ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරන පරිදි අද (10/03) වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය ආසාදිත පිරිස 100 දක්වා ඉහළ ගොස් ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහිදී වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 54 කි.
එමෙන්ම කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියානුවාසීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා
කොරෝනා වයිරසය ප්‍රජා භාෂා පාසල් ඇතුළුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපා ඇති අයුරු දැක්වෙන විස්තර භාෂා කිහිපයකින් එළි දැක්වීමට අපේක්ෂා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනී Sarah Mitchell පවසයි.
ඊයේ (09/03) වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් හත් දෙනෙකු අලුතින් වාර්තා වූ අතර ඊට සිඩ්නි කලාපයේ පාසල් සිසුන් තිදෙනෙකු ද ඇතුළත්.
Dundas නගරයේ පිහිටි St Patrick's Marist විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදනෙකු හට ද Willoughby උසස් කාන්තා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයාවකටද මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අදාළ ශිෂ්‍යයාවගේ මව ඉරාන සම්භවයකින් යුතු වන අතර ඇයටද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
නමුත් ඇය මෑතකදී විදෙස් රටකට සංචාරය කර නැති බවද වාර්තා වේ.
කොරෝනා වයිරසයේ බලපෑම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපාන අයුරු පිළිබඳ සියලු ප්‍රාන්ත වාසීන්ට දැනුවත් කිරීම සඳහා ප්‍රාන්ත රජය සෑම පියවරක්ම ගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනී Sarah Mitchell පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසලක් වසයි
කොරෝනා වයිරසය හේතුවෙන් මෙල්බර්න් කලාපයේ Kew නගරයේ පිහිටි Carey Baptist Grammar විද්‍යාලය අද දිනයේ වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වසා දැමුණු ප්‍රථම පාසල ලෙස මෙය වාර්තා වේ.
Carey Baptist Grammar විද්‍යාලය ආශ්‍රිත ප්‍රජාවේ වැඩිහිටි පුද්ගලයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැල වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
අදාළ වැඩිහිටියා කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කෙරුණු ආසාදිතයෙකු සමග සෘජු සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති Jonathan Walter පවසයි.
මේ සම්බධයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය සාකච්ඡා කරන බව වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු මේ වන විට වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදනය
අද (10/03) පස්වරුව වන විට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස 100 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ මරණ තුනක් වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව කොරෝනා වයිරසය ආසාදනයවූ පිරිස අද (10/03) පස්වරුව වන විට වාර්තා වන්නේ පහත අයුරිනි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 54
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 12
- වික්ටෝරියානු ප්‍රාන්තය - 12
- දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 6
- බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය - 4
- ටස්මේනියා ප්‍රාන්තය - 2
- Diamond Princess cruise ship හි ඔස්ට්‍රේලියානුවන් - 10

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන අසනීප තත්ත්වයේ සිටින සෑම අයෙකුටම මධ්‍යම රජයෙන් පණිවිඩයක්
විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු යම් අසනීප තත්ත්වයකින් පෙළෙයි නම් එම පුද්ගලයන් කොරෝනා වයිරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කරගත යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy පවසයි.
මේ වන විට ලොව රටවල් 106 ක පමණ කොරෝනා ආසාදිතයින් සිටින බවට වාර්තා වන නිසා විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන යම් පුද්ගලයකු හට සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ වැනි රෝගී ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brendan Murphy පවසයි.


