වත්මන් ගමනාගමන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ Uber සමාගම මෙල්බර්න් නුවරට තවත් නව අත්දැකීමක් එක් කිරීමට සූදානම් වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විදුලියෙන් ක්‍රියා කරන පා පැදි මෙල්බර්න් නුවරට හඳුන්වා දීමට Uber සමාගම පියවර ගෙන තිබේ.

මෙල්බර්න් නුවරට Uber විදුලි පාපැදි
ලබන මාසයේ (2020 මාර්තු) මුල සිට මෙම විදුලි පාපැදි මෙල්බර්න් නුවරට හඳුන්වා දීමට Uber සමාගම තීරණය කර ඇත.
මෙය මූලික වශයෙන් වසරක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව timeout වෙබ් අඩවිය දක්වයි.
ඒ අනුව එළඹෙන මාර්තු මාසයේදී මෙල්බර්න් නගරයේ විවිධ පොදු මෙම විදුලි පාපැදි 400 ක් පමණ යෙදවීමට Uber සමාගම අදහස් කර ඇත.
එහිදී එම පාපැදි අවශ්‍ය පුද්ගලයින්ට නියමිත පටිපාටියට අනුව එම විදුලි පාපැදි භාවිතා කිරීමට හැකියාව ලැබේ.

Uber විදුලි පාපැදි සහිත 30 වන නගරය ලෙසට මෙල්බර්න් පත්වෙයි
ලෝකයේ Uber විදුලි පාපැදි භාවිතා කරන 30 වන නගරය ලෙස මෙල්බර්න් නුවර එක්වන බව වාර්තා වේ.
මීට පෙර බර්ලින්, ලන්ඩන්, පැරිස්, මයාමි, ඕක්ලන්ඩ් වැනි ලොව ප්‍රධාන නගර මෙම අත්දැකීම තම ජනතාවට අත්කර දුන්නේය.
මීට පෙරද මෙවනි අන්දමේ පොදු පාපැදි භාවිතා කිරීමට මෙල්බර්න් නුවරට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව ලබා දී තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට බලධාරීන්ට සිදුවිය.

Uber විදුලි පාපැදි භාවිතා කිරීම
Uber විදුලි පාපැදි භාවිතා කිරීමද Uber කුලී රථ මෙන්ම ජංගම දුරකතනයේ Uber app එක හරහා සිදු කෙරේ.
තමන්ට සමීපව ඇති පා පැදිය අසළට ගොස් අදාළ app එකෙන් පා පැදියේ QR code එක unlock කර කේබල් එකේ අගුලු හැර පාපැදිය භාවිතා කිරීමට අවස්ථාව ලැබේ.
ඔබේ ගමන අවසන් වීමෙන් අනතුරුව Uber app එකේ පෙන්වන නියමිත ස්ථාන අතරින් තමන් කැමති ස්ථානයක පාපැදිය නවත්වා පසුපස රෝදයට කේබල් අගුලු යොදා ගමන නිම කිරීමට ඔබට හැකිය.


