කොරෝනා වයිරසයට බයේ ඔස්ට්‍රේලියාවේ Supermarket වලින් තොග පිටින් භාන්ඩ මිලට ගනු ලබන පාරිභෝගිකයින්ට තහංචි පැනවීමට යයි (SBS සිංහල/ වාර්තා)

coronavirus

Source: AAP

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පැතිර යනු ඇතැයි මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් බොහෝ දෙනෙකු බියට සහ කලබලයට පත්වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එනිසාම ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල බොහොමයක් භාණ්ඩ පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් මිලට ගැනීමක් දක්නට ලැබේ.
Coronavirus panic
Empty shelves that sell toilet rolls Source: Twitter

භාන්ඩ වල හිඟයක් ඇතිවේදැයි බියක්

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පැතිරුණහොත් පාරිභෝගික භාන්ඩ හිඟයක් ඇතිවේයැයි මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් බොහොමයකගේ සිත් තුළ බියක් ඇතිවී තිබේ.

මෙනිසාම ඔවුහු බොහෝ සෙයින් කලබලයට පත්වී ඇති බවද දක්නට ලැබේ.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාල සියල්ලකම පාහේ බොහොමයක් භාන්ඩ අවසන් වී ඇති බව වාර්තා වේ.

අදාළ භාන්ඩ ඇති රාක්ක හිස්ව ඇති බව ඒවාට යන සෑම දෙනෙකුටම දැකබලාගත හැකිය.

මෙනිසාම අනවශ්‍ය ලෙස භාන්ඩ හිඟයක් නුදුරේදීම ඇතිවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරන්නට පටන් ගෙන ඇත.
coronavirus
Source: Twitter

බහුල ලෙස සුපිරි වෙළෙඳ සැල් වල අවසන් වී ඇති භාන්ඩ

  • Toilet Papers
  • Hand Sanitisers
  • වතුර බෝතල්
  • පිටි කිරි
  • Pasta
  • නූඩ්ල්ස්
  • සහල්
  • Panadol වැනි මූලික ඖෂධ වර්ග
coronavirus
Health Minister Greg Hunt, Prime Minister Scott Morrison and Chief Medical Officer Professor Brendan Murphy give an update on coronavirus. Source: AAP

සුපිරි වෙළෙඳ සැල් වලින් තහංචි පැනවීමට සූදානමක්

කොරෝනා වයිරසයට බියෙන් මෙලෙස අනවශ්‍ය ලෙස වැඩිපුර භාන්ඩ මිලට ගැනීම නිසා අනෙකුත් පාරිභෝගිකයින් හට සිදුවන කරදර සහ රට තුළ අනවශ්‍ය බියක් ඇතිවීම වැළක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් අදාළ භාණ්ඩ සඳහා තහංචි පැනවීමට අවධානය යොමු කර ඇති බව චැනල් 9 පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව එක් එක් භාණ්ඩ වලින් එක් පුද්ගලයකු හට කොපමණ සංඛ්‍යාවක් උපරිමව මිලට ගැනීමට හැකිදැයි තීරණය කෙරෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලා ත්‍රිත්වයක් වන Woolworths, Coles සහ Aldi මෙම අත්දැකීමට මුහුණ දෙමින් සිටියි.

මේ අතර ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ද මේ පිළිබඳ ඊයේ (03/03) ඔස්ට්‍රේලියානුවාසීන්ට විශේෂ පණිවිඩයක් නිකුත් කළේය.

මේ වන විටත් කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාවට බලපෑම් කළ හැකි අන්දමින් පැතිර ගොස් නැති බවත් එනිසාම වසංගත තත්ත්වයක් දක්වා එය දුර දිග නොයනු ඇති බවත් ඔහු පැවසීය.

මෙවෙලෙහි සෑම පුද්ගලයෙකුම සාමාන්‍ය දැනීම භාවිත කළ යුතු බවත් කිසිසේත්ම ආහාර හෝ පාරිභෝගික භාන්ඩ හිඟයක් ඇති නොවනු ඇති බවත් අගමැති මොරිසන් එහිදී පැහැදිලි කළේය.
coronavirus
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වයිරසයට බයේ ඔස්ට්‍රේලියාවේ Supermarket වලින් තොග පිටින් භාන්ඩ මිලට ගනු ලබන පාරිභෝගිකයින්ට තහංචි පැනවීමට යයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala