Northern Territory වලින් පළමු කොරෝනා ආසාදිතයා හමුවන අතරේ ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිත පිරිස 50 දක්වා ඉහළට (SBS සිංහල/ වාර්තා)

coronavirus

Source: AAP

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස අද (05/03) උදෑසන වන විට 50 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා (02/03) වන විට එම අගය 33 ක් ව තිබූ නමුත් ඊයේ වන විට එය 17 කින් වැඩිවී ඇති බව සඳහන්.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

එමෙන්ම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ මරණ දෙකක් වාර්තා වේ.

AP
Source: AP

Northern Territory වලින් පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි

ඊයේ පස්වරුව වන විට Northern Territory වලින් පළමු කොරෝනා ආසාදිතයා හඳුනාගත් බව මාධ්‍ය වාර්තා කළේය.

52 වියෙහි පසුවන ඔහු සංචාරකයකු වන අතර මේ වන විට ඔහුට Royal Darwin රෝහලේ වෙනමම කාමරයක ප්‍රතිකාර කරන බව සඳහන්.

ඔහු ඉතා මෑතකදී සිඩ්නි නුවර සිට Darwin නුවරට පැමිණ ඇති නමුත් Darwin නුවර සමාජයත් සමග එතරම් කාලයක් ගැටෙන්නට ඔහුට ඉඩ නොලැබී ඇති බව Northern Territory සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා යන ප්‍රාන්ත වලින් කොරෝනා ආසාදිතයින් හමුවූ තිබුණි.

coronavirus
Source: AAP

සිඩ්නි නුවරින් තවත් ආසාදිතයෙක්

ඉරානයේ සිට පැමිණි සිඩ්නි නුවර Macquarie විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (04/03) පස්වරුවේ තහවුරු වූ බව Macquarie විශ්ව විද්‍යාලය පවසයි.

මේ වන විට සිඩ්නි නුවර Westmead රෝහලේ හුදකලා කාමරයක ඔහුට ප්‍රතිකාර කරන බව වාර්තා වේ.

අදාළ කථිකාචාර්යවරයවරයා මේ සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඉක්මන් පියවර ගත් බවත් ඔහු සිඩ්නි නුවරට නැවත පැමිණි පසුව විශ්ව විද්‍යාලය වෙත නොපැමිණි බවත් Macquarie විශ්ව විද්‍යාලය පවසයි.

coronavirus
Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

කොරෝනා වයිරසය ආසාදනය වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 11 වන පුද්ගලයා ලෙස ඉරානයේ සිට පැමිණි 26 හැවිරිදි පිරිමියෙකු වාර්තා වේ.

එමෙන්ම 20 වන වියෙහි පසුවන තවත් චීන සිසුවෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව අලුතින් තහවුරු වී ඇත.

අදාළ සිසුවා චීනයේ සිට පැමිණෙන සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පනවා ඇති තහනම මග හැරීම සඳහා දින 14 ක් ඩුබායි නුවර සිට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු මේ වන විට Brisbane රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊට අමතරව පසුගිය සතියේ  කොරෝනා වයිරසය ආසාදනය වී ඉරානයේ සිට ගෝල්ඩ් කෝස්ට් නුවරට පැමිණි 63 හැවිරිදි කාන්තාව තවමත් ප්‍රතිකාර ලබන බව පැවසේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වූ සෙසු පුද්ගලයින් 8 දෙනා මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

coronavirus
Source: AAP

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

මෑතකදී ඉරානයේ සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි 40 හැවිරිදි කාන්තාවකට සහ ඇයගේ බිළිදාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අලුතෙන්ම සොයාගෙන තිබේ.

ඇය පසුගිය මාර්තු 01 වන දින මැලේසියාවේ Kuala Lumpur නුවර හරහා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර එම ගුවන් යානයේ සිට පැමිණි අනෙක් ගුවන් මගීන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අමතන ලෙසට ඉල්ලීමක්ද කර ඇත.

coronavirus
Source: SBS Sinhala

Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now