මේ වන විට ලෝකය පුරා බරපතල ලෙස පැතිරී යන කොරෝනා වයිරසය වායු සමීකරණ පද්ධති හරහාද ආසාදනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
රෝහලක වායු සමීකරණ පද්ධතියේ වායු නල (air duct) වල කොරෝනා වයිරසයේ අංශු තිබී හමුවීමෙන් මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

වායු සමීකරණ පද්ධති හරහාත් කොරෝනා
සිංගප්පූරුවේ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනය මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබේ.
එහිදී කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු සිටි කාමර පරීක්ෂාවට ලක් කොට ඇත.
ඒ අනුව තරමක් මධ්‍යම තත්ත්වයේ කොරෝනා රෝග ලක්ෂණ (mild symptoms) වලින් පෙළෙමින් සිටි රෝගියෙකු සිටි කාමරයට සම්බන්ධ කර ඇති වායු සමීකරණ පද්ධතියේ වායු නල වල කොරෝනා වයිරසයේ අංශු මද ප්‍රමාණයක් තිබී හමුවූ බව අනාවරණය විය.
මෙම පර්යේෂණය ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ වෛද්‍ය ජර්නලයේ ප්‍රකාශයට පත් කොට තිබේ.
ඒ අනුව කාමර කාමර සම්බන්ධ කෙරෙන වායු කවුළු සහ වායු නල හරහාද මෙම කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවදානමක් පවතින බව Daily Mail වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදනය
ඊයේ (08/03) පස්වරුව වන විට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 79 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ මරණ තුනක් වාර්තා වේ.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස ඊයේ (08/03) පස්වරුව වන විට වාර්තා වන්නේ පහත අයුරිනි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 38
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 15
- වික්ටෝරියානු ප්‍රාන්තය - 12
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 7
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 4
- ටස්මේනියා ප්‍රාන්තය - 2
- Northern Territory – 1

ගෝලීය වශයෙන් කොරෝනා ආසාදනය
කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස් සිටින රවටල් සංඛ්‍යාව 65 ඉක්මවා ඇති බව වාර්තා වේ.
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 109,967 ක් වාර්තා වන බවත් මරණ 3,827 ක් වාර්තා වන බවත් සඳහන්.
ආසාදිතයින් 62,240 ක් මේ වන විට සුවය ලබා ඇති බවද worldometers වෙබ් අඩවිය වාර්තා කරයි.
චීනයෙන් පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම ප්‍රමාණය 133 ක් බව සඳහන්.
කොරෝනා වයිරසය නිසා බරපතල අර්බුදයකට ලක්ව ඇත්තේ චීනය, දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය, ප්‍රංශය සහ ජර්මනිය රටවල් බවද මේ වන විට හඳුනාගෙන තිබේ.


