ගමනාගමනයට නවමු අත්දැකීමක් එක් කරමින් එළඹෙන මාර්තු මාසයේ සිට මෙල්බර්න් නුවරට Uber විදුලි පාපැදි හඳුන්වා දෙයි (SBS සිංහල/ වාර්තා)

Uber electric bike

Source: Flickr

වත්මන් ගමනාගමන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකළ Uber සමාගම මෙල්බර්න් නුවරට තවත් නව අත්දැකීමක් එක් කිරීමට සූදානම් වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


විදුලියෙන් ක්‍රියා කරන පා පැදි මෙල්බර්න් නුවරට හඳුන්වා දීමට Uber සමාගම පියවර ගෙන තිබේ.
Uber electric bike
Source: Flickr

මෙල්බර්න් නුවරට Uber විදුලි පාපැදි

ලබන මාසයේ (2020 මාර්තු) මුල සිට මෙම විදුලි පාපැදි මෙල්බර්න් නුවරට හඳුන්වා දීමට Uber සමාගම තීරණය කර ඇත.

මෙය මූලික වශයෙන් වසරක අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව timeout වෙබ් අඩවිය දක්වයි.

ඒ අනුව එළඹෙන මාර්තු මාසයේදී මෙල්බර්න් නගරයේ විවිධ පොදු  මෙම විදුලි පාපැදි 400 ක් පමණ යෙදවීමට Uber සමාගම අදහස් කර ඇත.

එහිදී එම පාපැදි අවශ්‍ය පුද්ගලයින්ට නියමිත පටිපාටියට අනුව එම විදුලි පාපැදි භාවිතා කිරීමට හැකියාව ලැබේ.
Uber electric bike
Source: Flickr

Uber විදුලි පාපැදි සහිත 30 වන නගරය ලෙසට මෙල්බර්න් පත්වෙයි

ලෝකයේ Uber විදුලි පාපැදි භාවිතා කරන 30 වන නගරය ලෙස මෙල්බර්න් නුවර එක්වන බව වාර්තා වේ.

මීට පෙර බර්ලින්, ලන්ඩන්, පැරිස්, මයාමි, ඕක්ලන්ඩ් වැනි ලොව ප්‍රධාන නගර මෙම අත්දැකීම තම ජනතාවට අත්කර දුන්නේය.

මීට පෙරද මෙවනි අන්දමේ පොදු පාපැදි භාවිතා කිරීමට මෙල්බර්න් නුවරට පැමිණෙන පුද්ගලයින්ට අවස්ථාව ලබා දී තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට බලධාරීන්ට සිදුවිය.
Uber electric bike
Source: Flickr

Uber විදුලි පාපැදි භාවිතා කිරීම

Uber විදුලි පාපැදි භාවිතා කිරීමද Uber  කුලී රථ මෙන්ම ජංගම දුරකතනයේ Uber app එක හරහා සිදු කෙරේ.

තමන්ට සමීපව ඇති පා පැදිය අසළට ගොස් අදාළ app එකෙන් පා පැදියේ QR code එක unlock කර කේබල් එකේ අගුලු හැර පාපැදිය භාවිතා කිරීමට අවස්ථාව ලැබේ.

ඔබේ ගමන අවසන් වීමෙන් අනතුරුව Uber app එකේ පෙන්වන නියමිත ස්ථාන අතරින් තමන් කැමති ස්ථානයක පාපැදිය නවත්වා පසුපස රෝදයට කේබල් අගුලු යොදා ගමන නිම කිරීමට ඔබට හැකිය.
Uber electric bike
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ගමනාගමනයට නවමු අත්දැකීමක් එක් කරමින් එළඹෙන මාර්තු මාසයේ සිට මෙල්බර්න් නුවරට Uber විදුලි පාපැදි හඳුන්වා දෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala