ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ Google සමාගමට ඩොලර් මිලියන 9 කට වඩා ණය බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Australian political parties owed Google more than $9 million

Source: Pixabay

පසුගිය 2019 වසරේ මැයි මාසයේ පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ Google සමාගමට ඩොලර් මිලියන 9 කට අධික මුදලක් ණයවී ඇතැයි වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙම ණය මුදල් පිළිබඳ දත්ත ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ මුල්‍ය හෙළිදරව් කිරීමේ අංශය හරහා අනාවරණය වී තිබේ.

Australian political parties owed Google more than $9 million
Source: Pixabay

ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ ඩොලර් මිලියන ගණනක් ණය වෙයි

2019 ජුනි 30 වන දිනෙන් අවසන් වූ පසුගිය මුල්‍ය වර්ෂය සඳහා යම් දේශපාලන පක්ෂයක් $13,800 කට වැඩි මුදලක් ණය වී ඇත්නම් ඒ බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ මුල්‍ය හෙළිදරව් කිරීමේ අංශය වෙත දැන්විය යුතු බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය මුල්‍ය වර්ෂය අවසන් වූයේ මහ මැතිවරණය පවත්වා සති හයකට පසුවීම නිසා එවකට සියලු ණය මුදල්  නියමිත දිනට පෙර ගෙවා දමා නැති බවද සඳහන්.

මෙම ඩොලර් මිලියන 9 ක මුදල් මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සඳහා ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ කෙසේ වියදම් කළාද යන්න තවමත් අපැහැදිලිය.

කෙසේනමුත් පෙරට වඩා වත්මනයේදී අනතර්ජාලය හරහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර ගෙනයන හෙයින් Google හැරුණු කොට Google සමාගමට අනියුක්ත Facebook, YouTube වැනි ප්‍රබල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම ප්‍රචාරක ව්‍යාපාර දියත් කරයි.

Australian political parties owed Google more than $9 million
Source: Pixabay

2019 ජුනි 30 වන විට ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ Google සමාගමට ගෙවීමට ඇති ණය මුදල්

2019 ජුනි 30 වන විට ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ Google සමාගමට ගෙවීමට ඇති ණය මුදල් අතරින් වැඩිම ණය මුදලක් ගෙවීමට ඇත්තේ Clive Palmer ගේ United Australia (UAP) පක්ෂයටය.

එම මුදල $8,208,389 ක් ලෙස වාර්තා වේ.

නමුත් එහි පක්ෂ නියෝජිතයෙකු ABC පුවත් සේවයට පවසා ඇත්තේ මේ වන විට එම ණය මුදල් සියල්ලක්ම පියවා ඇති බවය.

එමෙන්ම ලිබරල් පක්ෂය, කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය ද Google සමාගමට ණය ගෙවීමට ඇති බව අනාවරණය වී ඇත.

කෙසේනමුත්, එම ණය මුදල් මේ වන විට ගෙවා දමා ඇතිද නැතිද යන්න පිළිබඳ ලිබරල් පක්ෂය හෝ කම්කරු පක්ෂය කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.

ABC පුවත් සේවය දක්වන අයුරින් 2019 ජුනි 30 වන විට ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ Google සමාගමට ගෙවීමට ඇති ණය මුදල් පහත පරිදි වේ.

  • Australian Greens (South Australia): $35,192
  • Australian Labor Party: $265,932
  • Australian Labor Party (NSW Branch): $185,417
  • United Australia Party: $8,208,389
  • Liberal Party of Australia: $297,000
  • Australian Greens (Victoria): $143,676
  • The Greens (NSW): $72,069
Australian political parties owed Google more than $9 million
Source: SBS Sinhala

Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now