කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වාලීම සහ එය සුව කරගැනීමට හැකි බව පවසන ව්‍යාජ නිෂ්පාදන වල වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කිරීමට Facebook සමාගම තීරණය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වීම වසංගත තත්ත්වයක් බවට පත් වෙමින් පවතින අවධියක Facebook සමාගම මෙම තීරණය ගෙන තිබේ.

ව්‍යාජ වෙළෙඳ දැන්වීම් තහනම
කොරෝනා වයිරසය චීනය සහ චීනයෙන් පිටත ශීග්‍රයෙන් වර්ධනය වන බව නවතම පුවත් අනාවරණය කරයි.
මේ වන විට රවටල් 60 කට අධික සංඛ්‍යාවක කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙවන් පසුබිමක කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වාලීම සහ එය සුව කරගැනීමට හැකි බව පවසන ව්‍යාජ නිෂ්පාදන බොහොමයක් කරළියට පිවිස ඇත.
මෙම නිෂ්පාදන සියල්ලම පාහේ ව්‍යාජ නිෂ්පාදන බවට මේ වන විට හඳුනාගෙන තිබේ.
මෙනිසාම මෙම ව්‍යාජ නිෂ්පාදන වල වෙළෙඳ දැන්වීම් Facebook ඔස්සේ ප්‍රචාරය කිරීම Facebook සමාගම විසින් තහනම් කර තිබේ.
කොරෝනා වයිරසය පිළිබඳ විවිධ අසත්‍ය පුවත් මෙන්ම එය සුව කරගැනීමට සහ එය ආසාදනය වීම වළක්වාලීමට විවිධ ව්‍යාජ ක්‍රියාවන් පසුගිය සති කිහිපය පුරාවට අන්තර්ජාලය ඔස්සේ ශීග්‍රයෙන් සැරිසරන්නට විය.
මේ හේතුවෙන් විශාල ලෙස මුදල් ගැරීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම වළකන 100% ක් ආරක්‍ෂිත මුව වැසුම් පිළිබඳ ප්‍රචාරක දැන්වීම් ද මේ හරහා ප්‍රචාරය තහනම් කිරීමට Facebook සමාගම තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදනය
මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 26 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වේ.
78 වියෙහි පසුවූ එම පුද්ගලයා පර්ත් වාසියෙකු වූ අතර ජපානයේ Diamond Princess cruise නෞකාවේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඔහුව රෝහල් ගත කෙරුණි.
මේ අතර වික්ටෝරියානු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස 9 බැගින් වාර්තා වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 5 දක්වා ඉහළ ගොස් තිබේ.
Image
ගෝලීය වශයෙන් කොරෝනා බලපෑම
කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස් සිටින රවටල් සංඛ්‍යාව 60 ඉක්මවා ඇති බව වාර්තා වේ.
කොරෝනා වයිරසය ශීග්‍රයෙන් පැතිරීම නිසා ලෝක ප්‍රකට ප්‍රංශයේ ලුවී කෞතුකාගාරය වසා දැමුණු බව සඳහන්.
එමෙන්ම ප්‍රංශයේ කතෝලික දේවස්ථාන වල බැතිමතුන්ට ආශිර්වාද පතා මුව තුළ රඳවන පූපයන් ලබාදීමද පූජකවරුන් නවත්වා ඇතිබව වාර්තා වේ.
මේ අතර කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ තවත් මරණ 5 ක් අලුතෙන් වාර්තා වන අතර ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඉතාලියේ සිටින කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස 1,694 දක්වා ඉහළ නැග තිබේ.
මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 388 ක් ඉරානයෙන් වාර්තා වන අතර මරණ 54 ක් වාර්තා වේ.
චීනයට පසුව කොරෝනා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉරනයෙනි.

අද (02/03) වනවිට කොරෝනා වයිරසය නිසා ඉහළම බලපෑම් ඇති රටවල්
- චීනය - ආසාදනයවූපිරිස - 79,826 / මරණ - 2,870
- දකුණුකොරියාව - ආසාදනයවූපිරිස - 3,526 / මරණ - 20
- ඉතාලිය - ආසාදනයවූපිරිස - 1,694 / මරණ - 34
- ඉරානය - ආසාදනයවූපිරිස - 978 / මරණ - 54
- ජපානය - ආසාදනයවූපිරිස - 961 / මරණ - 12


