පැමිණ ඇති අතර පසුව ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී ඇතැයි වාර්තා වේ.
ඉරානයේ සිටින සංචාරකයින්ට පසුගිය මාර්තු 01 වන දින සිට ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කෙරුණු නමුත් මේ පුද්ගලයා එම සංචාරක තහනමට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසුවේය.
මේ වන විට අදාළ රෝගියා Launceston රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.


