කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට (casual employees) එම කාලය සඳහා ගෙවීම් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති සහ රැකියා උපදේශකවරුන් අද ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දැනුම් දීමට නියමිතය.

ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත්
කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඇතුළු ලොව සෑම රටකම ආර්ථිකයට බරපතල බලපෑමක් එල්ලවී ඇත.
එහිදී පුද්ගලයන්ගේ රැකියා සඳහාද දැඩි බලපෑම් එල්ලවී තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධායන කටයුතු වලට යොමුවීම නිසා අවම වශයෙන් දින 14 ක කාලයක් එම පිරිස් වෙත තම රැකියා සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.
එහිදී ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන සේවකයින්ට එම කාලය තම අසනීප නිවාඩු (Sick leave) හෝ වාර්ෂික නිවාඩු (Annual Leave) වලින් හිලව් කරගත හැකිය.
නමුත් අනියම් සේවකයින්ට අසනීප නිවාඩු හෝ වාර්ෂික නිවාඩු නොමැති නිසා මෙහිදී ඔවුන්ට බරපතල අසාධාරණයක් ඇතිවන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් Sally McManus පැවසුවාය.
යම් රියදුරකු කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් අදාළ පුද්ගලයාට දින 14 ක් යනතුරු මුදල් ගෙවන බවට Uber ආයතනය දැනටමත් පොරොන්දු වී තිබේ.

රැකියා අවදානම සහ එදිනෙදා වියදම්
කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට මෙන්ම අනෙකුත් සේවකයින්ට සිදුවන බලපෑම පිළිබඳ සලකා බලන ලෙස මධ්‍යම රජයට මේ වන විටත් ඉල්ලීම් රාශියක් ලැබෙමින් පවතින බවත් ඒවා පිළිබඳ සලකා බලා සුදුසු අන්දමින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බවත් වාර්තා වේ.
සේවකයින් පිළිබඳ මෙන්ම සේවා යෝජකයින් පිළිබඳවද මේ මොහොතේ රජය සිතිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
ඊට අමතරව අනියම් හෝ ස්ථිර සෑම සේවකයෙකුගේම රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ මධ්‍යම රජය මෙවේලෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, අනියම් සේවකයකු හට කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් අදාළ නිරෝධායන කාලය තුළ එම පුද්ගලයාට ආදායම අහිමිවීමෙන් ඔහුගේ නිවාස කුලිය මෙන්ම අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකි වනු ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.
එනිසාම මේ සඳහා ඉකමන් විසඳුමක් ලබා දෙන ලෙසද ඔවුහු රජයට බල කරති.
ඔස්ට්‍රේලියාවේ සිල්ලර, hospitality, සෞඛ්‍ය සහ වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍ර වල මේ වන විට මිලියන 3.3 ක පමණ පිරිසක් අනියම් සේවකයින් ලෙස සේවය කරයි.
නමුත් අසනීපයකදී ඔවුනට කිසිදු ගෙවීමක් හිමි නොවෙයි.
කෙසේවෙතත්, Australian Nursing & Midwifery Federation සංවිධානය ද අනියම් සේවකයින් වෙනුවෙන් මෙම ඉල්ලීමට සහය දක්වයි.
අනියම් පදනම යටතේ සේවය කරන හෙදියන්ට සහ වැඩිහිටි සුරැකුම් සේවකයින්ට විශේෂ නිවාඩු දීමනා ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.


