Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය සේවා වියදම් පියවීම සඳහා අලුත් බද්දක් පැමිණෙන හෝ Medicare බද්ද ඉහළ දැමීමක් සිදුවන ලකුණු (SBS සිංහල/ වාර්තා)

Australian money
Source: Flickr

ඔස්ට්‍රේලියානුවාසීන්ට මානසික සෞඛ්‍ය පිළිබඳ නව බද්දක් ගෙවීමට නුදුරේදී බොහෝ දුරට ඉඩ ඇති බව පැවසෙයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ නව යෝජනාවකට අනුව මෙය බොහෝ  දුරට සිදුවිය හැකි බව අනුමාන කෙරේ.

Medicare
تغييرات على تغطية الميديكير لعمليات جراحية Source: AAP

මානසික සෞඛ්‍ය පිළිබඳ නව බද්දක්

ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය යනු කෙමෙන් වර්ධනය වන දැවැන්ත සමාජ ගැටළුවක් වී ඇති අතර එය මේ වන විට ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ද බලපාමින් පවතී.

මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්ම ප්‍රාන්ත රජයන්ද තම වාර්ෂික අය වැයේදී සැලකිය යුතු මුල්‍ය ප්‍රතිපාදන මානසික සෞඛ්‍ය සේවා සහ ප්‍රතිකාර සඳහා වෙන් කරයි.

මේ අතරේ දිනෙන් දින ඉහළ යන එම වියදම පියවා ගැනීමට නව බද්දක් හෝ දැනට පවතින  Medicare බද්ද ඉහළ නැංවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර සාකච්ඡා පැවැත්වුණු බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව මානසික සෞඛ්‍ය සේවා සහ ප්‍රතිකාර සඳහා වැයවන දැවැන්ත පිරිවැය උදෙසා අලුතින් බද්දක් හඳුන්වා දෙනවාද නැතිනම් මේ වන විට පවතින Medicare බද්ද තවත් ඉහළ නංවනවා දැයි යන්න එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.

කෙසේවෙතත්, මහජනයාට පීඩාවක් එල්ල නොවන අන්දමින් මෙය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Medicare levy
Source: Getty Images

මානසික සෞඛ්‍ය සඳහා වැයවන මුදල

පසුගිය වසරේ පමණක් මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ සේවාවන් ලබාගැනීම වෙනුවෙන් WorkCover වෙතින් ගාස්තු (මුදල්) නැවත ලබාගැනීම් (claims) ඩොලර් මිලියන 700 ක් පමණ සිදුවී ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත රජය අනාවරණය කරයි.

එමෙන්ම මේ දශකයේදී එම ප්‍රමාණය තවත් 34% කින් ඉහළ යනු ඇතැයි ඔවුහු අනුමාන කරති.

සෑම වසරකම තම රැකියාව කරන අතරේ සෑම වික්ටෝරියානු වාසීන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම මානසික සෞඛ්‍ය ගැටළුවකින් පෙළෙන බව WorkSafe ආයතනය පවසයි.

මෙය බරපතල තත්ත්වයක් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ මානසික සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය Martin Foley පැවසීය.

මේ අනුව මේ සඳහා වන දැවැන්ත පිරිවැය සොයා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවත් එය තවමත් සම්පූර්ණයෙන් හෙළිදරව් කර නැති බවත් වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ වන විට මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ සේවා සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 1.7 ක් පමණ වැය කරන අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඒ සඳහා ඩොලර් බිලියන 5 ක් පමණ වැය කරන බව සඳහන්.

Medicare levy
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now