කොරෝනා වයිරසය වසංගතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පැතිර යනු ඇතැයි මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් බොහෝ දෙනෙකු බියට සහ කලබලයට පත්වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එනිසාම ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල බොහොමයක් භාණ්ඩ පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් මිලට ගැනීමක් දක්නට ලැබේ.

භාන්ඩ වල හිඟයක් ඇතිවේදැයි බියක්
කොරෝනා වයිරසය වසංගතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පැතිරුණහොත් පාරිභෝගික භාන්ඩ හිඟයක් ඇතිවේයැයි මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් බොහොමයකගේ සිත් තුළ බියක් ඇතිවී තිබේ.
මෙනිසාම ඔවුහු බොහෝ සෙයින් කලබලයට පත්වී ඇති බවද දක්නට ලැබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාල සියල්ලකම පාහේ බොහොමයක් භාන්ඩ අවසන් වී ඇති බව වාර්තා වේ.
අදාළ භාන්ඩ ඇති රාක්ක හිස්ව ඇති බව ඒවාට යන සෑම දෙනෙකුටම දැකබලාගත හැකිය.
මෙනිසාම අනවශ්‍ය ලෙස භාන්ඩ හිඟයක් නුදුරේදීම ඇතිවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරන්නට පටන් ගෙන ඇත.

බහුල ලෙස සුපිරි වෙළෙඳ සැල් වල අවසන් වී ඇති භාන්ඩ
- Toilet Papers
- Hand Sanitisers
- වතුර බෝතල්
- පිටි කිරි
- Pasta
- නූඩ්ල්ස්
- සහල්
- Panadol වැනි මූලික ඖෂධ වර්ග

සුපිරි වෙළෙඳ සැල් වලින් තහංචි පැනවීමට සූදානමක්
කොරෝනා වයිරසයට බියෙන් මෙලෙස අනවශ්‍ය ලෙස වැඩිපුර භාන්ඩ මිලට ගැනීම නිසා අනෙකුත් පාරිභෝගිකයින් හට සිදුවන කරදර සහ රට තුළ අනවශ්‍ය බියක් ඇතිවීම වැළක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් අදාළ භාණ්ඩ සඳහා තහංචි පැනවීමට අවධානය යොමු කර ඇති බව චැනල් 9 පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව එක් එක් භාණ්ඩ වලින් එක් පුද්ගලයකු හට කොපමණ සංඛ්‍යාවක් උපරිමව මිලට ගැනීමට හැකිදැයි තීරණය කෙරෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලා ත්‍රිත්වයක් වන Woolworths, Coles සහ Aldi මෙම අත්දැකීමට මුහුණ දෙමින් සිටියි.
මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ද මේ පිළිබඳ ඊයේ (03/03) ඔස්ට්‍රේලියානුවාසීන්ට විශේෂ පණිවිඩයක් නිකුත් කළේය.
මේ වන විටත් කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාවට බලපෑම් කළ හැකි අන්දමින් පැතිර ගොස් නැති බවත් එනිසාම වසංගත තත්ත්වයක් දක්වා එය දුර දිග නොයනු ඇති බවත් ඔහු පැවසීය.
මෙවෙලෙහි සෑම පුද්ගලයෙකුම සාමාන්‍ය දැනීම භාවිත කළ යුතු බවත් කිසිසේත්ම ආහාර හෝ පාරිභෝගික භාන්ඩ හිඟයක් ඇති නොවනු ඇති බවත් අගමැති මොරිසන් එහිදී පැහැදිලි කළේය.


