ඔස්ට්‍රේලියාවේ නිවාස අලෙවියේ පසුගාමී තත්ත්වයක් පසුගිය කාලයේ පැවතියද ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වල තත්ත්වය සුබදායී මට්ටමකට මේ වන විට පත්ව ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සතිය අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස වෙළෙඳ පොළ ද්විත්වය වන මෙල්බර්න් හා සිඩ්නි වල තත්ත්වය අනුව මේ බව පෙනී යයි.

සිඩ්නි හා මෙල්බර්න් නගර වල නිවාස වෙන්දේසිය ඉහළට
ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙඳ පොළෙන් වෙන්දේසියට යොමු කළ නිවාස වලින් සිඩ්නි සහ මෙල්බර්න් නගර වල නිවාස 79.2% ක් පසුගිය සති අන්තයේදී වෙන්දේසි වූ බව වාර්තා වේ.
ඊට පෙර සතියේ එම ප්‍රතිශතය වාර්තා වුයේ 70.5% ක් ලෙසය.
එමෙන්ම එය පසුගිය වසරේ මේ කාලය වන විට වාර්තා වුයේ 50.8% ක් වැනි ඉතා අවම මට්ටමකය.
මන්ද පසුගිය වසර වන විට ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළෙහි බරපතල කඩා වැටීමක් සිදුවූ අතර එනිසාම නිවාස අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි.
පසුගිය සති අන්තයේදී සිඩ්නි නිවාස වෙළෙඳපොලේ නිවාස 506 ක් වෙන්දේසියට ලැයිස්තුගත කර තිබූ අතර ඉන් 330 ක් වෙන්දේසි වී තිබුණි.
එමෙන්ම මෙල්බර්න් නිවාස වෙළෙඳපොලේ නිවාස 649 ක් වෙන්දේසියට ලැයිස්තුගත කර තිබූ අතර ඉන් 475 ක් වෙන්දේසි වී තිබුණි.

අලෙවියට යොමු කරන නිවාසවල වැඩි වීමක්
නිවාස වෙන්දේසියේ තත්ත්වය ඉහළ යාම නිසාම අලෙවියට යොමු කරන නිවාස වලද වැඩිවීමක් පවතින බව නවතම දත්ත පෙන්වා දෙයි.
සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ ද්විත්වයේ මේ තත්ත්වය කැපී පෙනෙන ලෙස දක්නට ලැබේ.
නමුත් පසුගිය වසරේ මැද බාගය වන විට අලෙවියට යොමු කරන නිවාස වල බරපතල අඩුවීමක් දක්නට ලැබුණු බව ද වාර්තා වේ.
2019 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස ත්‍රිත්වය ඇතුළත නිවාස 18,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 55.5% ක් පමණ අලෙවි වූ බව CoreLogic නවතම දත්ත වාර්තා කරයි.
එමෙන්ම පසුගිය වසරේ එම කාලය අතරතුර නිවාස 25,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 57.8% ක් පමණ අලෙවි වූ බව වාර්තා විය.
පසුගිය වසරේ ඇතිවූ නිවාස වෙළෙඳ පොළේ මන්දගාමී තත්ත්වය නිසා අලෙවි කිරීමට දැමුණු නිවාස බොහෝ කාලයක් වෙළෙඳ පොළේ පලවීම හේතුවෙන් නිවාස හිමිකරුවෝ ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණෝය.


