මෙල්බර්න් සහ සිඩ්නි වල නිවාස වෙන්දේසිය ශීග්‍රයෙන් ඉහළ යයි (SBS සිංහල/ වාර්තා)

Auction clearance rates rise rapidly in Melbourne and Sydney

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ නිවාස අලෙවියේ පසුගාමී තත්ත්වයක් පසුගිය කාලයේ පැවතියද ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වල තත්ත්වය සුබදායී මට්ටමකට මේ වන විට පත්ව ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය සතිය අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නිවාස වෙළෙඳ පොළ ද්විත්වය වන මෙල්බර්න් හා සිඩ්නි වල තත්ත්වය අනුව මේ බව පෙනී යයි.
Auction clearance rates rise rapidly in Melbourne and Sydney
Source: pexels

සිඩ්නි හා මෙල්බර්න් නගර වල නිවාස වෙන්දේසිය ඉහළට

ඔස්ට්‍රේලියාවේ සමස්ත නිවාස වෙළෙඳ පොළෙන් වෙන්දේසියට යොමු කළ නිවාස වලින් සිඩ්නි සහ මෙල්බර්න් නගර වල නිවාස 79.2% ක් පසුගිය සති අන්තයේදී වෙන්දේසි වූ බව වාර්තා වේ.

ඊට පෙර සතියේ එම ප්‍රතිශතය වාර්තා වුයේ 70.5% ක් ලෙසය.

එමෙන්ම එය පසුගිය වසරේ මේ කාලය වන විට වාර්තා වුයේ 50.8% ක් වැනි ඉතා අවම මට්ටමකය.

මන්ද පසුගිය වසර වන විට ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළෙහි බරපතල කඩා වැටීමක් සිදුවූ අතර එනිසාම නිවාස අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණි.

පසුගිය සති අන්තයේදී සිඩ්නි නිවාස වෙළෙඳපොලේ නිවාස 506 ක් වෙන්දේසියට ලැයිස්තුගත කර තිබූ අතර ඉන් 330 ක් වෙන්දේසි වී තිබුණි.

එමෙන්ම මෙල්බර්න් නිවාස වෙළෙඳපොලේ නිවාස 649 ක් වෙන්දේසියට ලැයිස්තුගත කර තිබූ අතර ඉන් 475 ක් වෙන්දේසි වී තිබුණි.
Buying a house
Source: Pixabay

අලෙවියට යොමු කරන නිවාසවල වැඩි වීමක්

නිවාස වෙන්දේසියේ තත්ත්වය ඉහළ යාම නිසාම අලෙවියට යොමු කරන නිවාස වලද වැඩිවීමක් පවතින බව නවතම දත්ත පෙන්වා දෙයි.

සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ ද්විත්වයේ මේ තත්ත්වය කැපී පෙනෙන ලෙස දක්නට ලැබේ.

නමුත් පසුගිය වසරේ මැද බාගය වන විට අලෙවියට යොමු කරන නිවාස වල බරපතල අඩුවීමක් දක්නට ලැබුණු බව ද වාර්තා වේ.

2019 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස ත්‍රිත්වය ඇතුළත නිවාස 18,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 55.5% ක් පමණ අලෙවි වූ බව CoreLogic නවතම දත්ත වාර්තා කරයි.

එමෙන්ම පසුගිය වසරේ එම කාලය අතරතුර නිවාස 25,000 ක් පමණ වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබූ අතර එයින් 57.8% ක් පමණ අලෙවි වූ බව වාර්තා විය.

පසුගිය වසරේ ඇතිවූ නිවාස වෙළෙඳ පොළේ මන්දගාමී තත්ත්වය නිසා අලෙවි කිරීමට දැමුණු නිවාස බොහෝ කාලයක් වෙළෙඳ පොළේ පලවීම හේතුවෙන් නිවාස හිමිකරුවෝ ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණෝය.
Auction clearance rates rise rapidly in Melbourne and Sydney
Source: SBS Sinhala



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service