කොරෝනා නිසා ස්වයං නිරෝධායනය වීමට සිදු වුවහොත් ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට වැටුප් ගෙවන ලෙස වෘත්තීය සමිති ඉල්ලයි (SBS සිංහල/ වාර්තා)

Coronavirus

Source: Getty Images

කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට (casual employees) එම කාලය සඳහා ගෙවීම් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලීමක් කරයි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති සහ රැකියා උපදේශකවරුන් අද ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දැනුම් දීමට නියමිතය.
Coronavirus
Source: AAP

ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත්

කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඇතුළු ලොව සෑම රටකම ආර්ථිකයට බරපතල බලපෑමක් එල්ලවී ඇත.

එහිදී පුද්ගලයන්ගේ රැකියා සඳහාද දැඩි බලපෑම් එල්ලවී තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධායන කටයුතු වලට යොමුවීම නිසා අවම වශයෙන් දින 14 ක කාලයක් එම පිරිස් වෙත තම රැකියා සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.
එහිදී ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන සහ අර්ධ කාලීන සේවකයින්ට එම කාලය තම අසනීප නිවාඩු (Sick leave) හෝ වාර්ෂික නිවාඩු (Annual Leave) වලින් හිලව් කරගත හැකිය.

නමුත් අනියම් සේවකයින්ට අසනීප නිවාඩු හෝ වාර්ෂික නිවාඩු නොමැති නිසා මෙහිදී ඔවුන්ට බරපතල අසාධාරණයක් ඇතිවන බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් Sally McManus පැවසුවාය.

යම් රියදුරකු කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් අදාළ පුද්ගලයාට දින 14 ක් යනතුරු මුදල් ගෙවන බවට Uber ආයතනය දැනටමත් පොරොන්දු වී තිබේ.
Coronavirus
ACTU secretary Sally McManus Source: AAP

රැකියා අවදානම සහ එදිනෙදා වියදම්

කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ට මෙන්ම අනෙකුත් සේවකයින්ට සිදුවන බලපෑම පිළිබඳ සලකා බලන ලෙස මධ්‍යම රජයට මේ වන විටත් ඉල්ලීම් රාශියක් ලැබෙමින් පවතින බවත් ඒවා පිළිබඳ සලකා බලා සුදුසු අන්දමින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බවත් වාර්තා වේ.

සේවකයින් පිළිබඳ මෙන්ම සේවා යෝජකයින් පිළිබඳවද මේ මොහොතේ රජය සිතිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

ඊට අමතරව අනියම් හෝ ස්ථිර සෑම සේවකයෙකුගේම රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ මධ්‍යම රජය මෙවේලෙහි වැඩි සැලකිල්ලක් දක්වන බව ද ඔහු පැවසීය.
කෙසේවෙතත්, අනියම් සේවකයකු හට කොරෝනා වයිරසය නිසා ස්වයං නිරෝධායනය වීමට සිදුවුවහොත් අදාළ නිරෝධායන කාලය තුළ එම පුද්ගලයාට ආදායම අහිමිවීමෙන් ඔහුගේ නිවාස කුලිය මෙන්ම අනෙකුත් වියදම් පියවා ගැනීමට නොහැකි වනු ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.

එනිසාම මේ සඳහා ඉකමන් විසඳුමක් ලබා දෙන ලෙසද ඔවුහු රජයට බල කරති.

ඔස්ට්‍රේලියාවේ සිල්ලර, hospitality, සෞඛ්‍ය සහ වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍ර වල මේ වන විට මිලියන 3.3 ක පමණ පිරිසක් අනියම් සේවකයින් ලෙස සේවය කරයි.

නමුත් අසනීපයකදී ඔවුනට කිසිදු ගෙවීමක් හිමි නොවෙයි.

කෙසේවෙතත්, Australian Nursing & Midwifery Federation සංවිධානය ද අනියම් සේවකයින් වෙනුවෙන් මෙම ඉල්ලීමට සහය දක්වයි.

අනියම් පදනම යටතේ සේවය කරන හෙදියන්ට සහ වැඩිහිටි සුරැකුම් සේවකයින්ට විශේෂ නිවාඩු දීමනා ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
Coronavirus
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne, Tom Stayner
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service