ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 13.6% ක් දුප්පත්කමින් සිරවී සිටින්නේ අඩු සුබ සාධන දීමනා, රැකියා හිඟකම සහ දැරිය නොහැකි නිවාස මිල නිසාලු (SBS සිංහල/ වාර්තා)

poverty

Source: AAP

නවතම වාර්තාවකට අනුව සෑම ඔස්ට්‍රේලියානුවාසී වැඩිහිටියන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුම සහ සෑම ඔස්ට්‍රේලියානුවාසී ළමුන් හයදෙනෙකුගෙන් එක් අයෙකුම දරිද්‍රතාවයෙන් ජීවත්වන බව හෙළිවී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාව සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය එක්ව සිදුකළ අධ්‍යනයකදී මේ බව අනාවරණය වී ඇත.

poverty
Source: AFP

ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාවය

ඉහත අධ්‍යනයට අනුව ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 13.6% ක් පමණ දරිද්‍රතා සීමාව හෙවත් poverty line එකෙන් පහත ජීවත් වන බව හෙළිදරව් වී තිබේ.

එම ප්‍රමාණය මිලියන 3.24 ක් පමණ වන බව පැවසේ.

මෙම අධ්‍යනය මූලික වශයෙන් ගෙදර දොර වියදම් මත සලකා බලා සිදු කර තිබෙන බවද සඳහන්.

ඉහත මිලියන 3.24 න් 774,000 ක් පමණ කුඩා දරුවන් බවද සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාව සහ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පවසයි.

මෙලෙස ඔස්ට්‍රේලියානුවාසීන් දුප්පත් කමින් සිරවී සිටින්නේ ඉතා අඩු සුබ සාධන දීමනා, රැකියා හිඟකම සහ දැරිය නොහැකි නිවාස මිල නිසා බව සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ප්‍රධාන විධායක Cassandra Goldie පවසයි.

එනිසා සුබ සාධන දීමනා ඉහළ දැමීමට, රජයේ නිවාස සඳහා ආයෝජනය කිරීමට මෙන්ම රැකියා වර්ධනය කිරීමට ඇය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

මේ වන විට පවතින ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඔස්ට්‍රේලියානුවාසීන් දුප්පත් කරවන ආර්ථිකයක් බවද ඇය පෙන්වා දුන්නාය.

poverty
Australian Council of Social Service CEO Cassandra Goldie Source: AAP

අනෙකුත් සංවර්ධිත රටවල සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතාව

අනෙකුත් සංවර්ධිත රටවල සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ දරිද්‍රතා අනුපාතය ඉතා අයහපත් බව මෙම අධ්‍යනය සිදුකළ පර්යේෂකයෝ අනතුරු අඟවති.

විශේෂයෙන් නවසීලන්තය, ජර්මනිය සහ අයර්ලන්තයට සාපේක්ෂව එම අගය ඉතා බරපතල බව ඔවුහු පෙන්වා දෙති.

ඔස්ට්‍රේලියාවේ එක් වැඩිහිටියෙකු සඳහා දරිද්‍රතා සීමාව සතියකට $457 කි.

එම අගය තීරණය කරනු ලබන්නේ වැඩිහිටියෙකුගේ මධ්‍යන ආදායමෙන් 50% ක් ලෙසය.

දුප්පත් කම නිසා තරුණ දීමනා (Youth Allowance) ලබන්නන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම සිය ආහාර වේල් මග හරින බවත් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුම අධ්‍යාපනය ලැබීම හැර යන බවත් මෙම අධ්‍යනයෙන් අනාවරණය වී ඇත.

මේ අතර දුප්පත් කම නිසා Newstart දීමනා ලබන්නන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම සිය ආහාර වේල් මග හරින බවද හෙළිවී තිබේ.

poverty
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now